ජනමාධ්‍යවේදීන් සඳහා දියගම ඉදිකිරීමට නියමිතව තිබූ නිවාස ව්‍යාපෘතිය අසාර්ථක වූ බවත් එම ව්‍යාපෘතිය වෙනත් තැනක ආරම්භ කිරීමට ඉඩමක් සොයමින් සිටින බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ‘‘ලංකාදීපය“ ට පැවැසීය.
 
ඒ අනුව අවිස්සාවේල්ල හා ඒකල ප්‍රදේශවලින් ඒ සඳහා ඉඩමක් සොයමින් සිටින බව ද ඔහු කීය.