IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාධ්‍ය තහනමට ගාලු විරෝධය

දකුණු පළාත් සභාව මාධ්‍ය මර්ධනයකට උත්සාහ ගනිමින් සිටින බව පවසමින් එයට විරෝධය පෑ ගාල්ල දිස්ති‍්‍රක් මාධ්‍යවේදීන් පිරිසක් අද ගාල්ල කලේගානේ පිහිටි දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.මාධ්‍යවේදීන් දෙදෙනකු විසින් ජාතික පුවත්පතකට ලියන ලද ලිපියක් නිවැරදි නොවන බව පවසමින් පළාත් සභා ලේකම් වරයා එම මාධ්‍යවේදීන් දෙදෙනා පරීක්ෂණයකට පළාත් සභාවට කැඳවා ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති. මාධ්‍යවේදීන් පවසන්නේ එලෙස මාධ්‍යවේදීන්ට පරීක්ෂණ පැවැත්වීම ට සභාවට අයිතියක් නැති බවයි. මාධ්‍යයක වැරදි තොරතුරක් සඳහන්ව ඇත්නම් එය නිවැරදි කිරීමේ ක‍්‍රමවේදයක් තිබියදී මෙලෙස මාධ්‍යවේදීන් කැඳවා පරීක්ෂණ පැවැත්වීම මාධ්‍ය මර්ධනය කිරීමටත් තම අභිමතයට අනුව හැසිරවීමටත් ගන්නා උත්සාහයක් බව මාධ්‍ය සංවිධාන පෙන්වාදෙයි.
පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු හා නියෝජ්‍ය සභාපතිවරයා කරන ලද කතාවලින් මාධ්‍යවේදීන් හෑල්ලූවට ලක්කරන ලද බවත් ඔවුන් තෝරාගත් මාධ්‍යවේදීන්ට පමණක් පළාත් සභාව ආවරණය කිරීමට කැඳවීම මාධ්‍යය නිදහස බලපෑම් කිරීමක් බවත් මාධ්‍ය සංවිධාන පවසයි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය මේ උද්ඝෝෂණය සංවිධානය කැර තිබිණි.
උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි මහතා පැමිණියේය. මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් සහ නියොජ්‍ය සභාපතිවරයා සමග පැවති සාකච්ඡුාවකදී තීරණය වූයේ මාධ්‍ය නියෝජිතයන් පිරිසක් හා පළාත් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවකින් පසු මේ ගැටළුව විසඳාගත යුතු බවයි.



අදහස් (0)

මාධ්‍ය තහනමට ගාලු විරෝධය

තිලක් ඩුබායි Tuesday, 26 November 2013 09:35 PM

සත්‍ය හෙළි කරලා,ජනතාවට දැනුවත් කරන මාද්‍යවීදීන් වෙනුවෙන්, රටට අර්දරේ කරන එක කහ චීවරයද ලංකාවටම තියෙන්නේ. (ස)

:       0       0

ගුණේ Wednesday, 27 November 2013 10:14 AM

තක්කඩි දේශපාලුවන් ගේ නිරුවත සමාජ ගත කල හැක්කේ මාධයවේදීන්ට පමණයි. නිරුවතින් ඉන්න කෙනා මාධ්‍යට බයයි. මේ අය කෙසේද මාධ්‍යවෙදින්ව පරික්ෂණයට භාජනය කරන්නේ. මාධ්‍ය වේදියා ලියපු වාර්තාව දෝෂ සහිත නම් ඒ බව දන්වා මාධ්‍යවේදියාව දැනුවත් කල හැකියි. එසේ නැතිනම් අදිකරණයක් තියෙනවා නිවැරදි කරගන්න. අනික මේ බුද්ධිමත් මාධයවේදීන් ප්‍රශ්නය නොවිමසා ගාල කඩාගත් හරක් වගේ එතනට දිව්වේ ඇයි ? (නදී)

:       0       0

සරා Tuesday, 26 November 2013 11:18 PM

අපි ඔබ සමගයි (නි)

:       0       0

දයා Thursday, 28 November 2013 02:54 AM

මුළු රටම උද්ඝෝෂණය කළයුතුයි.අද මාධ්‍ය ,නීතිය ,අධිකරණය ,මානව හිමිකම් සියල්ල විනාශ වෙලා. (නි)

:       0       0

නඩරාජ් Tuesday, 26 November 2013 11:30 PM

ගින්දර පොඩි වුනත් , ලොකු වුනත් ,දෙකම එකයි . පිච්චෙනවා . මාධ්‍ය මහත්වරු එය හිතට ගත්තොත් හොඳයි . (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 26 November 2013 11:30 PM

මාධ්‍යවේදීන් වෙනුවෙන් රටේ මිනිසුන්ගේ සහයෝගය ලැබෙනු ඇත (නි)

:       0       0

ධම්ම Wednesday, 27 November 2013 12:06 AM

ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ හා පාර්ලිමේන්තුවේ සමහර අය අද හිතාගෙන ඉන්නේ ඔවුන්ට නීතිය පසිඳලීමට බලතල තිබෙනවා කියා. ඒකනේ නඩු අහන්න යන්නේ, මිනිසුන් ගස් බඳින්නේ, මිනිසුන්ට ගහන්නේ, බනින්නේ, දඬුවම් කරන්නේ. මේ මානසිකත්වය වහාම වෙනස් කළ යුතුයි. (නි)

:       0       0

සත්‍යා Wednesday, 27 November 2013 01:17 AM

ඔවුන් හිතන්නේ ඔවුන් තමයි ලොක්කෝ කියලා, ඒ පැත්තේ (නි)

:       0       0

සිරිබිරිස් Thursday, 28 November 2013 07:50 AM

කෝ බොල ගන්කෝ කුරුඳු පොල්ලක්...(නදී)

:       0       0

ධර්මසේන Thursday, 28 November 2013 07:54 AM

බඩු මිලට එරෙහිව විශාල උද්ඝෝෂනයක් ජනතා විමුක්ති පෙරමුණෙන් කොලඹදී කළා. ලංකාවේ කිසිම මාධ්‍යක් මේ උද්ඝෝෂණය වාර්තා කලේ නැහැ. කිසිම ෆොටෝ එකක් මාධ්‍යයේ පළ කලේ නැහැ. ඇයි ඒ විදියට ක්‍රියා කළේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 27 November 2013 02:03 AM

තම ජීවිතයේ අවදානම පවා නොසළකා එඩිතරව සෑමවිටම ජනතාවට සත්‍ය ඒ ලෙසින්ම හෙළිකරන සියලු ජනමාධ්‍යවල සොහොයුරන්ට සොහොයුරියන්ට අපේ ගෞරවය. මොන ආණ්ඩුව මේ රට පාලනය කළද මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා නොකර ඔවුගේ රාජකාරිය නිසි ලෙස කරන්නට අවස්ථාව ලබාදිය යුතුයි. මාධ්‍යවේදී සහෝදර සහෝදරියනි, ඔබට සියලු දෙවි පිහිටයි, තෙරුවන් සරණයි. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 27 November 2013 06:13 AM

තිලක්, මොකද නැත්තේ? ඔය ඇතිතරම් ඉන්නේ (නි)

:       0       0

උපාලි Wednesday, 27 November 2013 06:19 AM

දේශපාලනඥයින් මාධ්‍ය තමන්ට අභිමත පරිදි හසුරුවන්න හරි කැමතියි. සමහර මාධ්‍යකරුවනුත් ඒ කැමැත්ත ඉටුකරදෙන බවට ලෝකේ ඕනෑම රටකින් උදාහරණත් දිය හැකියි. නමුත් බොහෝවිට සිදුවන්නා සේම මෙතැනදීත් මාධ්‍ය හරි. (නි)

:       0       0

අක්ෂි Wednesday, 27 November 2013 07:41 AM

පළාත් පාලකයන්ගේ බලතල ගැන මාද්‍යයෙන් වත් හෙළිකරලා පහදලා දෙන්න! ඇමතිවරු හිටියට ජොලියේ ඉන්නවා මිසක් වැඩක් කරන පාටක් නැහැ.? 'තිලක් ඩුබායි, හාමුදුරුවරු මේවට එන්න ඕනේ නැහැ. මාධ්‍යට ඕනේ තරම් විදියවල් තියෙනවා රටට ලෝකෙට තම පණිවිඩේ දෙන්න. හාමුදුරුවරු එන්න ඔනේ මිනිස්සුන්න්ට බැරි තැන්වලටයි. මිනිස්සු තමන්ගේ වගකීම් සංඝයාට දාන්න හදන එක පවු., ඔබ පවු පින් විශ්වාස කරනවා නම්?. උතුරේ පළාත් පාලකයන්ට යකා නටන්න දුන්නම මේ තත්වේ රටපුරා දරුණු වෙයි. ?මේක ජාතික විපතක්.., හරි මිනිස්සු බලයට පත් වෙන ක්‍රමයක් ඕනේ කියලා එක හඳින් ඉල්ලන්න දැන්වත්. මිනිස්සු එකතුවෙලා. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 27 November 2013 08:36 AM

මට පේන විදිහට සියල්ල සිදුවිය යුතු ආකාරය තීරණය වී අවසාන බවයි. නිදහස් මාධ්‍යයට ගහනවා කියන්නේ බලයේ ඉන්න මිනිස්සු සියතින් ගෙළ සිඳ ගත්තා වාගේ වැඩක්. බලයේ ඉන්න තිබෙන ආයුෂ දවස ගානේ ක්‍ෂය වන බව පේනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site