IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාධ්‍ය පෙරළියක යෝජනා 100ක් රජයට

මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුකිරීමට හැකි නිර්දේශ 100ක් ලෝක මාධ්‍ය නිදහස් දිනයේ දී ශ්‍රී ලංකා රජයට භාරදෙන බව මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලය පවසයි.

පසුගිය දා වැඩි කතා බහට ලක්වූ විද්‍යුත් මාධ්‍ය සදහා විකාශන අධිකාරියක් පිහිටුවීම, තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම, පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම ඇතුළු ඉතා වැදගත් යෝජනා ඒ අතර ඇති බව ද එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙත ජනතාවගේ වැඩි විශ්වාසයක් දිනා ගැනීමට හා බහුවිධතාව සුරක්ෂිත කිරීමටත් වෘත්තීය වටිනාකමක් ලබා දීමටත්, මාධ්‍යයට අදාල සියලු පාර්ශ්වයන්හි දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමටත් මෙම නිර්දේශ ක්‍රියාතම්ක කිරීමෙන් හැකියාව ලැබෙනු ඇතැයි අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාවයේ ආසියා පැසිෆික් කලාපයේ උපදේශක ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි.

මෙම නිර්දේශ සියය සකසා ඇත්තේ වසර එකහමාරකට ආසන්න කාලයක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රෙය් මාධ්‍ය අධ්‍යාපනය හා පුහුණුව, මාධ්‍ය නීති හා නියාමනයන්, මාධ්‍ය බහුවිධතාව, මාධ්‍ය හිමිකාරීත්වය හා තොරතුරු තාක්ෂණය හා මධ්‍ය භාවිතය යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ කරන ලද පුළුල් සමීක්ෂණ කිහිපයක් හා විද්වත් සාකච්ඡා රැසක් පදනම් කරගනිමිනි.

ආචාර්ය රංග කලංසූරිය මහතා පවසන්නේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ මාධ්‍ය සංවර්ධන දර්ශකය අනුව මෙය සකසා ඇති බවයි. එම මාධ්‍ය සංවර්ධන දර්ශකය රටක මාධ්‍ය ක්ෂේත්‍රය සමස්තයක් ලෙස තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැඩ රාමුවකි.

  ජනමාධ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගික සන්ධානය, අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාව සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණයට අවශ්‍ය නිර්දේශ සැකසීමේ කාර්යයට දායකත්වය ලබා දී ඇත.

ආචාර්ය රංග කලංසූරිය මහතා මෙම වැඩපිළිවෙල පිළිබඳ මෙසේ කීවේය.

‘‘ අපි මේ වෙනුවෙන් මාසය 14ක පමණ කාලයක් ගත කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ මාධ්‍යවේදීන් යොදා ගනිමින් සමීක්ෂණ සිදුකළා. ඒ වගේම කණ්ඩායම් සාකච්ඡා, විද්වත් සාකච්ඡා පැවැත්වුවා. ආචාර්ය මහාචාර්යවරු, ආගමික නායකයන් ඇතුළු විද්වතුන්ගේ අදහස් උදහස් යෝජනා අපි ලබා ගත්තා. ජනමාධ්‍ය සංගම් හා සංවිධාන සමගත් වෙනත් රාජ්‍ය නොවන සංවිධාන හා ක්ෂේත්‍රයේ කටයුතු කරන විවිධ සංවිධාන නියෝජිතයන් සමගත් සාකච්ඡා කළා. මාධ්‍ය ක්ෂේත්‍රයේ සෑම අංශයක් ම නියෝජනයවන ආකාරයෙන් තමයි අපි මේ කාර්යය සිදුකළේ. මාධ්‍යවේදින්, සිවිල් සංවිධාන, රජයේ නියෝජිතයන්, දේශපාලන නායකයන් වගේම මාධ්‍ය හිමිකරුවන් ද සාමාන්‍ය පුරවැසියන් ද තමන්ගේ අදහස් දක්වා මේ කාර්යයට දායක වීම විශේෂිතයි. දැන් අපි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණය විය යුත්තේ කවර ආකාරයෙන් ද යන්න පිළිබඳ නිර්දේශ 100ක් සකස් කර  තිබෙනවා. ඒ යෝජනා රජයට නිල වශයෙන් භාර දීම අපි ලෝක මාධ්‍ය නිදහස් දිනය යෙදී ඇති මැයි මස 03 දා සිදුකරනවා. අගමැතිතුමා සමග අප මේ යෝජනා ගැන සාකච්ඡා කළා. එහිදී අගමැතිවරයා එකඟ වී තිබෙනවා මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට. මේ යෝජනා ක්‍රියාත්ක වුවහොත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගැටළු නිරාකරණය කරගෙන මාධ්‍ය නිදහස වඩාත් සුරක්ෂිත කරමින් වඩාත් ගුණාත්මක හා සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් තුළින් ජනතාවට සමීප මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ඇතිකරන්න හැකියාව ලැබෙන බව අපට විශ්වාසයි. මේ සදහා රටේ සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලැබේ යැයි අපි විශ්වාස කරනවා.“



අදහස් (0)

මාධ්‍ය පෙරළියක යෝජනා 100ක් රජයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site