ගලවා ඉවත් කළ දුම්රිය පීලි තොගයක් ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි ස්වාධීන රූපවාහිනියේ විධායකයකු වන සුදර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මිරිහාන වංචා විමර්ශන අංශයට නියෝග කළාය. පැමිණිලිකරුවන් වන අනිල් තිලක් බණ්ඩාර හා අශෝක කුමාර ජයතිලක වෙනුවෙන් කැරණු දැක්වූ නීතිඥ ජී.පී. කරුණාරත්න මහතා කියා සිටියේ සැකකරු බලවත් පුද්ගලයකු නිසා පොලිස් හා අධිකරණ නියෝග නොසලකා හැර ඇති බවයි. නීතිය හමුවේ කිසිවකු බලවත් නැතැ යි කී මහේස්ත්‍රාත්වරිය තරාතිරම නොබලා ඔහු අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළාය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මාධ්‍ය විධායක අත්අඩංගුවට ගන්නැයි නියෝග
gajan99 Thursday, 09 February 2012 08:11 PM
රට බේරා දුන්නු අහිංසකයෙක්ව ඇයි අල්ලන්නේ?
සංජීව Thursday, 09 February 2012 11:08 PM
මෙහෙම අය හිටියොත් ලංකාවම ඉවරයි..
එරංග Thursday, 09 February 2012 11:26 PM
රට බේරපු අහංසකයො කූඩුවේ. මේවගේ හොරකම් කරපු අය එලියේ..
නෙල්සන් Friday, 10 February 2012 12:07 AM
හොරුන්ගේ කොහෙද අහිංසක
සාලිය ප්‍රභාත් Friday, 10 February 2012 12:21 AM
මෙහෙම අයව ගස් බදින්න එකුරුත් නැද්ද?
kolla Friday, 10 February 2012 10:00 AM
මේ කීවෙනි සැරේද?
තරංග Friday, 10 February 2012 11:18 AM
නීතියට අනුව දඩුවම් කළ යුතුයි