දකුණු පළාත් සභාව මාධ්‍ය මර්ධනයකට උත්සාහ ගනිමින් සිටින බව පවසමින් එයට විරෝධය පෑ ගාල්ල දිස්ති‍්‍රක් මාධ්‍යවේදීන් පිරිසක් අද ගාල්ල කලේගානේ පිහිටි දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.මාධ්‍යවේදීන් දෙදෙනකු විසින් ජාතික පුවත්පතකට ලියන ලද ලිපියක් නිවැරදි නොවන බව පවසමින් පළාත් සභා ලේකම් වරයා එම මාධ්‍යවේදීන් දෙදෙනා පරීක්ෂණයකට පළාත් සභාවට කැඳවා ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති. මාධ්‍යවේදීන් පවසන්නේ එලෙස මාධ්‍යවේදීන්ට පරීක්ෂණ පැවැත්වීම ට සභාවට අයිතියක් නැති බවයි. මාධ්‍යයක වැරදි තොරතුරක් සඳහන්ව ඇත්නම් එය නිවැරදි කිරීමේ ක‍්‍රමවේදයක් තිබියදී මෙලෙස මාධ්‍යවේදීන් කැඳවා පරීක්ෂණ පැවැත්වීම මාධ්‍ය මර්ධනය කිරීමටත් තම අභිමතයට අනුව හැසිරවීමටත් ගන්නා උත්සාහයක් බව මාධ්‍ය සංවිධාන පෙන්වාදෙයි.
පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු හා නියෝජ්‍ය සභාපතිවරයා කරන ලද කතාවලින් මාධ්‍යවේදීන් හෑල්ලූවට ලක්කරන ලද බවත් ඔවුන් තෝරාගත් මාධ්‍යවේදීන්ට පමණක් පළාත් සභාව ආවරණය කිරීමට කැඳවීම මාධ්‍යය නිදහස බලපෑම් කිරීමක් බවත් මාධ්‍ය සංවිධාන පවසයි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය මේ උද්ඝෝෂණය සංවිධානය කැර තිබිණි.
උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි මහතා පැමිණියේය. මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් සහ නියොජ්‍ය සභාපතිවරයා සමග පැවති සාකච්ඡුාවකදී තීරණය වූයේ මාධ්‍ය නියෝජිතයන් පිරිසක් හා පළාත් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවකින් පසු මේ ගැටළුව විසඳාගත යුතු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය හෙළි කරලා,ජනතාවට දැනුවත් කරන මාද්‍යවීදීන් වෙනුවෙන්, රටට අර්දරේ කරන එක කහ චීවරයද ලංකාවටම තියෙන්නේ. (ස)
තක්කඩි දේශපාලුවන් ගේ නිරුවත සමාජ ගත කල හැක්කේ මාධයවේදීන්ට පමණයි. නිරුවතින් ඉන්න කෙනා මාධ්‍යට බයයි. මේ අය කෙසේද මාධ්‍යවෙදින්ව පරික්ෂණයට භාජනය කරන්නේ. මාධ්‍ය වේදියා ලියපු වාර්තාව දෝෂ සහිත නම් ඒ බව දන්වා මාධ්‍යවේදියාව දැනුවත් කල හැකියි. එසේ නැතිනම් අදිකරණයක් තියෙනවා නිවැරදි කරගන්න. අනික මේ බුද්ධිමත් මාධයවේදීන් ප්‍රශ්නය නොවිමසා ගාල කඩාගත් හරක් වගේ එතනට දිව්වේ ඇයි ? (නදී)
අපි ඔබ සමගයි (නි)
මුළු රටම උද්ඝෝෂණය කළයුතුයි.අද මාධ්‍ය ,නීතිය ,අධිකරණය ,මානව හිමිකම් සියල්ල විනාශ වෙලා. (නි)
ගින්දර පොඩි වුනත් , ලොකු වුනත් ,දෙකම එකයි . පිච්චෙනවා . මාධ්‍ය මහත්වරු එය හිතට ගත්තොත් හොඳයි . (අ)
මාධ්‍යවේදීන් වෙනුවෙන් රටේ මිනිසුන්ගේ සහයෝගය ලැබෙනු ඇත (නි)
ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ හා පාර්ලිමේන්තුවේ සමහර අය අද හිතාගෙන ඉන්නේ ඔවුන්ට නීතිය පසිඳලීමට බලතල තිබෙනවා කියා. ඒකනේ නඩු අහන්න යන්නේ, මිනිසුන් ගස් බඳින්නේ, මිනිසුන්ට ගහන්නේ, බනින්නේ, දඬුවම් කරන්නේ. මේ මානසිකත්වය වහාම වෙනස් කළ යුතුයි. (නි)
ඔවුන් හිතන්නේ ඔවුන් තමයි ලොක්කෝ කියලා, ඒ පැත්තේ (නි)
කෝ බොල ගන්කෝ කුරුඳු පොල්ලක්...(නදී)
බඩු මිලට එරෙහිව විශාල උද්ඝෝෂනයක් ජනතා විමුක්ති පෙරමුණෙන් කොලඹදී කළා. ලංකාවේ කිසිම මාධ්‍යක් මේ උද්ඝෝෂණය වාර්තා කලේ නැහැ. කිසිම ෆොටෝ එකක් මාධ්‍යයේ පළ කලේ නැහැ. ඇයි ඒ විදියට ක්‍රියා කළේ.(නදී)
තම ජීවිතයේ අවදානම පවා නොසළකා එඩිතරව සෑමවිටම ජනතාවට සත්‍ය ඒ ලෙසින්ම හෙළිකරන සියලු ජනමාධ්‍යවල සොහොයුරන්ට සොහොයුරියන්ට අපේ ගෞරවය. මොන ආණ්ඩුව මේ රට පාලනය කළද මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා නොකර ඔවුගේ රාජකාරිය නිසි ලෙස කරන්නට අවස්ථාව ලබාදිය යුතුයි. මාධ්‍යවේදී සහෝදර සහෝදරියනි, ඔබට සියලු දෙවි පිහිටයි, තෙරුවන් සරණයි. (නි)
තිලක්, මොකද නැත්තේ? ඔය ඇතිතරම් ඉන්නේ (නි)
දේශපාලනඥයින් මාධ්‍ය තමන්ට අභිමත පරිදි හසුරුවන්න හරි කැමතියි. සමහර මාධ්‍යකරුවනුත් ඒ කැමැත්ත ඉටුකරදෙන බවට ලෝකේ ඕනෑම රටකින් උදාහරණත් දිය හැකියි. නමුත් බොහෝවිට සිදුවන්නා සේම මෙතැනදීත් මාධ්‍ය හරි. (නි)
පළාත් පාලකයන්ගේ බලතල ගැන මාද්‍යයෙන් වත් හෙළිකරලා පහදලා දෙන්න! ඇමතිවරු හිටියට ජොලියේ ඉන්නවා මිසක් වැඩක් කරන පාටක් නැහැ.? 'තිලක් ඩුබායි, හාමුදුරුවරු මේවට එන්න ඕනේ නැහැ. මාධ්‍යට ඕනේ තරම් විදියවල් තියෙනවා රටට ලෝකෙට තම පණිවිඩේ දෙන්න. හාමුදුරුවරු එන්න ඔනේ මිනිස්සුන්න්ට බැරි තැන්වලටයි. මිනිස්සු තමන්ගේ වගකීම් සංඝයාට දාන්න හදන එක පවු., ඔබ පවු පින් විශ්වාස කරනවා නම්?. උතුරේ පළාත් පාලකයන්ට යකා නටන්න දුන්නම මේ තත්වේ රටපුරා දරුණු වෙයි. ?මේක ජාතික විපතක්.., හරි මිනිස්සු බලයට පත් වෙන ක්‍රමයක් ඕනේ කියලා එක හඳින් ඉල්ලන්න දැන්වත්. මිනිස්සු එකතුවෙලා. (නදී)
මට පේන විදිහට සියල්ල සිදුවිය යුතු ආකාරය තීරණය වී අවසාන බවයි. නිදහස් මාධ්‍යයට ගහනවා කියන්නේ බලයේ ඉන්න මිනිස්සු සියතින් ගෙළ සිඳ ගත්තා වාගේ වැඩක්. බලයේ ඉන්න තිබෙන ආයුෂ දවස ගානේ ක්‍ෂය වන බව පේනවා. (නි)