
(නිමල් ජයරත්න)
පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක ගොවිමහතා ඔලුවෙන් හිටගෙන අලි මිනිස් ගැටුම පිළිබඳ අදහස් ඉදිරිපත් කළේය.
බලධාරීන්ට අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ.
,ගොවිතැන ගන්ඩ දෙයක් නෑ. මඤ්ඤොක්කා ගහක් හිටවලා කාපු කාලයක් මතක නෑ සේරම අලි වනසනවා. මේ ගැන පුන පුනා හැම රජයකටම කිව්වා කිසිම කෙනෙක් අවධානයක්, විසඳුමක් දුන්නේ නෑ. දැන් මම හිතුවා මේක අලුත් විදිහටවත් කියල බලන්න.
පරිසරවේදීන්, කෝටිපතියෝ, වාහනවල යනවා. ඒ අයට අලි තර්ජන නැහැ. අපේ අහිංසක මිනිස්සුන්, බෙහෙත් ගන්න, ටවුමට බඩු ටිකක් ගන්න යන්නේ පයින්, ළමයි පාසල් යන්නේ පයින්. එතකොට කොයි මොහොතේ අලියෙක් ගහලා අපිව මරල දායිද දන්නෑ. කියමින් උපුල් හෙටිනායක මහතා ඔළුවෙන් හිට ගෙන එලෙස අදහස් දැක්වූයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල දත් මානුසිකම පිරිසනේ දැන් රට පාලනය කරන්නේ. ඒ නිසයි මෙහෙම වෙන්නේ....
දශක හතක පළපුරුදු දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ ආනිසංස...
පරිසර වේදීන්, වනජීවී නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. බොරුමයි කරන්නේ.
සරමකුත් ඇඳගෙනම රනිල් මුත්තාගේ ගෙදර ඉස්සරහ ඔහොම කරන්න අයියා...
ඇයි ඔයා නලින්ද ජයතිස්සව කොපි කරන්නේ?
මූණ නිකං ජොනියගේ වගේ පේන්නේ මට විතරද?