නොවැම්බර් 15 වැනි දා ශ්‍රි ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට ඉන්දිය අගමැති ආචාර්ය මන් මෝහන් සිං නොයෙන බවත් විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් නියෝජිත පිරිස මෙහෙයවන බවත් ඉන්දියාවෙන් ලැබුණු අලුත් ආරංචි කියයි. ඉන්දීය උප ජනාධිපති හා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන මොහොමඩ් අන්සාරි, මන්මෝහන් සිං වෙනුවට පැමිණීමට නියමිතව සිටියත් ඔහු ද නොයන බව නවදිල්ලි ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවනම් වෙන්නේ තවත් වටයකින් රටේ බදු මිල දෙගුණ තෙගුණ වෙලා අපිට වහ කන්නයි සිද්ද වෙන්නේ. ප්‍රතිරුඋපය නංවන්න ගිහින් (අ)
රධ. ලංකාව ඇතුලේ දාන සෙල්ලම් ලෝකයත් එක්ක දාන්න බෑ නේද?ලංකාව ඇතුලේ නම් හොදින් බැරිනම් නරකින්,නැතිනම් සල්ලි වලින්.(අ)
අනේ මේ අපි අපේ වැඩක් බලාගමුද (අ)
ඉන්දියාව ගණන් ගන්නේ නැතුව හිටියම ඉවරයිනේ. අපේ ශ්‍රී ලංකා බලය පෙන්වමු. ඒකට අපි සියලු ජාතින් එකමුතු වෙලා වැඩ කරමු. ජය ශ්‍රී ,ජය ශ්‍රී,ජය ශ්‍රී.(නදී)
මගේ ඉන්දියන් යාලුවෙක් ගිය සතියේ පුහුණු පාඨමලාවකට චීනෙට ගිහින් අවා.චීනේ එන්ගිනීරුවෝ කතා වෙන්නේ ලංකාවේ සින්නක්කරයටම එදම් චීනෙට විකිණීම ගැනයි.එදිරියේදී ලංකාව චීනේ යටත් විජිතයක් වීම ගැනයි.මගේ යාළුවා මගෙන් අහනවා ඔබලාගේ රටේ පාලකයෝ රට ගැන හිතන්නේ නැද්ද කියල.හ(අ)
හරූන් අන්සාර් ණය පිට ණයවෙලා ජනතාවගේ බදුමුදල් නාස්ති කරන මේ ෂෝ එකට හොද ප්‍රතිචාරයක්!
කෝට් ප්‍රකෝටි මහජන මුදල් වලින් ගෙන්වල ගාල් කරලා තියෙන බෙන්ස් කාර් 500 ට මොකක්ද ඇත්තටම සිද්ද වෙන්නේ. (නදී)
ප්‍රදීප්, අපරාදේ ලෝකෙට දස අතේ නය වෙලා ගෙදර ළමයි ටික බඩගින්නේ තියල ලොකුවට මගුල් කන්න හිතාගෙන ගත්ත මගුලටත් මනමාලය එන්නේ නැහැ. මනමාලයා නැතුව කරන මගුල මොකක්ද?දැන් ඉතින් මොනවා කරන්නද නොකා නොබී බඩගින්නේ ඉදල දරුවනේ ඔය ණය ගෙවා දමමු.(නදී)
කෝටි ගානක් වියදම් කරලා ජයටම මගුල් කන්න සියලුම දේවල් සුදානම් කරලා තියෙද්දී මනමාලයා එන්නේ නැහැ කිව්වම මොකක්ද සිද්දවෙන්නේ. (නදී)
අන්තර්ජාලයේ නම් ෆොටෝ සහිතවම පෙන්නුවා. මහජන මුදල් කෝටි ප්‍ර කෝටි මුදලින් ගෙන්වලා තියෙන කාර් කන්දරාව. අනේ අපොයි කියලා හිතෙනවා.(නදී)
රජවරු පෙර කාලේ බාලයන් කියල කොටසක් වෙන් කලා පෙර රජවරු මනසින් දියුණු අය. ඒවා කලේ එම අයව ඉතා හොදින් අවබෝද කරගෙන මනමොහංසිංග් කියන්නේ ඉන්දියාවේ ඉපදුන බාලයෙක් එය දැන් පැහැදිලියි. (නදි)
ඉංදියාව නම් අපිට වැඩක්ම නැහැ. එයාලගෙන් අපි ගන්න බඩු ටික අඩුකර ගත්තානම් නම් ඔය උඩගු කම යනවා.(නදී)
ඉන්දියාව අපට ඉතිහාසේ බොහෝ දෙය ලබා දීල තියෙනවා. බුදු දහම , කලාව වගේ දේවල් . ඒ උන පලියටම අපි අපේ ලොකු අයියගේ පාර්ට් වලට යට වෙන්න ඕනද. (නදී)
මගේ නම දාල කොමෙන්ට්ස් දාන යට කියන්නේ , ඒ මතයේ නොවෙයි මම ඉන්නේ. ඉන්දියාව අපිට ගොඩක් දේ ලබා දීල තියෙනවා. බුදු දහම , කලාව වගේ දේවල්. ඒ උන පලියට අපිට දැන් කරන හැම කෙනිහිලි කමක්ම ඉවසන්නද කියන්නේ. අගමැති එන්නේ නෙත්නම් මොකක්ද තියන ප්‍රශ්නේ. මෙතන පුද්ගලයෙක් වටින්නේ නැහැනේ. විදේශ ඇමති එනවා ඉන්දියාව නියෝජනය කරන්න. තමිල් නාඩුව සනසන්න කරන බොරු චුන්.(නදී)
අනේ මන්දා,ඇයි අපට තේරුම් ගන්න බැරි ඉන්දියන් අගමැති පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවටත් සහභාගී නොවූ බව.එය පැවතියේ ඕස්ට්‍රේලියාවේ. එයට ගියේ නාම මාත්‍රික උප ජනාධිපති පමණයි.මේකට විදේශ ඇමති හරි එනවා. පීඩනය අපට නොවේ,එයාලටයි (නි)
ලංකාවේ මිනිස්සු විදියට අපිට තියෙන්නේ ඉන්දියාව සහභාගි වෙන්නේ නැති නම් අපි සමුළුව තියාගන්නවා කියලා මෝඩ ආතල් ගන්න එක නෙවෙයි. මේ වගේ දේවල් වෙන්න හේතු මොනවද කියලා තේරුම් අරගෙන මානව අයිතිවාසිකම් සුරකින අන් අයට ගරු කරන සමාජයක් ගොඩ නගන මාර්ගයකට සහයෝගය දක්වන එකට. මමත් දැන් අවුරුදු දහයක විතර ඉඳන් ඉන්නේ ඉන්දියන් අය ගොඩක් ඉන්න රටක. ඒ අය අතරෙත් අනිත් අය ගැන තකන්නේ නැති මින්ස්සු ගොඩක් ඉන්නවා, ලංකාවේ අය අතර නරක අය ඉන්නවා වගේම. හොඳින් බැලුවොත් තේරුම් ගන්න පුලුවන් නරක ලාංකිකයෙකුට වඩා හොඳ ඉන්දියානුවෙක් නරක නැති බව.(නදී)
එදිරියේදී පෙට්‍රල්,ඩීසල්,ගෑස්,සියලුම කන බොන දේවල් වැඩි වෙනවා.දුප්පත් එකාට දරුවන් ගමග ගගට මුහුදට පැනලා ජීවිත විනාශ කර ගන්න වැඩ සිද්ධ වෙනවා.රටේ වාසනාව. (නි)
සුරංගි - බලන්න ගියාම කොන්ද පන නැත්තේ ඔයාලට. මොකද අපේ රටේ ප්‍රශ්නය තිබෙනවා නම් රට හැරලා යනවද? මේකට තමා කියන්නේ නිවට කම කියලා. මම කටාර් ආවේ රටේ ප්‍රශ්න නිසා නොවේ මගේ ආර්ථික ප්‍රශ්න නිසා. මේ වගේ රටකට අවිල්ලා හොද රැකියාවක් කරන්න වාසනාව ලැබුනෙත් මගේ රටෙන් මට ලැබුන නිදහස් අධයාපනය නිසා. ආණ්ඩුවක් අද තිබිල හෙට වෙනස් වෙන්න පුළුවන් නමුත් අපිට රටට විරුද්ධ සිදුවෙන දේවල් දෙස බලා දේශපාලන උවමනා මත සතුටුවෙන්න බැහැනේ. (නදී)
මම වසර හතක පමණ කාලයක් දකුණු ඉන්දියානුවන් සමග වැඩ කර ඇත්තෙමි. ඊට අමතරව තවත් රටවල් දහයක පමණ ජාතීන් සමගද එකට රැකියාව කර ඇත්තෙමි. දකුණු ඉන්දියානුවන් තරම් අනෙක් අයට පහත් ලෙස සළකන, ශීලාචාරකම් නොදන්න, පිරිසිදුකම් ගැන නොදන්න, පිරිසක් කිසිම ජාතියක මම දැක නැත. ඔවුන් ඔබට තේ කෝප්පයක් පිළිගැන්වූවහොත් එයට හරියන්නට ඔබට හොරෙන් හෝ ඔබේ යමක් ආපසු ලබා ගනී. උතුරු ඉන්දියානුවන්ද දකුණු ඉන්දියානුවන්ව හඳුන්වන්නේ සර්පයින් ලෙසිනි. (නි)
මන්මෝහන් සින්ට බය ඇති (නි)
ගෆුර්,ඔව් මම දැනටත් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගෙන ඉන්නේ.ඒ මගේ මව්බිමට ආදරය නැති නිසා නොවේ.කොන්ද කෙලින් තියාගෙන ,අවංකව ,ස්වාධීනව තමන්ගේ හැකියාවෙන්,දක්ෂතාවෙන්,ජීවත් වෙන්න පරිසරයක් ලංකාවේ නැති නිසා.රටේ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව සෑම ජනකොටසකට බෙදී නොයන නිසා.නිවටයන්ගේ දෙපා මුල වැද වැටෙන්න බැරි නිසා.ඔබ දකින සාධාරණ ආර්ථික,සමාජීය පරිසරය ලංකාවේ තිබෙනවා නම් ඇයි ඔබ කටාර් වල රැකියාවට ආවේ.මේක තමා හේතුව.ඔබ නොදන්නවාට ඔබල මුලා කරලා තියෙන්නේ ජාතිවාදය මගින්. (නි)
මන්මෝහන් මේදවස්වල චන්දෙට වැඩ එතින් එන්නේ කොහොමද තමිල්නාඩුවේ ජන්ද ටිකට කෙළවෙන නිසා එයා ඇවිත් කොහොමද ජන්ද ටික ගන්නේ ....අයියෝ ජන්ද ටික කියා කියා මේ දවස්වල් පිස්සු වගේලු එයාට....අනේ මන්දා කාටද පිස්සු කියල ,,,,,,,මොකා ආවත් නාවත් සමුළුව එලටම තියෙනවා මගුල් ගෙදරට ආරාදනා කරලා අවේ නැහැ කියල මගුල කැන්සල් කරන්නේ නැහැනේ සමුළුවට ජයවේව(අ)
ලෝක නායකයෝ අපේ රටට පැමිණෙන විට කාර් නොමැතිව අපි දුප්පත් කියා ගොන් කරත්ත ලෑස්ති කර තැබීමට හැකියාවකුත් නැත. මුදල් වැයවෙන නිසා සමුළුව එපා කියමින් නැවත අමුඩය සහ පොරෝ කෙටිය අතට ගෙන පරණ ශිෂ්ටාචාරය දෙසට පිය නැගීමටද බැරිය. මෙය මුදල් නාස්තියක් නොව ලෝකයා සමග අත්වැල් බැඳ ගැනීමක් ලෙස මම දකිමි. සමුළුවේ මුල් බලවතා වන මහා බ්‍රතාන්‍ය රජයේ සහභාගිත්වය අනෙක් සිල්ලටම වඩා වටී. (අ)
ඔව් අපේ ගෙදර සල්ලි ටික හොරකම් කරමින් අපිව බඩගින්නේ තියනවා නම් අපිට අමානුෂික ලෙස වද හිංසා දෙනවා නම් ,හොදින් ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැතිනම් තාත්තට පිටිපානවා තමයි. (අ)
ඉන්දීය මධ්‍යම රජයේ බලය රැඳී ඇත්තේ තමිල් නාඩුවේ මන්ත්‍රී වරුන්ගෙන්.ඔහුන්ට දේශපාලන වශයෙන් විශාල පෙරලියක් කල හැකිය.ඔහුන් අපේ රටේ ප්‍රශ්න වලට වැඩිය ඔහුන්ගේ රටේ දේශපාලන ස්ථාවරය ට මුල් තැන දේ .(අ)
මහත්තයෝ මම සුද්ද සිංහලෙන් කියන්නම් මේ මිනිස්සු ගැන ..මම අවුරුදු ගණනක් ඉන්දියන්සලා ඇසුරු කරනවා .අනිත් ජාතිකයොත ඇසුරු කරනවා .ඒ අතින් බලන කොට පහත්ම ගතිගුණ තියන ජාතියක් .කවදාවත් විස්වාස කරන්න එපා ..කේලන් කියන්න දක්ෂ කොට්ටාසයක් පවු පින් කියල දෙයක් දන්නේ නැහැ ..කන බොන දේවල් වලට වීදුරු කුඩු පවා දල කන්න දෙන ජාරාම ජාතියක් තිරිසන්නු හොදයි .නාන්න පිරිසිදු කමක් ගැන දන්නේ නැහැ .ටිකක් උගත් පිරිසක් ඉන්නේ ගොඔවා ප්‍රදේයේ පමණයි (අ)
මම අවුරුදු 10 කටත් වැඩිය පිට රට සේවය කරනවා. මා ලැබූ අත් දැකීම අනුව ඉන්දියානු ජාතිකයන් ඉතාම කුහක, ආත්මාර්ථකාමී ඉතාම පහත් හා කෘර ගතිගුණ තිබෙන ජාතින් පිරිසක්. දිසානායක මහතා කිවුවා වගේ ගෝවා කියන ප්‍රාන්තයේ විතරයි ටිකක් හරි හොඳ අය ඉන්නේ. මා ඉන්න රටට ඉන්දියාවේ බෙහෙත් වර්ග ගෙන ඒමත් තහනම් ඒවායේ ප්‍රමිතියක් නැති නිසා. අපේ ලංකාවට ඇති තරමක් ප්‍රස්න ඇති කලේ ඉන්දියාවයි.(නදී)
මේක වැඩක් ඇති දෙයක් නෙමේ කියල උන් දන්නවා, අපේ ගොන්නු තමයි උස්සගෙන දඟලන්නේ, අයි චර්ලෙස් එනවනේ. (අ)
ඉන්දියාව අපෙ කලාව හෑදුවෙ නෑහෑ..එගොල්ලො කලෙ අපෙ කලාව නෑති වෙන විදිහට එගොල්ලන්ගෙ කලාව බලෙන් පටවපු එක..ලංකාව ඉන්දියානුකරනය කරන්න උත්සහගත්ත එක..විජය ආපු දවසෙ ඉදන් උනෙ එක..දෑනුත් වෙන්නෙ එක..තවත් ඉන්දියාව පස්සෙ දුවන්න ගියොත් අනාගතෙ ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙලයි නවතින්නෙ..2500ට පෙර හෙල ඉතිහාසය ගවෙශනය කලොත් ලංකාවෙ පරම සතුරා ඉන්දියාව බව වෑටහෙවි...බුදුදහම ඈරෙන්න ලංකාවට ප්‍රයොජනවත් දෙයක් ඉන්දියාවෙන් ලෑබුනෙ නෑ. (අ)
එල කිරි . ඔහොම යන් .(නදී)
ඔය බමුණා ආවත් එකයි නාවත් එකයි .අපි චීනෙට ලන්වෙමු .එදාට මෙයා අපේ පස්සෙන් වැද වැද එයි .(අ)
කෙලියා තාප්පෙට? වැදගත් මිනිස්සු කවුරුත් එන්නේ නැද්ද? අපිට සුවාසිලන්තේ, උගන්ඩාව වගේ රටවල් ඉන්න නිසා අපි බය නැහැ. (නදී)
එන්නේ නැත්තන් ඉන්න කියන්න. බලෙන් ගෙන්වා ගන්නද? එන අයත් එක්ක සාර්ථක සමුළුවක් කරගන්න එක තමයි වෙදගත්. (නදී)
එන්න එපා ලොකු දෙයක්.(නදී)
රටේ කාෂිකර්මය, කර්මාන්ත ශාලා දියුණු කරලා නැති වෙච්ච අපනයන වෙළධ පොල නැවත ගොඩ නැඟුවොත් .ඔය එක එක අයගේ ගෑස් බලන්න ඕනේ නැහැ. ඕක අපේ දේශපාලුවන්ට තේරෙන්නේ නැහැ. නැත්නම් කරන්න ඕන කමක් නැහැ. රට අගාතෙට යන එක තමයි වෙන්නේ.(නදී)
මම බලා හිටියේ පොඩි වැඩකට.කෝ ඒකටත් ඉඩක් නැහැනේ. (නි)
ඉන්දියාව එන නොඑන එක ගැන මොකටද කලබල වෙන්නේ? එනවා නම් ආපු දෙන් නැත්නම් ඔහේ ඉන්ඩ අරින්ඩ. ඔය එන්නේ නෑ කියලා කෑ ගහන අය ආවත් නැතන් මොන භාධක ආවත් අපේ රටේ සමුළුව තියෙනවා. ඒ ගැන පිටරටක ජිවත් වෙන කෙනෙක් වශයෙන් ආඩම්බර වෙනවා! (නදී)
සමහරු කියනවා මෙයා අපේ ලොකු අයියා කියා,අපේ මිනිස්සු තේරුම් ගත හොත් හොදයි මෙයා අපිට කරදරමයි කලේ , දැන්වත් මගේ කුණු බඩු ගන්න එක ගැන සිතා බලන්න.(නදී)
සුවාසිලන්තේ, උගන්ඩාව වගේ රටවල් වල ඉන්න අය අපේ නෑයෝ නමුත් එච්.අයි.වී තියෙනවා.(නදී)
එයා ආවේ නැහැ කියලා අපිට මොකද? (නි)
චිනෙ ඉස්සර කරගෙන සමුළුව තියන්න චීනය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් නෙමෙයි.මේ අදහස් දැක්කම ලංකාවෙ අය ජීවත් වෙන්නෙ චින්නුන්ගෙ පිහිටෙන් චින්නුන්ට අත පාලා කියලා හිතෙනවා. (නි)
කොන්දක් තියෙන අගමැති තුමෙක් , කිව්ව දේ කරනවා. මෙහෙ අය බෙන්ස් ගෙන්නල්ල හොල්ලල පෙන්න නේ හැදුවේ.(නදී)
ඇයි අනිත් අයත් එන්නේ? එයාලටත් එහෙම ඉන්න කියන්නකෝ. බය ඇති මධ්‍යම රජය පෙරලයි කියලා. පව්.(නදී)
කවුරු ආවත් නාවත් අපි සමුළුව තියනවා (නි)
ලොකු අයියා නොවෙයි ඉන්දියාව අපේ පරම සතුරා , එන්න එපා පැත්ත පළාතේ , අංචි අදින්න.(නදී)
කලාපයේ බලවතා ගෙන්වා ගැනීමට තරම් විශ්වාශයක් ගොඩ නගා ගැනීමට අප අපොහොසත් වී සිටින බව තහවුරු වේ. කෝටි ගණන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කර වාහන,මල් වෙඩි ගෙන්වා බාහිර අලංකාරය වැඩි කළාට මේ නායකයන් රවටා ගන්න බැරි බව තේරුම් ගත යුතුය.රටේ ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් ,ඇති කර විනිවිද භාවයෙන් ලෝකයාගේ විස්වාශය දිනා ගත යුතුය.(නදී)
ඉන්දියාව කරගන්න හදන්නේ ලොකු වැරැද්දක්. ඉන්දීය අගමැතිට කොන්ද පන නැතිද? ජයලලිතටයි කරුණානිධිටයි බයේ නේද එන්නේ නැත්තේ? චිනය තමයි අපේ නියම මිතුරා.(නදී)
කවුරු නාවත් කමක් නැහැ ස්වාසිලන්තය,සහ උගන්ඩාව ආවොත් ඒ ඇති. දැන් ක්සිනෝ පටන් ගන්න යන නිසා ස්වාසිලන්තය අපේ කාන්තා කාර්යාංශ සමග ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දියත් කරාවි. එච්.අයි.වී.ඒඩ්ස් වලින් අඩුවකුත් නැහැනේ..(නදී)
අපේ රටේ මිනිස්සුන්ට හොද අවස්තාවක්. මේක තේරුම් අරගෙන අපේ පාලකයෝ ඉන්දියාවෙන් ගෙන්වන සියලුම බඩු ගෙන්වන් එක නතර කලානම් ඉන්දියාවට තේරේවි ශ්‍රිලංකාවේ අගය. ඒ ගැනහිතල එහෙම කරන්න කාලය තමා මේ එක අපේ රටේ පාලකයෝ තේරුම ගන්නවානම් හොදා නේද?..(අ)
ඉන්දියන් අගමැති නැතුව සම්මේලනය කරන්න බැරි කමක් නැහැ. ඒත් කැනඩා අගමැති වගේ නොවෙයි ඉන්දියන් අගමැති නොඑන එක අපට ලැජ්ජාවක්. .(නදී)
සුරංගි,ඔබ ජීවත්වන රටේ තුන්වෙනි පන්තියේ පුරවැසියෙක්ද?අපි නම් හෙළයේ දරුවෝ. (නදී)
එන්ට එපා අයියා..එන්ට එපා අයියා..එපා..එපා..අපට අපේ වැඩ බලා ගන්ට පුළුවනි. එන්ට එපා.(නදී)
ලෝකෙට දස අතේ නය වෙලා ,ණය වෙලා කරන මේ මගුලෙන් වෙන්නේ අපිට තව තවත් ණය බර පටවන එක විතරයි. දඹර අමිල හාමුදුරුවෝ කීවක් මෙන් කවදාහරි දවසක සියදොරිසලා බුදු වෙනකල් අපිට මේ ණය ගෙවන්න වෙනවා. අන්තිමට වෙන්නේ මන් මෝහනුත් එන්නේ නැතිනම් කන්දකට තටමලා කෙන්දක් එලියට දාන්න තමා. දැන්වත් අපි බොරු කය්වාරු දේශප්‍රේමී කතා නවත්වලා ,අපිට ලෝකය සලකන ආකාරය තේරුම් ගෙන වැරදි නිවැරදි කර ගත යුතුය.(නදී)
අපරාදේ ලෝකෙට දස අතේ නය වෙලා ගෙදර ළමයි ටික බඩගින්නේ තියල ලොකුවට මගුල් කන්න හිතාගෙන ගත්ත මගුලටත් මනමාලය එන්නේ නැහැ.මනමාලයා නැතුව කරන මගුල මොකක්ද?දැන් ඉතින් මොනවා කරන්නද නොකා නොබී බඩගින්නේ ඉදල දරුවනේ ඔය ණය ගෙවා දමමු.(අ)
ඔය පුද්ගලයා අපේ රටට නොඑන්නේ ලැජ්ජාව නිසා.නොයෙකුත් ආකාරයෙන් අපේ රටට විනකරන ඔය ඉන්දියන් කාරයන්ට අනෙකුත් රාජ්‍ය නායකයන් ඉදිරියේ අපේ රටේ නායකයාගේ මූණ බලන්න අමාරු ඇති. ත්‍රස්තයව විනාශ කරලා දැම්ම නිසා ඔය උදවියට බොහොම අමාරුයි.ජාත්‍යන්තරව කටයුතු කරද්දී බුද්ධිමත්ව ක්‍රියා කලයුතු උවත් ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කරන දේ ක්‍රමානුකූලව අඩුකිරීමෙන් ඒ අයට දැනෙන දෙයක් අපිට කරන්න පුළුවන්. (අ)
ණය පිට ණයවෙලා ජනතාවගේ බදුමුදල් නාස්ති කරන මේ ෂෝ එකට හොද ප්‍රතිචාරයක්! (අ)
ණය පිට ණයවෙලා ජනතාවගේ බදුමුදල් නාස්ති කරන මේ ෂෝ එකට හොද ප්‍රතිචාරයක්! (අ)
ඉන්දියාවේ අගමැති පස්සේ මෙපමණ මොකට යනවද... එන්නේ නැතිනම් ඉන්න කියන්න හැබැයි මෙහෙට එන්න එයට ඉඩ නොදෙන තමිල්නාඩුවේ කට්ටිය මතක තියාගන්න ඕනේ එයාලට මීට පස්සේ අපේරටේ දේවල් ගැන කතාකරන්න අයිතියක් නෑ මොකද එයාලට සම්බන්ද කව්රුත් මෙහි නැති නිසානේ එයාලට මෙහි එන එක වැදගත් නොවන්නේ. (අ)
රජිවට වුණ දේ මතකද? බය ඇති ලංකාවට එන්න.ලංකාවට නාවට කමක් නැහැ (නි)
ඉන්දියානු අධිරදයේ අදිරාජයා එන්නේ නැතිලු. ඉන්දියානු මැක්කෝ සුද්දා ගිය ගිය තැන ගියා. එක තමයි මේ ඔක්කොටම හේතුව. (අ)
විශ්වාශය නිදන් කෙරුව සිතක් බිදුණු පසු..කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු..අගවිනිසුරුතුමියට සාධාරණය ඉටුකරන්න,මානව හිමිකම් වලට ගරු කරන්න.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න,විස්වාශය යලි ගොඩනග ගැනීමට උත්සහ වන්න. (අ)
ලංකාව ඇතුලේ දාන සෙල්ලම් ලෝකයත් එක්ක දාන්න බෑ නේද?ලංකාව ඇතුලේ නම් හොදින් බැරිනම් නරකින්,නැතිනම් සල්ලි වලින්. (අ)
ඉන්දියාව දිගටම ඔහාම දේවල් කරොත් ලංකාව චීනේ දෙසට තව තවත් ගමන් කරනවා...ඉන්දියාවඒකට කැමති වෙන්නේනෑ (අ)
මම හැමදාම ඵස්රුල් ගෆුර් කටාර් මහත්මාගේ අදහස් අගය කලා. ඔහු හොද මධ්‍යස්ථ මත දාරියෙක්.(නදී)
අන්න හොදයි. පින් සිද්ධ වෙනවා, මිනිස්සුන්ගේ සීනි කිලෝ 1ක් නගින ගණන සතයකින් හරි නැවැත්තුවාට. (නි)
වින්නේශ්වරන්ගේ බලාපොරොත්තු සුන් වුනා. කට ඇරගන බලාගෙන හිටියනේ.(නදී)
අය්යෝ අපි ඉවරයි .(නදී)
අලිමුදීන් -දෝහා, ඒ ඉන්දියන් මිතුරා ඔබගේ අවංක මිතුරෙකු නොවේ. ඔබගේ හතුරෙකි. ප්‍රවේශම් වෙන්න. ඔවුන්ව විශ්වාස කරන්න එපා. (නි)
සමුළුවට සහභාගී නොවුනට කමක් නැහැ.කෝටි ගණනක් වියදම් කරලා පාට පාට ගල් අතුරු පොලොව,දෙකෝටි හතළිස් ලක්ෂයක් වියදම් කරලා ගෙන්වපු මල් වෙඩි,සුදු යකඩ වැටවල්,එස් 500 බෙන්ස් කාර් ,මේවා ටික බලල යන්න.මොකද මේවා මීට පෙර ඔබල දැකලා නැතුව ඇතිනේ.(නදී)
රෝහණ සහ දිසානායක ඉන්දියන්කාරයන් ගැන බොහෝ දේ කියා ඇත. ඒ දේවල් 100% ඇත්තය. මාගේ ජීවිතයේදී මා දැකපු ආත්මාර්ථකාමී,කුහකම, ජාතිකයන් ඉන්දියානුවන්ය. බොහෝ රටවල් වල අය ඉන්දියානුවන්ට කැමති නැත. (නි)
2009 දී අපි ඉන්දියානු ත්‍රස්තයින් අතුගාලා දැම්මා. ඉතින් එන්නේ කොහොමද? (නි)
සමුළු වලට මුදල් විනාශ කරනවා. බඩු මිල වාහන මිල ඉහල යනවා. (නදී)
බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය හැදුවේ ඉන්දියානු කුලී බටයෝ හා කුලීකාරයින්ගෙන්. ඉන්දියාව හැදුවේ බ්‍රිතාන්‍යයෝ.ජර්මනිය සහ ජපානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විනාශ කළා.අද එහි තියෙන්නේ ඉන්දියානු අධිරාජ්‍යයක්.මොරසියස්,සහ පීජි වලත් වැඩිය ඉන්නේ ඉන්දියානුවෝ.සුද්දෝ ගිය හැමතැනම ඔවුන් ගෙනගියා. (නි)
වෙන කවුරු පැමිණියත් වටිනාකමක් නැහැ කලාපීය බලවතා නො මැතිව. කිසියම් රටක් ලෝක සම්මුතීන් උල්ලංඝනය කරමින් ,ප්‍රජාතන්ත්‍රවාදී මුල ධර්ම වලට පටහැනිව අන් අයට කන් නොදී කටයුතු කරන්නේ නම් ඒ රට "බෝයි කෝට්"කිරීම වරදක් නැත..(නදී)
මමත් ඉන්දියාවේ දිල්ලි වල අවුරුදු අවුරුදු 10ක් හිටියා.මට හිතාගන්ඩ බැරි අපි මොකද මෙතරම් මන මෝහන් ගේ පස්සෙන් යන්නේ කියලා. මේ ගොල්ලෝ කවදාවත් හදවතින් අපිට උදවු කරන අය නොවෙයි. ඉන්දියාව තරම් සෙල්ෆිෂ් ජාතියක් ලොව කොහෙවත් නැත. මේ ගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්න එක තමා හොඳ.(නදී)
සුරංගි,ඔයා අපිට අයිති නැහැ. ඔයා අපේ රටේ පුරවැසියෙක් නොවෙයි. එනිසා ඔයාගේ වැඩක් බලාගන්න.ඔයා ඉන්න රටේ තුන්වැනි පුරවැසියෙක්ද? (නි)
අප ඉන්දීය බඩු වර්ජනය කල යුතුය. සම්පුර්ණ බලාගාරය ගිවිසුම අවලංගු කල යුතුය. මෙහි සිටින ඉන්දීය වෙළෙන්දන් පිටුවහල් කල යුතුය.(නදී)
මම කැමැති ඉන්දියාවට . ලංකාවේ ලගම මිතුරෙක්. යම් යම් දේශපාලන හේතුන් නිසා මෙහම දුරස් වන එක ඒ තරම් සුබ මදි . මුස්ලිම් රටක ලං වීම සුබ දායක නැහැ.(නදී)
අයියෝ එන්නේ නැහැලු, මොනා කරලා හරි ගෙන්න ගන්න.(නදී)
කව්රු නාවත් කමක් නැහැ. අපේ මැි ඇමතිවරු 200 ක් ඉන්නවා.(නදී)
සුරංගි ඔබ හරි ! ඔබට ජය !(නදී)
මන් මොහාන් මැතිතුමනි, ඔබ උගත් ,බුද්ධිමත්,අවංක ජන නායකයෙක්. ඒ බව ඔබ ඔබේ දේශපාලන දිවියේ පසක් කොට ඇත. මේ නිසා අසල් වැසි ප්‍රබල රට ලෙස ඔබ මෑතක් වෙන තෙක්ම අප සමග මිතුරුව සිටියත් දැන් එය වෙනස වී ඇත. ඔබලාගේ අවංක භාවය අපේ පොකට්ටුවට බලපාන නිසා කෙමෙන් ඔබ අතහැර අප චීනයට සමීප වුනා. චීනය ඔබ මෙන් නොව අවංක කම පසෙක දමා සෑම කොන්ත්‍රාත් එකකින්ම අපට හොඳට සලකනවා. දැන් අපිට පුළුවන් වුනා බලා ඉදිද්දී පෝසතුන් වෙන්න. ඔබ නාවට කම් නැත. (නදී)
දනුෂ්ක,කවුද මෙතන කිව්වේ චීනය පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක් කියලා?අනේ මන් දන්නේ නැහැ.මේ කට්ටියට සිංහල ඉගෙන ගන්න ඉස්කෝලෙකට අරින්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. සිංහල දැනුම ඒ තරම් ඉහලයි.(නදී)
සුරංගි- ඔයාගේ ඔය පණ්ඩිත ඉංග්‍රීසි අපට ඕනේ නැහැ ඔයා මතක තියාගන්න ඔයා කියන ඔය "බෝයි කෝට්" එසේ නැත්නම් වර්ජනය ඉන්දියාව කරලා තිබෙන්නේ අපේ රටට එරිහිව. ඒ කියන්නේ ඔයාගේ ගෙදර අයට විරුද්ධව කවුරු හරි මොනවා හරි කලොත් එක සාධාරනය් කියල නිකන් ඉන්නවද? එහෙනම් ඔයත් ලංකාව අතහැරලා ගිහින් ඉන්දියාවේ පදිංචි වෙන්න. උස්සල දෙයි පුරවැසිභාවය. (නදී)