තරුණයකු මරා දැමු සෑබෑ ඝාතකයා අත්අඩංගුවට ගන්නැයි කියමින් දඹුල්ලේ වැසියෝ පිරිසක් එම තරුණයාගේ මිනී පෙට්ටිය දඹුල්ල කුරුණෑගල පාරේ තබාගෙන ටයර් පුළුස්සමින් වාහන ගමනා ගමනයද අඩාල කළහ.
දඹලු අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනය අසල පොහොරන් වැව ප්‍රදේශයේ පවත්වන මේ උද්ඝෝෂණය නිසා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල ඔබ හරි ඒ දිනය වැඩි ඇතක නොවේ ඝාතකයා පලාත් සභා එකෙක්ද දන්නෙ නෑ පොලීසිය මෙච්චර බය (අ)
කට කඩෙනකම් කිව්වත් මේ යක්කු කන් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවනේ.එක එකාට ඕන විදියට පාරවල් අවහිර කරන්න දෙනව නම් මොකටද මේ රටේ ආණ්ඩුවක්,පොලිසියක්,හමුදාවක්,නීතියක්,..පාරේ යන එවුන්ට අය්තිවසිකමක් නැද්ද නිදහසේ පාරක යන්න..ඕය සංවිදානය කරන දෙතුන් දෙනෙක් අල්ලලා හිරේ දාල අනෙක් අයට හොද කදුළු ගෑස් පාරක් දීල හතර පස් දෙනෙක්ගේ හතර හන්දි කඩල හරි මේ යන රටාව නතර කරපල්ලා...අපි උබලට ඡන්දෙ දුන්නේ ඒකට ..උද්ගෝෂණ පාර අය්නේ කොරපල්ලකෝ..මොකටද පර මැදට එන්නේ.(අ)
තව ටික කලක් යනකොට මිනිස්සු පොලීසියට එලව එලවා ගහන්න පටන් ගනීවි. මෙයට වගකිව යුතු පොලීසිය නොවුනත් බලය ඇත්තන්ගේ දහජරා වැඩ කරවන්නේ කවුරු හරහාද කියලා ජනතාව දන්න නිසා ඉදිරිය භයානක වේවි. පිළියම් යෙදීම මැනවි. (අ)
මේ ඔක්කොම උද්ගෝෂන නවත්තන්න පුලුවන් පුද්ගලයා තමයි ප්‍රභාකරන්. දැන්කට්ටිය ඔක්කොම පාරට බැහැගෙන නටනවා පහුගිය කාලේ ගෙදර දුවන හදිස්සිය තමයි ඔය කාටත් තබුනෙ ඔය උද්ගෝෂනයකට හතර දෙනෙක් එකතු කරගන්න බැහැ ඒකාලේ. (අ)
කොච්චර අසාධාරණද බලන්න. මේ මරණය මිනීමැරුමක්. ඒ වෙනුවෙන් බාර වෙලා ඉන්නේ ගැහැණු කෙනෙක්.බාර වුණු පලියට මිනී මැරුමක් කළා කියල පිළිගන්නේ නැහැ මම දන්නා විදියට. පරීක්ෂණ වලින් ඔප්පු වෙන්න ඕනෑ ඒක.ගැහැණු කෙනා නෙමෙයි එයාගේ මනුස්සයා මේක කළා කියලා තමයි මේ පාරවල් හරස් කරන්නේ මිනී පෙට්ටි අරන් ඇවිත්. එකක් දෙකක් වෙනකොට බලාගෙන ඉන්නේ නැතුව තද පියවරක් නොගත්ත එකෙන් අපි දැක්කා ග්‍රීස් යකා බිලිගත්ත ජීවිත ප්‍රමාණය. මොකක්ද මේ නිවටකමේ තේරුම? අනිත් මිනිස්සුන්ට අයිතිවාසිකම් නැද්ද? මොවුන්ට පාරවල් ලියලා දුන්නම අපි යන්නේ උඩින්ද? (නි)
පොලිසිය හරියට තමන්ගේ රාජකාරිය කරනවා නම් මෙහෙම මිනිස්සු කරන්නේ නැහැනේ. දැන්වත් පොලිසියේ සහ බලධාරින්ගේ අවදානය යොමුවෙන්න ඕනෑ (නි)
හැබැයි අර අහවලාගේ පුතාට ගහපු එකට පැමිණිල්ලක් නැතුවත් පොලිසියේ ලොක්කෝ වැඩ. මහජනයාට අපේ සහයෝගය. (නි)
මෙසේ නොකර නීතියක් ,සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බව රටේ සැම ජන කොටසකටම පෙනෙනවා. තේරෙනවා. මක් නිසාද වරෙන්තු නිකුත් කළ යකඩ හොරු ප්‍රසිද්ධියේ පෙනී සිටිද්දී පොලිසිය නොදැක්කා සේ ඉන්නවා නම් මේවා ගැන කුමන කතාද ?නීතියේ බිඳ වැටීම සහ පොලිසියේ පක්ෂග්‍රාහී පිළිවෙත නිසා කළයුතු එකම දෙය මෙය බව සැම දෙනාම දනී. (නි)
මිනිසුනේ, ඕනෑ උද්ගෝෂණයක් කළාට කමක් නැහැ මහජන දේපොළ වලට හනිනොකර. ඔය පාරවල් වල ටයර් පිළිස්සු විට පාරවල් විනාශ වෙනවා. නැවත ඕවා හදන්න වැයවෙන්නෙත් අපේම සල්ලි. (නි)
දැන්වත් මොළය පාවිච්චි කරන්න. වැදගත් පුද්ගලයන්ට පමණක් නොව,වැදගත් පක්ෂයකටත් ඡන්දය දෙන්න. (නි)
ඔහොම ගිහින් කරන්නම දෙයක් නැතිවෙනකොට ජනතාව සංවිධානය වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගනීවි. එදාට පොලිසියට කරන්න දෙයක් නැති වේවි. ඊට පෙර මේකට විසඳුමක් දෙන්න බලධාරීන් උනන්දු වුණොත් හොඳයි.දැන් අර නුරි වත්තේ වෙලා තියෙන දේ මුළු රටම දන්නවා නේද? (නි)
මිනීපෙට්ටියත් ඔය පිච්චෙන ගොඩටම දැම්මා නම් හරි (නි)