දරුවන් සම්බන්ධ පුවත් ප්‍රචාරණයේදී ඇතැම් ජනමාධ්‍ය තම පැවැත්ම පිළිබඳ පමණක් සිතමින් කටයුතු කරන අතර දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු නොකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.
එබැවින් සියලූ ජනමාධ්‍යයෙන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව ද ජනපති කීවේය.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ අද පැවති ජාතික ළමා සභා නිලවරණය හා නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගි වෙමින් ජනපති එලෙස කීවේය.
නව තාක්ෂණික දියුණුවත් සමග සමාජය විසින් දරුවන් පිළිබඳ දක්වන සැලකිල්ලෙහි යම් ඌනතාවයක් දක්නට ඇති බව ප්‍රකාශ කළ ජනාධිපති දරුවන් සුරක්ෂිත කරගැනීම සියලූදෙනාගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.