බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුවාමෝදර ගඟ හරහා කඩොලාන දූව ගම්මානයට යාමට පාලමක් නොමැතිවීම පිළිබඳව මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා මාධ්‍ය මගින් කළ හෙළිදරව්වකින් පසු ශ්‍රී ලංකා යුද හමුදාව රුපියල් කෝටි හත හමාරකට වැඩි මුදලකින් එය ඉදි කළේය.
සරත් සිරිවර්ධන උත්සවයේ ප්‍රධාන අමුත්ත ලෙසද කැඳැවිණි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, යුද හමුදාවේ බටහිර ආඥාපති සුදන්ත රණසිංහ යන මහත්වරු සමග සිරිවර්ධන මහතාද ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්විය.
එම සිහිවටන ඵලකයේ මාධ්‍යවේදී සරත් සිරිවර්ධන ගේ නමද විය. ගම්වාසීන් උත්සවය සංවිධානය කළ අතර එහිදී අදහස් දැක්වූ උපාලි ජයරත්න මහතා කීවේ පාලම සාදා ගැනීමට උපකාර කළ සියලු දෙනාට ස්තූති වන්ත වන බවයි.
වසර 17ක් තිස්සේ තමා පුවත්පත් වාර්තා දහස් ගණනක් ලියා ඇති බවත් 2002 වසරේ සිට මේ පාලම සම්බන්ධයෙන් ඡායාරූප සහිත වාර්තා 27 ක් පළ කළ බවත් ඒවා දැක යුද හමුදාව පාලම සෑදීමට කටයුතු කිරීම ගැන සතුටු වන බවත් සිරිවර්ධන මහතා කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කරනවානම් වැඩ. මගේ ගෞරවාන්විත උපහාරය අපේ යුද හමුදාවට (බ)
මේක හැදුවේ නාමල් රාජපක්ෂ මුදල් ලබා දීලද නැත්නම් යුද හමුදාවේ අරමුදලකින්ද ? (බ)
ඔන්න ඉතින් හොද වැඩක් කරහම එ්කට ගොම බින්දුවක් දාන්න හදනවා (බ)
සරත් සිරිවර්ධන මහතාණෙනි ඔබට මගේ උපහාරය (බ)
ශාන් නාමල් නෙවෙයි. ඔහේගේ කවුරු හරි (බ)
මොනතරම් උතුම් කාර්යයක්ද ඔබ මාධ්‍යවේදියෙක් ලෙස ඉටුකර ඇත්තේ? (නි)
පුද්ගලික කොන්ත්‍රාත්කාරයෙක් කළාට වැඩිය කාලයක් පවතියි. වැඩේ හොඳයි. (නි)
රුවන්, අවුරුදු 10 රට පාලනය කරලත් මේක දැන් හමුදාවෙන් නම් හැදුවේ, ඒකේ සම්පුර්ණ ප්‍රණාමය යන්න ඕනෑ හමුදාවට නොවේද? (නි)
සංවර්ධනය පරිසරය විනාශවීමට හේතුවක් නොවේවා! (නි)
සරත් සිරිවර්ධන මහතා සැබවින්ම ඇගයිය යුතුයි (නි)