රිටිගල පුරාවිද්‍යා රක්ෂිතයේ දූෂණ එළිකළ දඹුල්ල මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට විරුද්ධව පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා බවත් ඒ පිළිබඳ විමර්ශන නොකරන බවත් සඳහන් කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ලිපියක් නිකුත් කර ඇත.
ඔහුගේ අත්සනින් යුත් ලිපියක් අද (12) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍යවේදීන් කළ උද්ඝෝෂණයෙන් අනතුරුව අදාළ ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතවරියක් විසින් කාංචන කුමාර ආරියදාස මහතාට බාරදෙනු ලැබීය.
ඡායාරූප - අකිල බද්දෙවිතාන
ඡායාරූප හා වීඩියෝ- කෞශල්‍ය සමින්ද





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යාවට යහපාලනය අකැපද.? (ර)
රිටිගල පුරාවිද්‍යා රක්ෂිතය නැරබීමට ගියාම එහි පොතක් තබාගත් තැනැත්තෙක් අපේ නම ගම ජාතික හැඳුනුම්පත් අංක ලියා තව දුරටත් අපගේ ජාතික හැඳුනුම්පත් එහි තබා යන ලෙස දැන්වූවා. දිවයිනේ කිසිදු පුරාවිද්‍යා ස්ථානයකට ඇතුල්වීමට ජාතික හැඳුනුම්පත් අවශ්‍ය නොවේ. රිටිගල නැරබීමට පැය 2ක කාලයක් නියම කරන ලදි. අපට අතරමග හමවූ කන්ඩායම් වලින් මේ ගැන ඇසූ විට ඔවුන්න්ට පැය 2ක් කාලයක් නොදුන් බව පවසන ලදි. මගේ මිතුරාගේ ජාතික හැඳුනුම්පත නැවත ගැනීමට එහි ඇති කැටයට රුපියක් 200ක් දමන ලෙස බල කරන ලදි. මේ උගුලෙන් කෙසේ හෝ ගැලවී යාමට ඔහු ඉල්ලන ලද මුදල දුන් අතර මා ඒ ගැන ප්‍රශ්න කළ විට මා මාගේ මිතුරා සමග 'හොර ගමනක් ආව' කියා මහත් පහත් අන්දමින් පරිභව කළා. රජයේ වගකිවයුතු ස්තානයක රාජකාරි කරන නිලධාරියෙකු මේ අයුරින් කටයුතු කිරීම පිලිබඳව ඉතාමත් කනගාටු වෙමි (බ)
ගොඩ්ෆ්‍රී , ඔබ හරි ..(හේ)
මාධ්‍යවේදීන්ට අත නොතබනු. ඔවුන්ගෙන් වෙන සේවය අගය කරනු. ජනයා රටේ වෙනසක් ඇතිකලේ ඒ නියාය. (ර)
පරීක්ෂණ අවසන් කරන්න එපා. (ර)
මෙයාල රජයේ සේවකයෝ නේද, ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ? යමක් කරන්න කලින් හිතලා බලන්න ඕන නේද, (හේ)