ලංකාදීප කලවාන මාධ්‍යවේදී උපේන්ද්‍ර ප්‍රියංකර, පිරිසකගේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
කලවානේ ආපන ශාලාවකදී පහරකෑමට ලක්වී ඇති බවත්, ඔහු බේරී ඇත්තේ පොලිසියට දුවගොස් බවත් පොලිසිය පවසයි.
පහරදීමට පැමිණි සැකකරුවකුගේ නමක් පොලිසියට ලබා දි ඇතිමුත් මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නැත.
කලවාන ප‍්‍රදේශයේ තවත් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු විසින් වෙනත් පුවත්පතක පළකළ කලවාන වැවගම වැලිගොඩ දැමීමක් සම්බන්ධ පුවත මාධ්‍යවේදී උපේන්ද්‍ර පි‍්‍රයංකර විසින් සිදුකලේ යයි පවසමින් මෙසේ පහරදීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදියෝ අපි වගේ මනුෂ්‍යයෝ, හොඳ වැඩ කරන අයත් ඉන්නවා, නරක වැඩ කරන අයත් ඉන්නවා. නරක වැඩ කරන අය ගැන වාර්තා කරන කොට ඉතින් අකමැති අය ඉතින් පහර දෙනවා. (බ)
ගිය ආණ්ඩුව කාලේ වුණා නම් එකතුවෙන්නේ මහින්දගේ නමට (නි)
මාධ්‍යවේදියා කරන්නෙත් රැකියාවත් ඔහුට සම්පුර්ණ නිදහස තියෙන්න ඕනෑ වාර්තාකරණයට මෙවැනි දේවල් හෙළා දිකිනවා (ම)
අනුමානයක් නැහැ, ප්‍රාදේශීය සභාකාරයෙක් කොහෙන්හරි සම්බන්ධ වෙලා ඇති. ඔවුන් කැමති නැහැ හොර ජාවාරම් ගැන මහජනයා දැන ගන්නවට (නි)
මොකටද පොලිසියට දිව්වේ? දැන් කාලේ අපිට නම් හිතිලා තිබෙන්නේ පොලිසියෙන් අපිට කිසිම ආරක්ෂාවක් නැහැ කියලා (නි)