IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාධ්‍යවේදීන්ගේ තේ කෝප්පයත් සිවු ගුණයකින් ඉහළට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුවෙන් සැපයුණු තේ වෙනුවෙන් අය කෙරෙනු මුදල සිවු ගුණයකින් ඉහළ දමා ඇත.

මාධ්‍යවේදීන්ගේ තේ සඳහා මෙතෙක් අය කෙරුණේ රුපියල් 25 ක මුදලකි.මේ අනුව එම මුදල රුපියල් 100ක් දක්වා වැඩි වනු ඇත. මාධ්‍යවේදීන්ගේ තේ වෙනුවෙන් අය කෙරුණු මුදල මෙසේ සිවූගුණයකින් ඉහළ දමා ඇත්තේ පාර්ලිමේන්තු සේවකයන්ට මුළු මාසයටම ආහාර තේ පැන් සහ වෙනත් සියලු පහසුකම් වෙනුවෙන් රුපියල් දහසක පමණ මුදලක් අය කරන අවස්ථාවක වීම විශේෂත්වයකි.

මාධ්‍යවේදීන්ගේ දිවා ආහාර වේලේ මිලද පසුගිය මාසයේ සිට රුපියල් එකසිය පනහක් දක්වා වැඩි කරනු ලැබීය.

 



අදහස් (12)

මාධ්‍යවේදීන්ගේ තේ කෝප්පයත් සිවු ගුණයකින් ඉහළට

තාරක Thursday, 20 October 2022 09:31 AM

පාර්ලිමේන්තු කැන්ටිම නොහොත් දන්සල ගැන දැන්වත් එළි කරන්න. ටික ටික දාන්නේ ඇයි? තේ එකේ ගාණ අපි වැනි සාමාන්‍ය මිනිස්සු කඩේකට ගෙවන ගානට සමාන වුන නිසා නේද? නැත්නම් සද්ද නෑ.

:       0       39

jayaThursday, 20 October 2022 01:43 PM

ටී බෑග් එකක් රුපියල් 5-6 වගේ වෙන්නේ. ගාන වැඩි නං උණුවතුර ඉල්ලා ගෙන හදා ගන්න

:       0       5

Nimal Thursday, 20 October 2022 12:46 PM

මොනතරම් හිඟන්නෝ ටිකක්ද පාර්ලිමේන්තුවේ ඉන්නේ .බලන්නකෝ රජයේ ඉස්පිරිතාලයක කැන්ටිමෙන් ලෙඩෙක්ට කෑමක් එහෙම ගන්න යන වියදම .ලැජ්ජයි උඹ ගැන ඇත්තටම .හිරිකිතයි උඹලාගේ වැඩ

:       0       11

SL Thursday, 20 October 2022 12:48 PM

අපෙන් මැරිලා මැරිලා ගන්න පඩියට වක්‍ර බදු, ඍජු බදු වලින් කොල්ල කාලා , පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටයි , උන් බලන්න යන මාධ්‍යවේදීන්ටයි නොමිලේ කන්න දෙන්නේ මොකටද ? යන වියදමට ලාභයක් එකතු කරලා සියලු දෙන්න. ඔයාලට ආතල් ගන්නයි , අපි මැරිල මැරිලා බදු ගෙවන්නයි දෙකක් බැහැ සරලයි.

:       0       17

himal Thursday, 20 October 2022 12:53 PM

ඒ කියන්නෙ මෙයාලාත් අඩු ගානට කාලා බීලා දැන් ඉහළ දැම්මාම තමයි අරගොල්ලන්ට මෙච්චර දෙනවා කියලා කල්පනා වෙලා තියෙන්නේ.

:       0       17

janaka Thursday, 20 October 2022 01:15 PM

හොඳ වැඩේ දැන් උඹලාවත් එලිකරපල්ලා ඔකුන්ගේ හොර වැඩ

:       0       7

ඇන්-ටී ! Thursday, 20 October 2022 01:27 PM

ෂුවර් එකටම "කසළ" තේ වෙන්න ඇති නේද ඇන්-ටී....!

:       0       3

Bamunuarachchi Thursday, 20 October 2022 02:23 PM

මාද්‍යවේදීන් කියන්නේ අමුතු ජාතියක් නොවෙයි.

:       3       9

බද්රානි Thursday, 20 October 2022 02:35 PM

ඉතාමත්ම හොඳ තීරණයක්.. කෑමට බීමට පෙරේතකමින් එක එකාට මුට්ටි අල්ලමින් පාදඩ ජඩ මඩ වලේ පිනුම් ගහන එවුන්ට ඔහොම වෙලා මදි. ඔය ගාන තව වැඩිකළ යුතුයි!!

:       0       8

SL Thursday, 20 October 2022 02:36 PM

ඈ බොල ජූලියෝ තෝත් රු.25 ට ෂෝට් ඊට්ස් කාලා තේ බ්බීද මෙච්චර කල් ජනතාව වෙනුවෙන් කතා කරේ. අනෙත් එක රු.150ට බත් තියෙන්නේ තොහෙද ජුලියෝ.

:       0       5

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 20 October 2022 04:19 PM

එක එක වරප‍‍්‍රසාද ගැන කිය කියා මහජනතාවගේ මුදල් අවභාවිතා කරනවා. අවසානෙ බදු ගෙවන්නෙ අසරණ අපි. මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද නියමිත මිළ ගෙගෙවන ක්‍රමයක් සැකසිය යුතුයි.

:       0       3

Bamunuarachchi Friday, 21 October 2022 11:46 AM

මාසෙකට රුපියල් 1000 කන්න මාද්‍යකාරයෝ ගෙදර උන්දලවත් පාර්ලිමෙන්තුවට ගෙනෙයි. කන්න නැතුව බඩගින්නේ ඉන්න මිනිස්සු ඉල්ලපු හෙන තමයි ඔය රටටම වැදිලා තිබෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site