
(යොහාන් භාසුර)
සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ.
‘රැෆිඩ් ඇන්ටිජන්’ පරීක්‍ෂාවෙන් තමන් ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බව මනෝ ගනේෂන් මහතා අද (17) පස්වරුවේ සමාජ මාධ්‍යයේ පළකර තිබුණි.
මනෝ ගනේෂන් මහතා කොළඹදී ඊයේ පැවැති විරෝධතාවට ද සහභාගී වී නොමැති බවත් පාරිලිමේන්තු සැසිවාරයට ද සහභාගි වී නොමැති බව ඒ මහතාගේ සමීපතමයෙක් පැවසීය.
මනෝ ගනේෂන් මහතා පසුගිය 11 වැනිදා සිට උණ රෝගය වැළදී සිටි බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඡන්දය නොදෙන කෙනෙක් වුවත් මෙතුමා මොළය පාවිච්චි කරලා අනුන්ට ලෙඩ බෝ කරන්නේ නැතුව හැසිරීම ගැන අගය කරන්න ඕන. ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ ජාති වාදී මනුස්සයාට හොද වැඩේ
තව සති 2 ක් යනකොට විරෝධතාවයේ ප්‍රතිපල හොඳටම බලාගන්න පුළුවන් .අම්බරුවෝ ලෙඩ උනාට අපිට දුක නැහැ .එත් මේකෙන් වෙන්නේ නැවතත් එදා වේල සොයාගෙන කන අහිංසකයන්ට බඩගින්නේ ඉන්න වෙන එක .ඒක ගැන තාමා දුක