දරුවන් සම්බන්ධ පුවත් ප්‍රචාරණයේදී ඇතැම් ජනමාධ්‍ය තම පැවැත්ම පිළිබඳ පමණක් සිතමින් කටයුතු කරන අතර දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු නොකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.
එබැවින් සියලූ ජනමාධ්‍යයෙන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව ද ජනපති කීවේය.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ අද පැවති ජාතික ළමා සභා නිලවරණය හා නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගි වෙමින් ජනපති එලෙස කීවේය.
නව තාක්ෂණික දියුණුවත් සමග සමාජය විසින් දරුවන් පිළිබඳ දක්වන සැලකිල්ලෙහි යම් ඌනතාවයක් දක්නට ඇති බව ප්‍රකාශ කළ ජනාධිපති දරුවන් සුරක්ෂිත කරගැනීම සියලූදෙනාගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල මුදල්, තාන්න, මාන්න සහ තම පැවැත්ම සඳහා ඕනෑම දෙයක් කරන අය අප සමාජයේ ඕන තරම් ඉන්නවා. (ර)
තව සමහර දේශපාලකයෝ තමාගේ බලය වෙනුවෙන් රටේ දරුවන්ගේ ඉදිරි අනාගතය බිලිදෙනවා (හේ)
සමහර ජනමාධ්‍ය හැමදාම වැඩ කරන්නේ එයාලා ගැන හිතලා තමා. (ර)
මාධ්‍ය කරුවන් හසුරවන්න යම් ක්‍රමයක් තියෙන්න ඕන. (ර)
නව තාක්ෂණයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරන්න. (ම)
මේකට හොඳ උදාහරණයක් තමයි,(හේ)