
(අංජුල මහික වීරරත්න)
නව රජයේ පත් කිරීම් සිදු කිරීමේ දී ඥාති සම්බන්ධතා හෝ හිතවත්කම් සැලකිල්ලට නොගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
ආයතන ගොඩනැගීම වෙනුවෙන් හැකියාව සහ සුදුසුකම් ඇති පුද්ගලයින් එම තනතුරු සඳහා පත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
පෙර පැවති දේශපාලන සංස්කෘතිය තුළ අමාත්‍යවරයා පැමිණියේ අමාත්‍යාංශයට පමණක් බවත්, මින් ඉදිරියට අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන සඳහා අමාත්‍යවරුන් නිරන්තරයෙන් පැමිණෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තරුණයින් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීම උදෙසා වෘත්තීය නිපුණතා මට්ටම ඉහළ නැංවිය යුතු අතර ඒ වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ ආයතන තුළ පොදු වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂ ගාමිණි වික්‍රමපාල මහතා එම ආයතනයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් කාලේ හිතවතුන්ට තනතුරු දුන්නේ ලොක්කා විතරද...? අපරාදේ රවුම් ගැසීමට යන ඉන්ධන වියදම...
ඇත්තද? දැන්ද දැනගත්තේ?
Pj කුණු ඇරෙන්න ලස්සන ධනාත්මක දේවල් නොදකින්නේ පරාජයෙන් මනස විකෘති වෙලාද? පව් ඔයාට හිතෙන දේවල් කවදාවත් වෙන්නේ නැහැ. මේ රජය කවදාවත් වෙනස් කරන්න බැහැ.
සෙනෙවිරත්න කුණු ඇරෙන්න වෙන දේවල් හොඳන්නෙම නැහැ නේද? ඒයියා හලෝ