අපරාධකරුවකු මිනිත්තු තුනකින් හඳුනා ගැනීමේ නව තාක්ෂණය කුලියාපිටිය දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී අද මුල්වරට හඳුන්වා දෙනු ලැබීය.
කොළඹ ටොරින්ටන් පෙදෙසේ අපරාධකරුවන්ගේ ලේඛනාගාරයේ තොරතුරු ස්වයංක්‍රීයව පොලීසිවලට හා බැංකු වැනි ආයතනවලට ලබා දීමේ ක්‍රමය හඳුන්වා දෙන දකුණු ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි.
මෙම තාක්ෂණය හිමි කැර ගැනීම සඳහා පොලීසියට රුපියල් කෝටියක් වැය වි ඇත.
අපරාධකරුවන් පන්ලක්ෂයකගේ ඇඟිලි සලකුණු පොලීසිය සතුය.
මීට පෙර එවැනි සලකුණක් හඳුනාගැනීමට දෙසතියක් පමණ ගත වයි.
ජපානයෙන් මෙම තාක්ෂණය ලබා ගත්තේ නම් වැය වන මුදල රුපියල් අසු කෝටීයකියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ කරුවන්ගේ ලිස්ට් එකට මහා පරිමාන කුඩු ආනයනය කරන්නන්ගේ නම් එහෙමත් ඇතුලත් කරන්න බැරිද ?(නධී)
හැමදේම ලංකාවේ ක්ෂණික නුඩ්ල්ස් වගේ. ඒ නිසා ඕවා හරියට කරන්න.(නදී)
සුළු දෙයක්නේ දැන් ලංකාවේ සමහර අපරාද වෙන්නත් කලින් අපරාද කාරය කවුද කියල දන්නවනේ (අ)
දැන් තියෙන්නේ ලංකාවේ අවරුදු 18 සම්පුර්ණ වෙන ගැහැණු පිරිමි හැම කෙනෙග්ගේම ඇඟිලි සළකුණු අරගෙන කොම්පියටර් කරන්න .අගය කරන්න ඕන දෙයක් ....ජය වේවා ...ශ්‍රී ලංකා පොලිස් අංශයට .(අ)
අතුරුගිරියේ මිලේනියම් සිටි එකේ රහසිගතව ලැගුම් ගෙන සිටි ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල බුද්ධි අංශයේ නිලධාරියෙක් (මා හිතන අන්දමට නිලාම්) ළඟ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු වසර ගණනාවක් තිස්සේ තිබුනා. ඒ නිලධාරීන් 39 දෙනෙක්වම ඝාතනය කර දමන්න ඉහළම දේශපාලනඥයෙක් එවක ට කටයුතු කළා. ඇඟිලි සළකුණු ලබාගෙන අපරාධ කාරයින් අල්ලන්න යන අයට ශ්‍රී ලංකාවේ නම් අපලයි. (නදී)
චම්පිකාගෙ මොලේ මංඤං වගේ.(නදී)
මෙම තාක්ෂණය මෙන්ම 'රෙටිනා සකෑනින්ග්' තාක්ෂණයද ගුවන් තොටුපලටද ඉතා ඉක්මනින් හඳුන්වාදීමෙන් විදේශගත අපරාධකරුවන් රටට ඇතුල්වීමේදී මෙන්ම අපරාධකරුවන් රටින් පිටවීමෙදීද ඉතා පහසුවෙන් හඳුනාගත හැක. මෙහි ඇති වැදගත්කම පුරා සත් වසරක් තිස්සේ විදේශයක විවිධ ස්ථාන වලදී මම පුද්ගලිකව අත්විඳ ඇත්තෙමි. (නදී)
සමහර වෙලාවට උසාවි වලදී , සැහෙන කල් ගිය නඩු ඔය කියන සලකුණු වාර්තා ලැබී නැත කියා පෝලිමේ කල් දමනවා. ඊලග දිනයේත් එම දෙයමය, බලමු දැන් එය නවතිවිද කියා? (නධී)
ඇති වැඩේ මොකක්ද මේකෙන්. එක ටෙලිපෝන් කෝල් එකෙන් අපරාධකාරයා එළියේ.(නදී)
කෙසෙල් කන් කපපු හොරුන්ගෙයි පොල් කැඩූ හොරුන්ගෙයි ඇඟිලි සලකුණු ටිකනම් තියාගෙන විනාඩි 3න් හොරු අල්ලලා පෙන්නයි. එතකොට ලොකු හොරු.(නදී)
සතුටුදායක පුවතක්. බැංකුවලට සහ මුල්‍ය ආයතනවලට මංකොල්ලකෑම් සඳහා පැමිණෙන තුවක්කුකරුවන්ගේ අවි ආයුධ අක්‍රීය කල හැකි විද්‍යුත් ක්‍රමයක් ගැන තාක්ෂනවේදීන්ගේ සහයෝගය ඇතිව ඉක්මනින් සොයා ගන්න කටයුතු කලොත් අපි කාටත් හොඳයි. වියාපාරිකයින්ට බය නැතුව විකුනන්ටත් පුළුවන්. ලැබෙන මුදල් පොලිස් සුභ සාධනයට සහ නව පර්යේෂණ, සහ ජන ජීවිතයේ යහපත සඳහා නව අත්හදා බැලීම්වලට යොදවන්න පුළුවන්. (නදී)