භාරත දුමින්ද ප‍්‍රශ්නයේ දී රාජපක්‍ෂ පරපුරට නොයෙකුත් දේ කියතත් වෙන අය කරන වැරැදිවලට රාජපක්‍ෂ පවුල පලිදැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කටුනායකදී ප‍්‍රශ්න කෙළේය. ඔහු එහි ගියේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති පදවිය බාර ගැනීම සඳහාය. ‘‘මේ රටේ විවිධ නායකයන් හිටියා. අන්තිමට මාගම්පත්තුවෙන් කුඹුරෙන් නියරෙන් කකුල් දෙක හෝදගෙන කොළඹ නීති විද්‍යාලයට ආ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රට එක්සේසත් කළා.‘‘ ‘‘රට එක්සේසත් කරපු රාජපක්‍ෂ පවුල විත්තිකාරයන් වෙලා.අගේ ඉඳන් කන කාපු ෆොන්සේකා යුද්දෙට ගිහින් කෙඳිරුවා. අන්න ඒකෙ ඵල විපාක තමයි අද අපි විඳින්නේ. ජනාධිපතිතුමා හිරබාරයට ගන්න හදනවා. ඊට මුහුණ දීමට අපි සැවොම එක් විය යුතුයි.‘‘ ‘‘දැන් මේ රටේ කුලප්පු තුනක් තියෙනවා. එකක් තමයි පසුගිය 18 වැනිදා ජනාධිපතිතුමාගෙ දෙවැනි පදවිප‍්‍රාප්තිය. ජනාධිපතිතුමා මොනවා නොකළත් හය වැනි පරාක‍්‍රමබාහුගෙන් පස්සේ රට එක්සේසත් කළේ එතුමායි. සමහර සංඝයා වහන්සේලා ප‍්‍රකාශ කරනවා අධිකරණය වැරදියි කියලා. අධිකරණය ඉස්සරහ පෙළපාළි යනවා. මම එදා හිටියෙ කැලණිය පන්සලේ. මම හිටියා නම් අධිකරණය ඉස්සරහ පෙළපාළි යන හැටි බලාගන්න තිබුණා. හොඳ වෙලාවට මම නොහිටියේ. අවුරුදු තුනක සිරදඬුවමට ඔච්චර නටන්න ඕනෑද? මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඞ් අල්ලාගෙන ගියේ නැහැ. මම ඔවුන්ට අවවාදයක් කරනවා මින්පසු සදාචාර සම්පන්නකම් නැති කරන ක‍්‍රියා කරනවා නම් හැංගෙන්න ගල් ගුහා හොයාගන්න කියලා. භාරත දුමින්ද ප‍්‍රශ්නෙ අනිත් එක. මේ රටේ මීට කලින් වෙඩි තියාගෙන නැද්ද? මගේ නංගියි මල්ලියි මස්සිනයි මැරුවා. ඒවා මිනීමැරුම් නෙවෙයිද? දුමින්දගේ ප‍්‍රශ්නෙදී රාජපක්‍ෂ පරපුරට නොයෙක් දේවල් කියනවා. ඒකට රාජපක්‍ෂ පවුල පලිද? මර්වින් සිල්වා වැරැද්දක් කළොත් රාජපක්‍ෂ පවුල පලිද? ලාල් සහ රනිල් එංගලන්තෙදි මොනවාද කතා කෙළේ? කවුද මේ ලාල්? අද මාධ්‍යකාරයන් කියලා හොරුන් ටිකක් ඉන්නවා. වැදගත් පුද්ගලයින්ට අපහාස කරන පාහරයන් ටිකක් ඉන්නවා. මම උන්ගේ ඇඞ්රස් හොයා හොයා ඉන්නේ. ඒ නිසා උන්ට කියන්නේ දැන්ම පෙට්ටියක් බුක් කරගන්න කියලයි. මම හඳපානේ නරි අල්ලන්න ගියේ නැහැ. නරියත්, අලියත්, බල්ලත්, මොණරත් මම හොඳට අඳුරනවා. කොටන කුකුළාට කොයි කොටුවත් එකයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර කතා....
ඇයි ඔච්චර කේන්ති?
හැමදාම ඕවනෙ කියන්නේ....
බයිලා...
තර්ජනය කරනවා...
ජාතික රූපවාහිනිය මතක් වෙනවා...
මේ කතාව ලියල දුන්නෙ කව්ද?
හැමදාම ඔය බලේ තියේවි කියලද හිතාගෙන ඉන්නේ. හැමදාම නත්තල් නැ
apata siri lokkata thada wela hemanima oluwan monawahari karamu.kelin kathakarana eka hodai eth thawa hithanna ona good luk jaya sri. අප්පටසිරි ලොක්කට කේන්ති ගිහින්.... කෙලින් කතාකරන එක හොදයි.. එත් තව ටිකක් හිතන්න ඕන..
චණ්ඩි කතා....
කවුද එළියට දැම්මේ...?
කාලෙකින් එළියට ආවේ
danna wachana okkoma kiyala,eth kiyapu eaknam neee දන්න වචන ඔක්කොම කියලා. ඒත් කියපු එකක් නම් නැහැ.
දන්න වචන ඔක්කොම කියලා, ඒත් කියපු එකක්නම් නෑ
අපේ රටේ ඉන්න වැදගත් ඇමැතිවරු අයි මේ විදියට කතා කරන්නේ?
ජනතාව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් ප්‍රසිද්ධියේ මෙහෙම කතා කරන්නේ ලංකාවේ නීතියක් නැද්ද?
සමහර අය මාධ්‍යය වැරැදි විදියට බාවිතා කරනවා. ඒකට ඉඩ දෙන්න එපා. වැරදිකරුවෙක් ගැන උනත් මාධ්‍යයකින් වැදගත් විදියට ඉදිරිපත් කරන්න ඕනෑ. ඔබතුමා හරි. ඔබතුමා වගේ අය රටේ ඉන්න ඕනෑ.
තුන්වෙනි පන්තියේ දේශපාලකයෝ
හොද වෙලාවට හිටියේ නැත්තේ නැත්නම් බත් කාලා ඉවරයි
අනේ මෙහෙමත් අය
අනේ මෙවන් මිනිස්සු තවත් ජනතා ඡන්දයෙන් පත්වේවා
රූපවාහිනියේදී ගිහින් ඉල්ලන් කෑවා මතකද
හොදට නරකට දෙකට කටමය !!!!!
හරියට කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගෙයි
සමහර අය මාධ්‍යය වැරැදි විදියට බාවිතා කරනවා. ඒකට ඉඩ දෙන්න එපා. වැරදිකරුවෙක් ගැන උනත් මාධ්‍යයකින් වැදගත් විදියට ඉදිරිපත් කරන්න ඕනෑ. ඔබතුමා හරි. ඔබතුමා වගේ අය රටේ ඉන්න ඕනෑ.,,
වැරදි කතාවක්.
නීතියක් තියන රටක මෙහෙම කතාවක් කරන්න පුළුවන්ද?
රටවැසියො ගැන දුකයි
චණ්ඩි
පෝය ලගයිද?
ප්‍රසිදිධියේම මාධ්‍යට මරණ තර්ජන කරනව.ලංකාවෙ හැටි දැන්.බලයෙන් මත් වෙලා
දීකරට මළල්ලුත් සාක්කිලු....
මේ දවස්වර ප්‍රසිද්ධ වේදිකා නාට්‍යක් මතක් වෙනවා...
ඉස්සර ඔය චණ්ඩිකම් තිබ්බෙ නැහැ...
කට හින්දයි මාළුව නහින්නේ...
මම උන්ගේ ඇඞ්රස් හොයා හොයා ඉන්නේ. ඒ නිසා උන්ට කියන්නේ දැන්ම පෙට්ටියක් බුක් කරගන්න කියලයි:මේ කියන්නේ මරනවා කියන එක නේද ?
කව්ද මේ කතාව කරන්න ඉඩ දුන්නේ?
මර්වින් කියන කතා අපි ගණන් ගන්නෙ නැහැ.
බයිල තමයි. නීතිය ක්‍රියාත්මක නැද්ද?
අම්මෝ භයානනකයිනේ මෙයා..
අසිහියෙන්ද කොහෙද.
කදු පාත්වෙන්නෙ නැහැ... බය වෙන්න එපා..
මොනව කිව්වත් ගණන් ගන්න එපා...
බයිල කතා... කව්ද ගණන් ගන්නේ?
ඔබ තුමාග සමහර ප්‍රකාෂ වලට මම එකඟයි.නමුත් මන්ත්‍රී තුමා මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා.ඔබ තුමා කියලා තියෙනවා මම උන්ගේ ඇඞ්රස් හොයා හොයා ඉන්නේ. ඒ නිසා උන්ට කියන්නේ දැන්ම පෙට්ටියක් බුක් කරගන්න කියලයි.මේවා රජයේ වග කියන නිලධාරියෙක් හැටියට එතරම් හොඳ ප්‍රකාශ නොවෙයි.අනික ඔබ තුමා නීතිය හමුවෙ සාමාන්‍යය පුරවැසියෙක් පමනයි.ඔබ තුමා කවුද කියලා මුලු ලංකාවම දන්නවා.
මෙයා හිතනවා ඇති හැමෝම මෙයා වගේ කියල.. පව්
මාස තුන මදි.. තව දාන්න ඕන....
බෙරිහන් දෙනවා....
ඇයි මේ වගේ අයගෙ කතා පත්තරේ දාන්නේ?
දෙයියංගෙම පිහිටයි...
කාගෙ හඩද මේ?
කියන කතා...