මධ්‍යම පළාත් සභාව හා මහනුවර ෆැමිලි යෝගා සෙන්ටර් ආයතනය මධ්‍යම පළාත් සභා මන්ත්‍රින්ට හා රජයේ සේවකයන්ට යෝගා වැඩමුළුවක් මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ නිල නිවසේදී ආරම්භ කළේය.
යෝගා ව්‍යායාම් වල නියලෙන්නන්ගේ දැනිම වර්ධනය, ලෙඩරෝග සුවපත් විම, මානසික ආකල්ප වර්ධනය වැනි දේ ප්‍රතිපල වලින් ලබා ඇති බවත් මානසික ආතතිය, දියවැඩියාව වැනි රෝගාබාධ මග හරවා ගැනිම සඳහා එම ව්‍යායාම සුදුසු බව වෛද්‍යවරු පෙන්වා දෙන බවත් එබැවින් මෙම යෝගි වැඩමුළුව පවත්වන්නට කටයුතු කළ බවත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කරන අයට යෝග ව්‍යායාම. පොඩි ළමයින්ට මන්දපෝෂණය (නි).
අයියෝ! ප්‍රථමයෙන්ම මේ අයගේ උදරය අඩුකරන ව්‍යායාම කළා නම් හොඳයි වගෙයි. (නි)
හොඳ අදහසක්. අපේ මන්ත්‍රීන් (මහජන නියෝජිතයන්) බොහෝදෙනෙක් නිතර සැප පුටුවල වාඩිවී සිටීම නිසා ස්ථුලව සිටින අයුරු ඉහත ඡායාරූප වලින්ම පෙනේ. එබැවින් ඔවුන්ට මෙවැනි ව්‍යායාම පහසුකම් සළසාදීම කාලෝචිතය. තවද ආනාපානසති භාවනාවටද යොමුකළොත් සිහිබුද්ධියෙන් මහජනයාට සේවය කරනු ඇත (නි)
මේ අතර අනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව ආදියට අපේ මහජන නියෝජිතයන් යොමුකිරීමද කාලෝචිතය (නි)
තමන්ගේ හිත පාලනය කර ගන්න ආත්ම ශක්තියක් නැති වුණාහම තමයි මේ සේරම ප්‍රශ්න "මනෝ පුබ්බංගම මාධම්මා මනෝ සෙට්ඨා මනොමයා..........." මෙහි සැබෑ අරුත වටහා ගැනීම සහ ඒ අනුව තම භාවිතය ප්‍රගුණ කිරීම තමයි විය යුත්තේ .(ම)
දැන් නායකත්ව පුහුණුව දෙන්නේ නැද්ද? (අ)
මේ යෝගා වලට යන වියදමත් ජනතාවගෙන් කපාගන්නවද දන්නෙ නැහැ (නි)
ලියොන්, මෛත්‍රී භාවනාව කළොත් දේශපාලනය කරන්න බැරිවෙනවා. ඒකනිසා ඒ දේ කවදාකවත් අපේ මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. (නි)
නිරෝගී දිවිපෙවතක් සදහා ව්‍යායාම අත්‍යාවශ්‍යයි. නමුත් දේශපාලකයන්ට මේ සමඟම භාවනා ක්‍රමයකුත් හඳුන්වා දුන්නොත් ඔවුන්ගේ ඔය මානසික ආතතිය ටිකක් හෝ අඩුකරගත හැකිය. (නි)