ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කේෂ්ත‍්‍රයේ අය වෙනුවෙන් විශේෂිත වැඩමුථවක් සදහා චීනයට යාමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව චීනයේ ජාතික ප‍්‍රකාශන ප‍්‍රවර්ධන සංගමයේ සභාපති ගාඖ සාඔජින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා හමු වී ප‍්‍රකාශ කළේය.
‘ශී‍්‍ර ලංකාව කියන්නේ සේද මාවතේ ඉතා වැදගත් රටක් - විශේෂයෙන් චීනය පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා දීම අපේ මූලික අරමුණයි. විශේෂයෙන් අප රට තුළ කි‍්‍රයාත්මක කෙරෙන තාක්ෂණික ක‍්‍රමවේද මෙන්ම මුද්‍රණ කර්මාන්තය පිළිබඳවත් දැනුමක් අවබෝධයක් ලබා දීම මෙම සංචාරයේ ප‍්‍රධාන කාර්යභාරය වෙනවා. ‘ යැයිද සාඔජින් කීය.
මෙම අවස්ථාවට බෙයිජින් විදෙස් අධ්‍යාපනික විශ්ව විද්‍යාලයේ නියෝජිතයෝ හා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුත්තෙට්ටුව යන මහත්වරුද එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම මාධ්‍යවේදියකුට ම අවස්ථාවක් ලැබුණොත් හොදයි (ම)
කොළඹට කිරි - ගමට කැකිරි, නොවේවා!.(ම)
මහගු අවස්ථාවක් මෙය.(ම)