හෝමාගම පොලීසිය ඉදිරිපිට අතහැර ගොස් දමා සිටි කුඩා දැරියන් දෙදෙනෙක් හෝමාගම පොලීසිය විසින් අද (19) සොයාගනු ලැබුහ.
ගයනී සංජානා (08) සහ නවාංජා රුක්ෂානි (05) නැමැති හෝමාගම ප්‍රසන්නපුර ප්‍රදේශයේ පදිංචි සිටි සහෝදරියන් දෙදෙනා ඔවුන්ගේ පියා විසින් එහි අතරමං කරන්නට ඇතැයි කියයි.කඩේට ගිහින් එන බව පවසමින් පියා (53) ඔවුන් අතහැර ගොස් ඇත.
පියා කොළඹ ඇස් රෝහලේ සේවය කරන බවත් බිරිය දින කිහිපයකට පෙර නිවසින් පිටවී ගිය හෙයින් දරුවන්ද සමග රැකියාවට යෑමට නොහැකි නිසා දරුවන් පොලිසිය ළග දමා යන්නට ඇති බවත් පොලීසිය පවසයි.
වයස අවුරුදු අටේ දැරිය පිටිපන ප්‍රදේශයේ පැසලක තෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
පියා විසින් දැරියන් අතහැර යන අවස්ථාවේදි මවගේ දුරකතන අංක ලියු කොළයක් සහ කුඩා දැරිය පාසලකට ඇතුළු කිරීම සඳහා අවශ්‍ය අයදුම්පතක්ද දැරියන් අත තබා ගොස් තිබු බවත් එම දුරකතන අංකයෙන් මව (32) ඇමැතු අවස්ථාවේදී ඇය කුරුණෑගල ප්‍රදේශයේ සිට අද (19) පස්වරුවේ පොලීසියට පැමිණියාය.
පියා සොයාගැනීමට නැත. දැරියන් දෙදෙනා මව හෝමාගම උසාවියට ඉදිරිපත් කැර දැරියන්ගේ භාරකාරත්වය ගැන තීරණයක් ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳ අතහැර ගිය නිසා දරු දෙදෙනාත් එක්ක සැමියා සියදිවි හානි කරගනී කියන ප්‍රවෘත්තිය දකින්න නොලැබුන එකට සතුටුයි. (නි)
කමක් නැහැ දෙන්න හොදින් ඉන්නවනේ.(නධී)
මේ අම්මට මොළයේ කලන්තය හැදිලාවද්ද මෙහෙම දෙයක් කළේ? (නි)
අර අහවල් මන්දිරය ලගින් බැස්සුවා නම් හරිනේ (නි)
අම්මගේ සහ ත්ත්තගේ වයස පරතය බලන කොට කිසිම ගැලපීමක් නැහැ, මොකට බැන්දද මන්දා,(නදී)
ධර්මය අමතක කරන්න , තමාගේ ගේ යුතුකම් සහ වගකීම් ඉටු කරන්න . නීතිය තුල ජීවත්වන්න උත්සාහ කරන්න. ධර්මය ගැන කතාකරන්න අපි තව බොහෝ දුර යායුතුය. (නි)
රූපවති ආත්තම්මේ, ඒ දරුවන්ගේ අම්මා ඔයාගේ නංගී කියලා තමයි දැනගන්න තියෙන්නේ (නි)
අම්මා නැති කලට අප්පා කවර කලේ? (නි)
දෙමව්පියන්ගේ වරදින් අහිංසක දරුවෝ තමයි දුක් විදින්නේ. ළමා ආරක්ෂණ අධිකාරියේ මුලිකත්වයෙන් ගම් මට්ටමින් මේ වගේ දේවල් පිළිබදව මවුපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් ටිකක් හරි මේවා අඩුකරගන්න පුළුවන් වේවි. (නි)
තව තව දරුවෝ හදන්න, අර කියන පන්සලෙන් කන්න දෙයි. (නි)
දරුවන් අතරමන් කරන මේ වගේ දෙමව්පියන්ට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ. ආයේ මේ වාගේ වැඩ නොකරන්න (නි)
මේ වගේ මිනිහෙක් ආණ්ඩුවේ රස්සාවක් කොහොම කරනවද කියලා හිතාගන්නත් බැහැ. දරුවෝ නඩත්තු කරන්න බැරිනම් පොලිසියට එක්ක ගිහින් තමන්ගේ බැරිකම නිසි පරිදි කියලා පොතේ ලියලා උසාවිය මගින් ළමා නිවාසයකට බාර දෙන්න තිබුන නේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාගෙන් ඇහුවා නම් කියා දෙනවනේ. (එක අතකට බැලුවාම පොලිසියට තමයි බාරදීල තියෙන්නේ, වැරදි විදිහට වුනත්) (නි)
ආර තාත්තගෙන් තමයි අහන්න ඕනෑ! (නි)
මට නම් පෙනෙන්නේ අම්මව ගෙදර ගෙන්වා ගන්න තාත්තා කරපු උප්පරවැට්ටියක්. පොලිසිය ගාව තියලා හොරෙන් බලා ඉන්නත් ඇති. වෙන ගන්න පියවරක් නැති නිසා ළමයි ලිදට දාන්නේ නැතුව මේ ගත් පියවර හොදයි. (නි)
අනේ දෙවියනේ මේ අම්මා! දරු දෙන්නගේ බාරකාරිත්වය ලබාගන්න කටයුතු කරන්නට සිත එකග වේවා...! කොහොම කිවුවත් ළමා නිවාස වල විදින දුක් ගැහැට වලට වඩා අම්මා සෙනෙහසින් උයො දෙන ලුණු කැද ටික රසයි...!! (නි)
නිහාල්, ඒ හින්දා තමා අම්මා දාලා ගහින් තියෙන්නේ, වයස් පරතරය අඩුගානේ අවරුදු 4ක් වත් තිබිය යුතුයි (නි)
මේ මිනිස්සු මේ තත්වෙට පත්වෙන්නේ මේ සමාජ ක්‍රමයේ තියෙන අසමතුලිත ජීවන මට්ටම හා බැඳුනු දරිද්‍රතාවය කියන අනුවේදනීය කාරනා නිසා (නි)
අම්මල සහ තාත්තලගේ ප්‍රශ්න නිසා දුක් විදින්නේ අසරණ දරු පැටවු ඉන් පසු රටේ ඉන්න වනචරයන්ගෙන් මේ දරුවන් වැනසෙනවා (අ)
පුංචි දවස්වල නින්දට යද්දී පීතු පාදන් නමා මහං කියලා, වැන්ද දෙපා යලි අදත් වදින්නම් පවසම් අප හට මහා මග දමා අපව ගියේ මොකද කියලා (නි)
ඔතන වයසේ වැරැද්දක් නැහැ. තියෙන්නේ නැහැදිච්චකමයි (නි)
එක පැත්තකින් මට සතුටුයි දරුවන්ට මොකුත් අනතුරක් කරන්නේ නැතුව පොලිසියට දාලා ගිය එක ගැන. නැවත මොවුන් දෙමාපියන්ට බාර දෙන්න එපා. (නි)
මේ තාත්තා කරන්න දෙයක් නැතුව මේ වැඩේ කරලා තියන්නේ. වැරදියි තමා. ඒත් දුප්පත්කම නිසා වෙන කරන්න දෙයක් නැහැනේ (නි)
මුන් මිනිස්සුද? තිරිසන්නුද? (නි)
කරුණාකර මේ සිදුවීමට හේතු උන කරුණු හොඳ හැටි හොයා බලා අපට දැනගන්ඩ පුවත් පත් මගින් දන්වන්න. මෙය සානුකම්පිතව බැලිය යුතු ප්‍රශ්නයක් හැටිටයි මා දකින්නේ.(අ)
පුත්තුම තුන්දෙනෙක් මට ඉන්නවා. එපානම් අපි මේ දරුවෝ භාරගෙන හදා ගන්නම් දෙන්න. (නි)
අනේ මෙහෙමත් අම්මලා තාත්තලා... (නි)
එතකොට මේ මනුස්සයා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? හොද දඩුවමක් දෙන්න ඕනෑ (වැඩක් නැහැ කිව්වට කරන්නේ නැහැනේ ) (නි)
මොන තරම් තිරිසන්නුද අපේ රටේ ඉන්නේ? (නි)
ලංකාවේ ජීවත් වෙන පවුලක් ගැනද මේ කියන්නේ. මට නම් හිතාගන්න බැහැ. අපේ ආදරණීය රටේ මේ වගේ හිතක් පපුවක් නැති මිනිස්සු ජීවත් වෙනවද කියලා.මේකට එක එක්කෙනාට ඕනෑ තරම් කතා කියන්න පුළුවන්. දුප්පත්කම නිසාවත්, වෙන කිසිම ප්‍රශ්නයකටවත් මේ අහිංසක දරුවන් පලි නැහැ.වනේ වන සතුන් පවා තම පැටවුන්ට ආදරය දක්වනවා.තිරිසන් සතුන්ටත් වඩා පහත් තැනට වැටුන මේ හදවතක් නැති ජීවීන් දෙදෙනාට කිසිම දවසක හොදක් නම් වෙන්නේ නැහැ. (නි)
ධර්ම රාජ්‍යයේ මිනිසුන්ට කුමක් සිදුවීද? මිනිසුන් ලග ධර්මය නැතිවීමේ විපාක අපි අද විදිනවා,දකිනවා. මේ සියල්ල රටට ධර්මය කිවයුතු අය ඒවා අමතක කර වෙනත් වැඩ කිරීම හා ඔවුන් ධර්මය, ගුණදහම් නොදැනීම හැර අන් කවරක්ද? සිංහල ජාතිය, නිර්මල දහම වඳවීම අප කෙලෙස බලහිදිමුද තවදුරටත්? (නදී)
මේවා අහස මහා පොලොව නුහුලන අපරාධ (නි)
අනේ පවු! (නි)
මෙහෙම අය නිසා අහිංසක දරු පැටව් මහපාරේ...මොවුන්ට මොන අපායක් හිමි වේවිද?ඕවට මොකක්ද විසඳුම, අම්මා ගියානම් දරු දෙන්න කොහොම හරි හදාගන්න බැරි තාත්ත මොකාද? හොඳ මිනිහෙක් නම් දුප්පත් වුණත් දරු දෙන්නෙක් වැඩි නැහැ.දරුවෝ මග දාලා යන්නේ හිත උණුවීමක් නැති අය.කොහොමද හිතකින් ගැණු දරුවෝ දෙන්නෙක් මග තියලා යන්නේ? (නි)
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී... ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එලිය වුනි... රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි... පිය සෙනෙහසට කව ගී ලියවුනා මදි... (අනේ මේ ගී වලටත් අපහාස කරන දෙමාපියෝ) (නි)
මෙන්න මේ අයගේ වැඩ.පව් දරු දෙන්නා. (නි)