ශ්‍රී ලංකාවේ පුළුල් මාධ්‍ය නිදහසක් ඇතැයි ද පෙර මෙන් නව රජය ජනමාධ්‍ය තහංචි නොදමන බවත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවය හා ප්‍රමිතී යළි ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව බවත් ටෙලි නාට්‍යයක සැබෑ රසවින්දනය ප්‍රේක්ෂකයාට අහිමි වන ලෙස ටෙලි නාට්‍යය විකාශනය අතරතුර අනවශ්‍ය ලෙස වෙළඳ දැන්වීම් සඳහා කාලය වෙන් කර ඇති බවත් අමත්‍යවරයා කීවේය.
රටක සිව් වන බලවේගය වන මාධ්‍යවේදීන් සත්‍යය පමණක් වාර්තා කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමනි.! කලක් තිස්සේ කිසියම් ආගමික කණ්ඩායමක් ටෙලි නාට්‍යය හරහා තමන්ගේ ආගමික ලකුණක් නොයෙක් රුප රාමු තුලින් ප්‍රේක්ෂකයාගේ යටි සිතට ඇතුල් කරන්න සියුම් ඒ වගේම සදාචාර විරෝධී වැඩ පිළිවෙලක් ගෙනියනවා . අවශ්‍යය නම් පින්තුර සමගින් සාක්ෂි ඉදිරිපත් කරන්නම්. මේ ගැන සොයා බලන්න.(රේ)
ටෙලිනාට්‍ය ගැන කියලා තිබෙන දේ නම් බොහොම හොඳයි (නි)
වෙළඳ දැන්වීම් වැඩසටහන මුලට සහ අගට පමණක් දැමීම වඩාත් යෝග්‍යය.ප්‍රවෘත්ති ප්‍රචාරය අතර තුරේ ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් නැවතිය හැකි නම් ඉතා අගනේය. (බ)
ඔව් ඔව් අපි දැක්කා පහුගිය කාලේ අගමැතිතුමා අර දිවයින පත්තෙරේට එහෙම සත්තම දාපු හැටි, ඇයි ෆේස්බුක් එකටත් නීති ගේන්න දගලන්නේ (බ)
කියන විදියට වෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)