ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත් කර දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය පුළුල් කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛතම කාර්යය යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (12) ‘සාර්ථකත්වය, සම්බන්ධ වීම හා වෙනසකට වෙළෙඳාම‘ මැයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ලෝක අපනයන සංවර්ධන සම්මේලනයේ ආරම්භක සැසිවාරය අමතමින් පැවැසීය. 

රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරමින්, ආදායම් ඉහළ නංවමින් රැකියා දස ලක්ෂයක් බිහි කිරීමටත් මධ්‍යම පන්තියට වත්මන් ආණ්ඩුව ප‍්‍රමුඛත්වය දී තිබෙන බව ද වික‍්‍රමසිංහ මහතා කීවේය.

එම කරුණු ඉටු කරන අතරේම ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ව්‍යාපාර, මූල්‍ය හා සැපයුම් දාම කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ද සැලසුම් කරමින් සිටින බව කී අගමැති පසුගිය වසරක කාලයේදී අනාගත සැලසුම් සකසමින් ඒ සඳහා පදනම යෙදූ බවද අයවැය සැලසුම් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කරන බව ද කීවේය. 

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

DSC_1665 DSC_1671 DSC_1715