‘සිංහල දෙරණේ’ ගීතය තුළින් කලා ලොවට පිවිසෙන මනෝජ් වරුෂවිතාරණ ඔහුගේ කලා දිවිය පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග එකතු වූ මොහොතකි මේ.
“මම මුලින්ම කලාවට සම්බන්ධ වූයේ 2012 වර්ෂයේදී ජාතික රූපවාහිනියේ බී. සිරිතුංග පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ ‘හද රැඳි ගී’ වැඩසටහනේ නිර්මාණ කිහිපයකට දායක වීමෙනි.
එමෙන්ම ස්වර්ණවාහිනියේ විකාශනය වූ නාලක විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘Face book’ ටෙලි නාට්‍යයේද ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ ‘මායා පටල’ නාට්‍යයේද රංගනයෙන් දායක වී තිබෙනවා. මා විසින් විශාරද නිහාල් ගම්හේවා මහතාගෙන් හා සරත් වික්‍රම මහතාගෙන් සංගීතය හදාරා තිබෙනවා. මෙම ගීතය සිංහල ජාතිය ගැන කියවෙන ගීතයක් වන අතර, එහි පද රචනය මා විසින් සිදුකරන ලද අතර මෙහි තනුව හා සංගීතය ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා විසින් නිර්මාණය කළේ. මෙම ගීතය නිර්මාණය කිරීමේදී මට ගුරුහරුකම් දුන් එතුමා ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එසේම ශබ්දාගාර කටයුතු හා පටිගත කිරීමේ කටයුතු කිරීමේදී මට උදව් කළ ජගත් වික්‍රමසිංහ මහතාවද ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.
මම ඉදිරියේදීත් තවත් නවතම ගීත එළිදැක්වීමට බලාපොරොත්තු වන අතර, ටෙලිනාට්‍යවල හා චිත්‍රපටවල රංගනයෙන් දායක වීමට බලාපොරොත්තු වනවා. මගේ ගීතය www.music.lk තුළින් ශ්‍රවණය කළ හැකියාව තිබෙනවා. දැනට මා ප්‍රසංග වේදිකාවල ගී ගැයීමද සිදුකරනවා.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd