පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය ඇමැති ලෙස පත් වූ ගයන්ත කරුණාතිලක මහතා පිළිගැනීමේ උත්සවයක් අද (04) රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වණි.
පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය ඇමැති ලෙස පත් වූ ගයන්ත කරුණාතිලක මහතා පිළිගැනීමේ උත්සවයක් අද (04) රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 ජනවාරි මස නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි වේලේ, රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එකල එහි අංශ ප්‍රධානියෙකු ලෙසද සේවය කළා. මා දින 100 වකවානුවේදී එයට ආ පාලකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් කළා කිසියම් වැඩසටහනක් තුළින් අලුතින් පත් වූ ආණ්ඩුවට සහයක් ලැබෙන ලෙස මා සතු ශාස්ත්‍රීය දැනුමෙන් හා විදේශ වලදී ලබනලද අත්දැකීම් අනුසාරයෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට යම් අවබෝධයක් ලබාදෙන්න. මා ඒ ඉල්ලීම කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කරන්න යම් ආකාරයකින් කළ උදව්වට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් නොවේ. අවාසනාවකට මෙන් තනතුරු වලින් ඔලුව ඉදිමුන මිනිස්සු අඩු වශයෙන් මගේ ඉල්ලීමට එක අකුරකින් හෝ ප්‍රතිචාර දැක්වීමට නොකැමැති වුණා. යපාලනයක් යනු මොකක්ද කියා මෙසේ හිස උදුම්මාගෙන තනතුරු පමණක් බදාගන්න එන මිනිසුන්ට කරුණාකර පහදා දෙන්න. මා සේවය කළ ආයතනයටත් මා ඉපදුන රටටත් මම පෙරසේම ආදරය කරනවා. (නි)
උණුසුම් සුබ පැතුම්! ඉවසීමෙන් ලැබුනු ජයග්‍රහණයක්. ඔබතුමා කවදාවත් තනතුරු වලට පස්සෙන් ගියේ නැත. පහුගිය මැතිවරණයේදී දිස්ත්‍රික් නායකත්වය පවා පරිත්‍යාග කළා. නමුත් දිස්ත්‍රික්කයේ පළමුවැන්නා වුණෙත් ඔබයි. (නි)
2010 දෙසැම්බර් සිට රූපවාහිනී මාධ්‍ය කිසිවක් නොබලන අපිට රූපවාහිනියවත් බලන්න පුලුවන් තත්වයට ඔබේ නායකත්වයෙන් පත්වේවා! (නි)
ජනමාධ්‍ය නිදහස අගතිගාමී බවින් මුදවන්න (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
පෙරේරා මහතා වැනි රටට යමක් කළහැකි උගත්, නිපුණ බුද්ධිමතුන්ට අපේ රටේ තැනක් නැතිවුණාට මහජනතාව ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ කිසිම දක්ෂතාවයක් නැති නූගතුන්ට නම් බොහෝ වරප්‍රසාද නව ආණ්ඩුවෙන් ලබා දී ඇත.ඒ නිසානේ මහත්තයෝ අපේ රට තාමත් තුන්වැනි පන්තියේම වැජඹෙන්නේ (නි)
ජයවේවා! (නි)
මන්ත්‍රීතුමා, මන්ත්‍රී ගණන 20 කියන ඒවා ගණන් ගන්න එපා. (නි)
මගේ උණුසුම් සුභපැතුම් (අ)
අපි දැක්කා ඔබතුමා කියනවා " ජනමාධ්‍ය නිදහස " ප්‍රායෝගිකවම දෙනවා කියලා. ප්‍රශංශනීයයි. නමුත්, මාධ්‍යවේදීන් අපක්ෂපාතී වියයුතුයි. අන්න ඒ සම්බන්ධවත් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න. සාධාරණ මාධ්‍ය කලාවකට එය අත්‍යාවශ්‍යයි. (නි)
රූපවාහිනී- ස්වාධීන චැනල් වලට දක්ෂ අලුත් අදහස් ඇති නිලධාරීන් පත්කරන්න. මිනිසුන්ට එපාවෙලා තිබුනේ. දැන් ටිකක් හොඳ වුණත් අලුත් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න.වැඩි මුදලක් ලබා දී හෝ දක්ෂයන් ගන්න. කොහොමත් ඔබත් දක්ෂ නිසා වැඩේ කරන්න පුළුවන්. (නි)
රටේ රෝහල් වල එක ඇඳේ ලෙඩ්ඩු දෙන්නයි. බෙහෙත් නැහැ.නමුත් ඇමතිලා පිළිගන්න උත්සව? (නි)
රටට වැඩක් කළ හැකි සරල මනුස්සයෙක් වන අපේ ගයන්තට සුබ පැතුම්! (නි)
උණුසුම් සුබ පැතුම් තලකඩ පවුලෙන්. ජය වේවා!! (නි)
අනේ ගයන්ත මහත්තයෝ, ඔබතුමාවත් එජාප පාක්ෂිකයා වෙනුවෙන් සැබෑ හඬක් නඟන්න. කියන්න ඇමති මණ්ඩලය 20 ට අඩුකරන්න කියලා. අපිට පාරේ බැහැලා යන්න නැහැ. (නි)
ඇමති මණ්ඩලය 20 දක්වා අඩුකරන බවට බෙරිහන් දුන්නා නේද? (නි)
මෙගා කැබිනට් අපි පත්නොකරන බවට පුන පුනා වහසිබස් දෙඩුවා. ඔබලාට එය අමතක වුණාට අපිට නම් එය අමතක කළ නොහැක (නි)
කරුණාතිලක මහත්තයෝ, ඔබ හොඳ බුද්ධාගම්කාරයෙක්. අපේ බුද්ධාගමට අනුව බොරු කියන එක අපාගතවන මහා පාපකර්මයක්. අපිත් එජාපයට වැඩ කරමින් ජනතාවට කිව්වා මෛත්‍රී පාලනයක් යටතේ කැබිනට් එක 20 යි. වෙන ඇමතිලා නැහැ කියලා. අනේ අපිව බොරුකාරයෝ කරවන්න එපා. ඔබතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන්න කැබිනට් එක 20 ට අඩුකරන්න කියලා. මේ රටේ දුප්පත් ජනතාව ඔහොම බදු ගෙවන්නේ කොහොමද? (නි)