වසර තුන දක්වා අඩු කළ සම සෞඛ්‍ය විද්‍යා උපාධිය යළි වසර හතරක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට සංදේශයක් යැවූ ඔවුන් කියා සිටියේ තමන් සමග පවත්වන සාකච්ඡාවට මාධ්‍යයද කැඳවිය යුතු බවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා උද්ඝෝෂණ මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව රජයේ වියදමෙන් හරි වෙනත් රටවල් කීපයකට ගෙනිහින් පෙන්නන්න ඕනේ කොහොමද ඒ රටවල් වල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ කියලා.(නදී)
පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරලා සෞඛ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නැති කරනවට විරුද්ධ අය කව්රුවත්, සම සෞඛ්‍ය උපාධියේ කාල සීමාව අඩු කරලා එහි ගුණාත්මක බව අඩු කරන එක ගැන විරුද්ද නැත්තේ ඇයි ? ඔබට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඕනේ නම් අනාගතේ සෞඛ්‍ය සේවට බැදෙන්න ඉන්න මේ අයට ගුණාත්මක අධ්‍යාපනයක් සහ සායනික පහුණුවක් ලබාදීමට වචනයකින් වත් උදව් කරන්න.(නදී)
මේ ළමයි පාරට බැහැල තියෙන්නේ වැරදි දෙකට නෙවෙයි. විශ්ව විද්‍යාලයේ මුලික කාරණය වන තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. (දිල්)
වෙනත් රටවල සරසවි සිසුන්ගේ අරගල මෙයටත් වඩා දරුණු බව යුරෝපයේ අධ්‍යාපන ගාස්තු ඉහළ නැංවීමට උත්සාහ කිරීමට ගත් පියවරයන්ට කළ විරෝධතාවන්ගෙන් සනාත විය.(දිල්)
කුසුමාවතී, ඔබ කියන්නේ රජයේ ක්‍රියාමාර්ග සියල්ල නිවැරදියි කියලා ද? සම සෞඛ්‍ය උපාධියේ කාල සිමාව වසරකින් අඩු කළාම ඒකේ වටිනාකම නැතිවෙනවා. ශිෂ්‍යයන් කියන්නේ එයයි.(දිල්)
මෙයාලට ඕන රටට අවැසි උගතුන් සඳහා සීමිත අධ්‍යාපනය ලැබීම නොවෙයි රටේ මුදල් වියදම් කර ලොකු උපාධි කොලයක් අතට ගැනිමයි. අප්‍රිකානු රටවල හා චීනයේ බොහෝ විට ලබාදෙන උපාධි කෙලින්ම සේවය ඉලක්ක කරයි ලබාදෙන්නේ.(නදී)