මන්නාරම,තිරුක්කෝවිල් ඒ 32 මාර්ගයේ මාන්තෙයි මංසන්ධිය ආසන්නයේ වු සමූහ මිනීවළෙහි පෙරේදා (07)අටවැනි වැනි දිනටත් සිදුකළ කැණීම වලදී මිනිස් සිරුරු හයකට කොටස් හමූ බව මන්නාරම පොලිසිය පවසයි.
පසුගිය 21 දා සිට කළ කැණීම් වලදී සිරුරු 32 අයත් හිස්කබල් හා අස්ථිකොටස් මේ වන විට සොයාගෙන ඇත.
මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය හා අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩි.එල්.වෛද්‍යරත්න මහතා ඉදිරියේ කැනීම් සිදු විය.
මන්නාරම,මාන්තෙයි මංසන්ධියේ සිට තිරුක්කෝවිල් දක්වා ජලනළ පද්ධතියක් එළමින් සිටි ලැබු සේවකයින් පිරිසකට පසුගිය 20 වැනිදා පළමු වතාවට මිනිස් ඇට කැබිලි හමු විය.
මේ ප්‍රදේශයේ කොටි කඳවුරක් තිබු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොටි මරා දාපු පොලිස් නිල දරුවන්ගේ ඇට සැකිලි වෙන්න බැරිද? (දී)
ලංකාදීපයෙන් රට බේරා ගන්නට මේවා උපයෝගී කරගෙන වැඩපිළිවෙලක් යෙදුවොත් තමා වඩා හොඳ.(නදී)
මානව හිමිකම් නැද්ද? (නදී)
ඇට කටු ගොඩ ගන්න එක ලංකාවේ දැන් පුරුද්දකට ගිහිල්ලා.(නදී)
තව කොච්චර මේ වගේ මිනි වලවල් ඇතිද (දී)
පිල්ලේ නෝනාට කියන්න මේවා බලන්න එන්න කියලා (දී)
මන්නාරමේ පමණක් නොවේ ලංකාවේ කොහේ හෑරුවත් මිනී වලක් සුවර්.(නදී)
අපෝ දැන්ම පිල්ලේ නෝනට එන්න කියන්න එපා. කව්රු කළාද දන්නේ නැහැනේ.(නදී)
කොටින්ගේ මිලේච්චත්වය පෙන්නන තවත් අවස්තාවක් (දී)
නෙවිපිල්ලේටයි, ඩේව්ඩ් කැමරන්ටයි ඇවිත් මේවා බලන්න කියන්න. අපේ රජය පැත්තෙන් මේවා ජාත්‍යන්තරයට පෙන්වා දෙන්න කිසිම ප්‍රභල වැඩ පිලිවෙලක් නැහැ. මෙය එල්.ටී.ටී යට වාසි සහගත දෙයක් උනානම් මෙලහට ලෝකේ ලොකුම රටවල් වල ප්‍රධානම ප්‍රවෘත්තිය බවට පත්වෙලා. අපේ රටට චෝදනා දහස් ගණනක් ඉදිරිපත් කරලා. අපේ රට තාම නිහඩයි. මේක තමයි දෙමල ත්‍රස්තවාදීන්ට තියෙන ලොකුම උදව්ව.(නදී)