ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ විශිෂ්ට කුසලතා ඇගයීමේ අරමුණින් ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වු අතර ඔහුද ඇතුළුව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ සය දෙනෙක් මෙහිදී විශේෂ උපහාරයෙන් පිදුම් ලැබුහ.
ඒ අනුව මෙරට පුවත්පත් කලාවට සිය ජිවීත කාලය තුළ සිදු කළ දීර්ඝ කාලීන හා විශිෂ්ට සේවාව වෙනුවෙන් එස් පියසේන, එන් පද්මසීලන්, ඩන්ස්ටන් වික්‍රමරත්න , කැරල් ඇලෝසියස් හා කැමිලස් පෙරේරා යන ප්‍රවීණ මාධ්‍යවේදී හු රන් සම්මානයෙන් පිදුම් ලදහ.
ලංකාදීපයේ මාතර ප්‍රාදේශිය මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක් වසරේ හොඳම දුෂ්කරතා මැද වාර්තාකරණයට හිමි කේ කෛලාසපති සම්මානයෙන් පිදුම් ලැබීය.
විජය පුවත්පත් සමාගමේ ඩේලී මිරර් පුවත්පතේහි ලක්නා පරණමාන්න වසරේ හොඳම තරුණ මාධ්‍යවේදීනියට හිමි ඩෙන්සිල් පිරීස් සම්මානය ද, චන්නක ද සිල්වා වසරේ හොඳ ක්‍රිඩා පුවත්පත් කලාවේදී හා වසරේ හොඳම වාර්තාකරණයට හිමි සම්මානද, වසරේ හොඳම කාටුන් ශිල්පියා ලෙස ඩේලි මිරර් හි අවන්ත ආටිගල , සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි සමිත්‍රි ඩැනියෙල් වසරේ හොඳම විශේෂාංග ලේඛිකාවට හිමි ( ඉංග්‍රිසි) උපාලි විජයවර්ධන සම්මානයද, වසරේ හොඳම තීරු ලිපි රචකයා ට හිමි බී ඒ සිරිවර්ධන සම්මානය ඉරිදා ලංකාදීප පුවත්පතෙහි සී ජේ අමරතුංග ද එහි කුසලතා සම්මානය (ඉංග්‍රිසි) ඩේලි එෆ් ටී පුවත්පතෙහි දරීෂා බැස්ටියන්ද, සිය සගයන්ගේ ඇගයීමට ලක් වන පුවත්පත් කලාවේදීයාට හිමි ඩී ආර් විජයවර්ධන සම්මානය සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි චාන්දනී කිරින්දේ විසින්ද, වසරේ හොඳම පිටු සැකැස්ම සහිත පුවත්පත ලෙස සන්ඩේ ටයිම්ස් පුවත්පතද සම්මානයෙන් පිදුම් ලදහ.
වසරේ හොදම මාධ්‍යවේදීයා ලෙස මර්වින්ද සිල්වා සම්මානය - දිල්රුක්ෂි හදුන්නෙත්ති
( සිලොන් ටුඩේ)
වසරේ හොඳම ව්‍යාපාර මාධ්‍යවේදීයා(සිංහල) - රුවන් තිළිණ සමරසිංහ ( රාවය)
වසරේ හොඳම ව්‍යාපාර මාධ්‍යවේදීයා(දෙමළ) -රොබට් ඇන්තනී ( වීරකේසරී)
වසරේ හොඳම ව්‍යාපාර මාධ්‍යවේදීයා(ඉංග්‍රිසි)- අබිදුල් රසාක් මොහොමඩ් ( ද නේෂන්)
වසරේ හොඳම විශේෂාංග ලේඛකයා උපාලි විජයවර්ධන සම්මානය ( සිංහල) -කසුන් අමිල පුස්සවෙල (රාවය)
වසරේ හොඳම විශේෂාංග ලේඛකයා උපාලි විජයවර්ධන සම්මානය ( දෙමළ) - යෝගේෂ්වරන් තුෂිකරන් ( උදයන්)
වසරේ හොඳම තීරු ලිපි රචකයා - බී ඒ සිරිවර්ධන සම සම්මානය (සිංහල) -විමලනාත් වීරරත්න (රාවය)
වසරේ හොඳම තීරු ලිපි රචකයා -බී ඒ සිරිවර්ධන සම සම්මානය (දෙමළ) - අබ්දුල් රහිම් (විඩිවෙල්ලි)
වසරේ හොඳම තීරු ලිපි රචකයා -බී ඒ සිරිවර්ධන සම සම්මානය (ඉංග්‍රිසි) -මන්දනා ස්මයිල් අබේවික්‍රම (සන්ඩේ ලීඩර්)
වසරේ හොදම පාරිසරික මාධ්‍යවේදීයා - අබිදුල් කාදර් (මෙට්‍රෝ නිවුස්)
වසරේ හොඳම සමාජ ගැටළු පිළිබද වාර්තාකරණ මාධ්‍යවේදීයා - සුබ්‍රමනීයම් චෙට්ටියාර් සම්මානය -එස් දුෂ්‍යන්තන් (තිනක්කුරල්)
වසරේ හොඳම පුවත්පත් කලා ඡායාරූප මාධ්‍යවේදීයා - ගැමුණූ වැල්ලගේ (සිලෝන් ටුඩේ)
වසරේ හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදීයා - හර්ෂා සුගතදාස ( ඉරිදා ලක්බිම)
ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සදහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය සීතා රංජනී මහත්මියට හිමි විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ දැනුම දිනෙන් දින දියුණු කරමින් දහසකුත් එකක් දුෂ්කරතාවලට මුහුන පාමින් විශිෂ්ට සේවයක් කළ ජයග්‍රහයකයින් සැමටම සුබ පැතුම්. (අ)
අර කාරියකරවන මහත්තයා දැන් කොහෙද කියලා දැනගන්න ආසයි (නි)
සියලුම සම්මාන ලාභීන්ට මගෙත් සුබපැතුම්! අපේ ජාතික පුවත්පත් සියල්ලම වගේ ආරම්භ කරපු ඩී.බී.ධනපාල නම් වූ ශ්‍රේෂ්ඨ පුවත්පත් කලාවේදියා ළඟට එඩ්මන් රණසිංහ ශුරීන්ට මම ගරුකරනවා. එතුමා මෙතන ඉන්න වැඩි දෙනෙකුගේ ගුරුවරයාත් විය හැකියි. නරකද "මැර තර්ජන නොතකා වාර්තාකරණය' යටතේත් සම්මානයක් පිදුවොත් සුදුස්සෙක් තෝරලා, ඊ ළඟ අවුරුද්දේ සිටවත්? (නි)
ඔබ සැමට මාගේ හදපිරි උණුසුම් සුබ පැතුම් !!!තව තවත් ලිවීමට සිතට සක්තිය හා දිරිය ලැබේවා (අ)
පියසේන සේනාධීර මාධ්‍ය විද්වතාණන් ( සුගීස්වර සහ ගොමි ගේ පියාණන්) ඇතුළු සියලු දෙනාට චිරං ජයතු !! ආයු රඛ්කන්තු ආවඩා !!!!! (අ)
විදේශ රටවල සිට ලියන අය ඇතුළත් වෙන්නේ නැද්ද මෙම උපහාර සම්මාන වලට? (නි)
අපට සුගී ගැනත් ආඩම්බරයි. එස්. පියසේන පියාණන්ට දීර්ඝායුෂ පතමු. (අ)
ඔබ සැම කලමෙහෙය අපි ඉතා අගයමු..!අදිෂ්ඨාන ගමනක් යන්නට ඔබ සැමට සුබ පතමු ..!! (ස)
කාටවත් කඩේ නොයන, සාදාරණය දකින හෙටක් උදා වේවා! එයයි ඔබේ වගකීම. (ස)
රටට වෙනුවෙන් ඔබගේ වගකීම ඉටුකරන්න මුදලට යට නොවී. (ස)
ජනතාවගේ දැවෙන ප්‍රශ්න, ඔවුන්ට වෙන අසාධාරණකම් පෙන්වා දෙන මාධ්‍යකරුවන්ව ඇගයිය යුතුය (නි)
සුදුසුකම් තිබෙන අය තවත් ඉන්න පුළුවන් සැගවිලා (නි)
මේකේ ඉන්න කාන්තාවන් නම් ලස්සනයි. අපේ රූපවතීත් පුළුවන් නම් උත්සාහ කරලා මේ අයට එකතු වෙන්න (නි)
හොඳ මාධ්‍යෙව්දීන් රටේ වාසනාවන් .ලංකදීපයටත් සම්මාන ලැබෙවා. (අ)
ලස්සනට පෑන හසුරවපු අයට බොහොම ස්තුතියි (අ)