මධ්‍යම පළාත් සභාව හා මහනුවර ෆැමිලි යෝගා සෙන්ටර් ආයතනය මධ්‍යම පළාත් සභා මන්ත්‍රින්ට හා රජයේ සේවකයන්ට යෝගා වැඩමුළුවක් මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ නිල නිවසේදී ආරම්භ කළේය.
යෝගා ව්‍යායාම් වල නියලෙන්නන්ගේ දැනිම වර්ධනය, ලෙඩරෝග සුවපත් විම, මානසික ආකල්ප වර්ධනය වැනි දේ ප්‍රතිපල වලින් ලබා ඇති බවත් මානසික ආතතිය, දියවැඩියාව වැනි රෝගාබාධ මග හරවා ගැනිම සඳහා එම ව්‍යායාම සුදුසු බව වෛද්‍යවරු පෙන්වා දෙන බවත් එබැවින් මෙම යෝගි වැඩමුළුව පවත්වන්නට කටයුතු කළ බවත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසිය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම පළාත් මන්ත්‍රීන්ට යෝග වැඩමුළුවක්
ඩිල්ෂාන් Wednesday, 18 November 2015 12:54 PM
දේශපාලනය කරන අයට යෝග ව්‍යායාම. පොඩි ළමයින්ට මන්දපෝෂණය (නි).
භානුක Tuesday, 17 November 2015 11:13 PM
අයියෝ! ප්‍රථමයෙන්ම මේ අයගේ උදරය අඩුකරන ව්‍යායාම කළා නම් හොඳයි වගෙයි. (නි)
ලියොන් ගුණවර්ධන Tuesday, 17 November 2015 11:31 PM
හොඳ අදහසක්. අපේ මන්ත්‍රීන් (මහජන නියෝජිතයන්) බොහෝදෙනෙක් නිතර සැප පුටුවල වාඩිවී සිටීම නිසා ස්ථුලව සිටින අයුරු ඉහත ඡායාරූප වලින්ම පෙනේ. එබැවින් ඔවුන්ට මෙවැනි ව්‍යායාම පහසුකම් සළසාදීම කාලෝචිතය. තවද ආනාපානසති භාවනාවටද යොමුකළොත් සිහිබුද්ධියෙන් මහජනයාට සේවය කරනු ඇත (නි)
ලියොන් ගුණවර්ධන Tuesday, 17 November 2015 11:34 PM
මේ අතර අනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව ආදියට අපේ මහජන නියෝජිතයන් යොමුකිරීමද කාලෝචිතය (නි)
සේන Wednesday, 18 November 2015 06:13 AM
තමන්ගේ හිත පාලනය කර ගන්න ආත්ම ශක්තියක් නැති වුණාහම තමයි මේ සේරම ප්‍රශ්න "මනෝ පුබ්බංගම මාධම්මා මනෝ සෙට්ඨා මනොමයා..........." මෙහි සැබෑ අරුත වටහා ගැනීම සහ ඒ අනුව තම භාවිතය ප්‍රගුණ කිරීම තමයි විය යුත්තේ .(ම)
රොකි Tuesday, 17 November 2015 01:52 PM
දැන් නායකත්ව පුහුණුව දෙන්නේ නැද්ද? (අ)
කුරුප්පු Wednesday, 18 November 2015 01:54 AM
මේ යෝගා වලට යන වියදමත් ජනතාවගෙන් කපාගන්නවද දන්නෙ නැහැ (නි)
ලන්සා Wednesday, 18 November 2015 02:30 AM
ලියොන්, මෛත්‍රී භාවනාව කළොත් දේශපාලනය කරන්න බැරිවෙනවා. ඒකනිසා ඒ දේ කවදාකවත් අපේ මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. (නි)
ඉසුරන්දි Wednesday, 18 November 2015 12:29 PM
නිරෝගී දිවිපෙවතක් සදහා ව්‍යායාම අත්‍යාවශ්‍යයි. නමුත් දේශපාලකයන්ට මේ සමඟම භාවනා ක්‍රමයකුත් හඳුන්වා දුන්නොත් ඔවුන්ගේ ඔය මානසික ආතතිය ටිකක් හෝ අඩුකරගත හැකිය. (නි)