අලුත් පරපුරේ කලා කරුවන්ට කුඹුක් ගැටේදී පහර දුන්නේයැයි චෝදනා ලබා සිටින පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකට හිරියාලේ ආසන සංවිධායක ධුරය ලබා දීම සම්බන්ධයෙන් අලුත් පරපුර සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා අද (03) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණයට ඉදිරිපත් වුණයේ සභාපතිවරයා හා ලේකම්වරයායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මගකට ගෙන යායුතුයි කියන පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වුණා. මොනදේ වුණත් පක්ෂය සමග සිටි පිරිස මහින්ද රාජපක්ෂ මහතා ළඟ නතර වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා ගන්නා විට දැන් අපිට මේ පිරිස අත අරින් බෑ. කවුද ගත යුත්තේ, කවුද නොගතයුත්තේ කියා හොඳට බැලිය යුතුයි. ඇතැම් අය එලෙස හැසිරී ඇත්තේ ඔවුන්ගේ වුවමනාවට නොවෙයි.‘‘ යැයි දුමින්ද දිසානායක මහතා කීවේය.
ප්‍රශ්නය - අලුතින් සංවිධායක කමක් දුන් කමල් ඉන්දිකට චෝදනාවක් තිබෙනවා අලුත් පහරපුරට පහර දුන් බවට. සජින් වාස් ගුණවර්ධනට චෝදනා තිබෙනවා. නඩු තිබෙනවා. ඔවුන් පිරිසිදුද?
මහින්ද අමරවීර මහතා - වජින් වාස් කියන්නේ ඉන්න සංවිධායකවරයෙක්. අපි ඉවත් කර තිබුණු කෙනෙක් නොවෙයි. ඔවුන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපේ පක්ෂයේ කමිටුවක් තිබෙනවා සංවිධායකවරුන් තෝරන්න. ඉන්දික කියන පුද්ගලයා ගැන තීරණ ගන්නේ එක් පුද්ගලයකු නොවෙයි. චෝදනා බැලුවොත් කාටද චෝදනා නැත්තේ? මොහුටත් පහරදීමක් ගැන චෝදනාවක් තිබෙනවා. නමුත් ඔහු වැරදිකරුවකු වෙලා නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලන්නේ දිනන්න පුළුවන් කෙනෙක් දාන්න ඕනා. පහරදීමක් ගැන චෝදනාවක් තිබූ පමණින්ම පුද්ගලයකු ඉවත් කරන්න පුළුවන් කමක් නෑ.
ප්‍රශ්නය - ඔබතුමාලා කියන්නේ චෝදනා තිබෙනවා වුවත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියන එකද?
දුමින්ද දිසානායක මහතා - නෑ නෑ වැරදි අර්ථකතන දෙන්න එපා.
ප්‍රශ්නය - උසාවියකින් වැරදි කාරයෙක් කරලා නැත්නම් චෝදනා තිබුණට කමක් නැද්ද?
මහින්ද අමරවීර මහතා - මහා පිරිමාණයෙන් මහජන දේපොළ කොල්ල කාලද? මිනී මරලද? එහෙමෙ නෙමේනේ. මේ පහරදීමක් ගැනනේ.
ප්‍රශ්නය - එතකොට සජින් වාස්?
මහින්ද අමරවීර මහතා - ඔහු මැයි දින රැස්වීමේ හිටියේ නැහැනේ.
ප්‍රශ්නය - නමුත් සජින් වාස් ගාල්ලේ තිබුණු රැස්වීමවලට ආවා නේද?
අමරවීර මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට එන්න පුළුවන්. අපි අවශ්‍ය වෙලාවට තීන්දු ගන්නම්. අයින් කරන්න පුළුවන්නම් අයින් කරන්න පුළුවන්.
ප්‍රශ්නය - අලුත්පරපුරට ජනාධිපතිවරණය සමයේ පහරදීම සුළු සිදුවීමක් ලෙසද ඔබතුමාලා දකින්නේ?
අමරවීර මහතා - එය සුදුසුයි කියන්නේ නෑ. පහර දීම වැරදියි. ඔය විදියට අර්ථ නිරූපනය කරන්න එපා. එහෙම බැලුවොත් චෝදනා එල්ල වෙලා නැති කීදෙනයිද පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා කියන්න. එහෙමනම් ඉතින් මොන පක්ෂයක්වත් හදන්න බැහැනේ.
ප්‍රශ්නය - ඡන්දේකාලේ ඔබතුමාලා කිව්වේ අපි මැරයෝ නැති හොර බොරු කරන්නේ නැති පිරිසක් ගේනවා කියලයි. නමුත් දැන් කියනවා ඔවුන්ට අවස්ථාවක් දීලා බලමු කියලා.
දුමින්ද දිසානායක මහතා - මැරයා කියන වචනය අර්ථකතනය කරන්න බලන්න.
ප්‍රශ්නය - ඡන්දෙ කාලේ කලාකාරයන්ට ගැහුව එක මැරකමක් නොවෙයිද?
දිසානායක මහතා - අපි ඒ සිද්ධිය කිසිසේත් අනුමත කරන්නේ නෑ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය එම සිද්ධිය කිසිසේත් අනුමත කරන්නේ නෑ.
ප්‍රශ්නය - අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින එවැනි පුද්ගලයකු සංවිධායකවරයකු ලෙස පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාත වෙනත් පුද්ගලයන් කුරුනෑගල නැති නිසාද?
දිසානායක මහතා- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑ තරම් පිරිස් ඉන්නවා.
අමරවීර මහතා - ඉන්නවා වගේම ඡන්දය ගන්න අයත් වෙන්න ඕනා.
ප්‍රශ්නයට - මේ විදියට බැසිල් රාජපක්ෂ මහතාටත් සංවිදායක කමක් දෙන්න පුළුවන්කම තිබෙනවා නේද? ඔහුටත් චෝදනා තිබුණට ඔප්පු වෙලා නැහැනේ.
අමරවීර මහතා - ඉල්ලුම්පත්‍රයක් දාලා බලන්න කියන්න. සමූඛ පරීක්ෂණයකට භාජනය කළාට පස්සේ තමයි කමිටුවෙන් තීන්දු කරන්නේ. මාධ්‍යයට මෙච්චර දවසකට කිසිම ප්‍රවෘත්තියක් නැති කමේ ප්‍රශ්නයනේ මේ තියෙන්නේ.
ප්‍රශ්නය - දුමින්ද දිසානායක මහත්මයාලා මුතුහෙට්ටිගමලා, සජින්වාස්ලා පතුරු ගැහුවා වේදිකාවල. දැන් ඔවුන් හුරතලුන් වෙලා නේද?
දිසානායක මහතා - සජින් වාස් හොඳයි කියලා දැන් අපි කියනවද?
ප්‍රශ්නය - හොඳ නිසා නෙවෙයිද ඔහුගේ සංවිධායකකම ඉල්ලා අස්කරගෙන නැත්තේ?
පිලිතුර - ඔබතුමාලා කළබල වෙන්න එපා. අපි තාම කවුරුත් හොදයි කියලා කියලා නෑ. අපි පක්ෂය පිරිසිදු කරගෙන යනවා. අවශ්‍ය කටයුතු අවශ්‍ය වෙලාවට සිදුවේවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්. (නි)
පක්ෂ විපක්ෂ ,යහපාලන, සමගි, ඒකාබද්ධ,.. මේ මොන ජාතියෙන් ආවත් මේ සේරමලා හරිම හොඳ බෝධිසත්වවරු වගේ පිරිසක්. මොන වැරදී කළත් ඒවා අහෝසි කර්ම වලටයි අහුවෙන්නේ.! ලොකුම වැරදී කාරයෝ තමයි රටේ ජනතාව! (බ)
මොනවා කරන්නද? තමන්ගේ ලොකු ලොක්කෝ යන විදියටනේ පොඩි අයටත් යන්න වෙන්නේ. (නි)
කාගෙ කාගෙත් බොරු කයිවාරු විතරයි. (නි)
ඔය දෙන්නටම ඊට වඩා දෙයක් කරන්න බැහැ කියලා අපි දන්නවා (නි)
ඔන්න ඕකට තමා "ශේප් න්‍යාය“ කියන්නේ. ඔය වගේ තීරණ නිසා, ගම්වල ඉන්න ඉමහත් කැපවීමකින් ක්‍රියාකරන පාක්ෂිකයන් අපහසුතාවයට පත්වෙනවා. (නි)
මින්පස්සේ අපි මෙයාලට ඡන්දය දෙන්නේ නැහැ. (නි)
සමහරු මහින්දගේ කාලයේ ඇතිවෙන්න හම්බ කරගත්තා. චණ්ඩි පාට් දැම්මා හැමෝටම. ඔහොම මිනිස්සු අායෙත් ආණ්ඩුවට ගන්නද හදන්නේ..? (නි)
කෙලින් උත්තර ඔබතුමාල ළඟ නේ නේද ? කෙලින්ම්ම ඇත්ත කියන්නකෝ (බ)
මේ අය සමහර දේවල් කතාකරන්නේ කටින්ද කියලා අපිට හිතෙනවා (නි)
ප්‍රශ්න වලට උත්තර නෑ නේද?(හේ)
මේවට කතාකරලා වැඩක් නැහැ අපි (නි)
අපිට නම් දැන් මෙයාලගේ කතා අහලා එපාවෙලා (නි)
මේවා හරියට විකට නාටක වගේ. අනේ අපේ රට! (නි)
කවදාහරි කෙසෙල් ගහට කොටපු දවසට තමයි කාගෙ කාගෙත් හොට පැටළෙන්නේ (නි)
ජාතික ආණ්ඩුවේ සියල්ලෝම කිසිදු වරදක් නැත්තෝද? (නි)
යහපාලනයක් රටේ ඇති කරන්න මේගොල්ලන්ට කවදාවත් බැහැ. (නි)
රටේ ප්‍රශ්න පැත්තක දාලා මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න මෙච්චර වලිකන්නේ ඇයි? ඔහුටත් තියෙනවා දේශපාලන අයිතීන් අපිට වගේම! (නි)
අපි මේ ලියන ඒවා දේශපාලඥයෝ කියවනවා නම්... (නි)
ඔබතුමන්ලා අහන ප්‍රශ්න වලට මොනවාහරි උත්තරයක් දෙනවා. අපිත් අහගෙන ඉන්නවා. ඔබ හිතනවා ඇති අපි ඒවා පිළිගන්නවා කියලා. ඔබ හිතනවා ඇති අපි (ජනතාව) මෝඩයි කියලා. පසුගිය ජනාධිපති පැරදෙන්නත් මේ වගේ හේතු තියෙන්න ඇති. ඔබලාට දුන්න මේ බලය අපගේයි. මේ බව අමතක කර වැඩ කළහොත් ඔබටත් වෙන්නේ මේ ටිකමය (නි)
අැත්තටම ශ්‍රිලනිපයේ අවංක කෙනෙක් අැත්තෙම නැද්ද? (නි)
මේ පක්ෂය පිරිසිදු කරගෙන යන විදිහට නම් යහපාලනයක් එතන නැහැ නේද මහත්මයා? (නි)
කවදාහරි ජවිපෙ බලයට හෝ විරුද්ධ පක්ෂ නායක තනතුරට ආවා නම් රටට හොඳක් සිද්ධවෙයි කියලා මම හිතනවා. කවදා අපේ ශ්‍රී ලංකාව හොඳ අතට හැරෙයිද කියලා කියන්න බැහැ (නි)
එතුමන්ලා නිවැරදියි, අපි කොහොමත් වැරදියි. (නි)
ඔය කියන්නේ අපි තාමත් යන්නේ ඒ පාරෙමයි කියන කාරණයනේ. අර තලතා කිව්වා වගේ " විකටයා වෙනස් වුණාට සර්කස් එක එකමයි". දැන් බලද්දී විකටයත් වෙනස් නැහැ, ඇඳුම විතරයි වෙනස්වෙලා තියෙන්නේ. (නි)
ලිස්සලා යන්න බැරිම දවසකුත් ළඟදිම එන්න පුළුවන් (නි)
අපි ඉතින් හැමදාම දේශපාලන නාටක බල බලා ඉන්නවා (නි)
සමහරුන්ට ඡන්ද කාලෙට තියෙන වැඩත් එක්ක තමන්ගේ ජාතකෙත් මාරුවෙනවා. වැරදි නම් තමයි දෙමවුපියන්ගේ නම් වලට උප්පැන්න සහතිකයට දාලා තියෙන්නෙ. (නි)
කම්බා හොරු කවුද කියලා අපි දැන් දන්නවා. අපි ඔයාලට රැවටෙන්නේ නැහැ. (නි)
මේ මාධ්‍යවේදීන්ට පින් මේ අය කවුද කියා ජනතාවට එළිදරව් කරනවාට. (නි)
මහජනයා ප්‍රතික්ෂේප කළ අය නේද ඔය ඉන්නේ. (නි)
පව්කාරයෝ ඉතිරි වී හොඳ මිනිස්සු නැතිවෙලා යන කාලයක් මේක. හරිම කණගාටුයි මේවා ඇහෙන්න දකින්න වුණාම (නි)
මෙවන් පුද්ගලයින් ගැන ගන්නා තීරණය මහජනතාව සතුය (නි)
ඔබතුමන්ලා කලබල වෙන්න එපා. ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා පස්සෙ බලන්න පුලුවන්නේ (නි)
අහිංසක මිනිසුන් රටවන දේශපාලකයන්ට අඩුමගානේ සාමාන්‍ය මිනිසෙකුට තිබෙන ප්‍රතිපත්තිවත් නැහැ (නි)