මාදුළුවාවේ සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩනැගීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කැප වී සිටින මොහොතක උන්වහන්සේගේ අපවත්වීම කුමන්ත්‍රණයක්යැයි පැවැසීම සෝභිත හිමියන්ට කරන අපහාසයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.දිසානායක මහතා පැවැසීය.
‘‘මම නම් කියන්නේ උන්වහන්සේ අපේක්ෂා කළ සිහිනය ඉටු වුණා. ඒ තමයි මේ රටේ සියලු ජනවර්ග ඉවසන රාජ්‍ය නායකයෙකු මේ රටට පත්වීමයි. මම නම් හිතන්නේ උන්වහන්සේ ඉතාම සතුටින් අපවත් වූ බවයි. උන්වහන්සේ මරාගත් බවට කරන චෝදනාව උන්වහන්සේට කරන අපහාසයක්. උන්වහන්සේට සාධාරණයක් ඉෂ්ට කරලා ඉවරයි. උන්වහන්සේ පතපු ලෝකය දැන් බිහිවෙලා ඉවරයි. ජනාධිපතිවරයාත් අග්‍රමාත්‍යවරයාත් ඒ වගකීම ඉෂ්ට කරමින් ඉන්නේ.’’ යැයි ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට මෙතුමා මොනවා කියයිද ...? දෙයියෝ තමා දන්නේ (කෞ)
'නිමල් ලලිත 'නිකන් මුසාවාද කියන්න එපා. ඔයා කියන ඔය දේ සිද්ද වෙන්නේ පන්සල්වල ගිහින් දේශපාලනය කතා කරන අයගෙන් මිසක් වෙන අයගේ අතින් නෙවෙයි. (ර)
ධම්මාලෝක හාමුදුරුවෝ මේ චෝදනාව දැන් අරගන්නේ කළ වරද වහගන්න කියලයි අපිට හිතෙන්නේ. එහෙම නැත්නම් ඇයි දැන් මේ ගැන කියවන්න ගත්තේ? (නි)
අර අලි පැටියෙක් පන්සලේ අතහැරලා ගිහිල්ලා තිබුනා කියලා කියපු අයම නේද ඕකත් කිවුවේ? එච්චර මේවා ගැන හිතන්න එපා (නි)
හිටපු ආණ්ඩුවේ අය නම් සතුටින් ඉන්නේ. වෙනසට මුලපුරපු අය ලෙඩවෙනවා (නි)
අනේ මෙහෙමත් මිනිසුන්! අපවත්වුණ හාමුදුරුවන්වත් දේශපාලනයට ඈදාගන්නවා (නි)
ඒක වෙන්න ඇති සෝභිත හාමුදුරුවෝ මේ වැඩ ගැන කම්පාවෙන් ප්‍රකාශ නිකුත්කළේ? ඕවා හොඳයි කොණ්ඩය බැඳපු චීනුන්ට. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නායකත්වය දරන කොමිසමක් පත්කර මේ ගැන විමසන්න. (නි)
ඇයි කලබල වෙන්නේ? කොළ දන්නා අපිට ගහ පෙන්වන්න එපා. (නි)
මෙතුමා නම් ලංකාවේ හිටපු කෙනෙක් නෙමෙයි වගේ (නි)
මට හිතෙනවා කට ඇරලා බලන්න දිවවල් කීයක් තියනවද කියලා. (නි)
සෝභිත හාමුදුරුවන්ව මොකද දන්නෙ නැහැ මේ හදිසියේ මතක්වුණේ? (නි)
මුරුත්තෙට්ටුවේ හිමි පැවසු දෙයක් ඇත්ත. සෝභිත හිමි අද සිටියා නම් මේ ආණ්ඩුවේ ප්‍රධාන සතුරා වෙනවා. එසේ වන්නේ ගිය ආණ්ඩුවේ හොරු සිරගත නොකර නිදැල්ලේ සිටීමට විරුද්ධව සෝභිත හිමියන් ආණ්ඩුවට දොස් කියන බව සිකුරු නිසයි. (නි)
පස්ස දොරෙන් ආ අය බලයේ ඉන්න කියන කතා ගැනත් අපි හොඳට දන්නවා (නි)
එරික් මමත් බල බල ඉන්නේ අපේ ගෙදරටත් කව්රු හරි අලි පැටියෙක් ගෙනත් දානකන් , එ්ත් බලන්නකෝ කව්දෝ නරුමයෙක් පෙරේද රැ අපේ ගෙදරට පූස් පැටියෙක් හොරෙන් දාල ගිහිල්ලනේ , නැහැදිච්ච එවුන් (බ)
රමණි, මෙතුමන්ලා හැමදාම දිව දෙපැත්තෙන්නේ කතාව. (නි)
ඔව් ඔව්. සෝභිත හිමි කෑගැහුවේ ඡන්දෙන් පැරදෙන, ජනතාව ප්‍රතික්ෂේප කළ අයව පාර්ලිමේන්තු යවන්න, ඇමතිකම් දෙන්න කියලානේ (නි)
ජනමතයට ගරුනොකරන දේශපාලඥයින් අපි ප්‍රතික්ෂේප කරමු (නි)
දැන් මහා සැකයක් පහළ වෙලා අපවත් වීම සෝබිත හිමිගේ මේක කුමන්ත්‍රණයක් (බ)
මෙතුමලා කොහොම මෙහෙම හැරෙන හැරෙන පැත්තට කතාකරනවද කියලා මට නම් හිතාගන්න බැහැ (නි)
ඒ හින්දද දන්නේ නෑ උන්වහන්සේ අපවත් වෙන්න කලින් "අපිට වැරදුනා" කියල කිව්වේ නේද? (බ)
පරාජිතයෝ ඇමතිකම් ගැනීම සහ රට කඩාවැටීම සෝභිත හිමිගේ යහපාලනය නොවේ. ජනතාව ඔබට ගොඩක් ඉදිරියෙන් බව හිතා කටයුතු කරන්න (නි)
ගොඩක් අයට ඊළඟ ඡන්දෙදි ඇපත් නැහැ. ඔහොම යමුකෝ! (නි)
උන්වහන්සේ පැතූ රට බිහිවුණා නම්, ඡන්දය පරාදවුණ අය පාර්ලිමේන්තු ඇවිල්ලා ඇමතිලා වෙන්න විදියක් නැහැනේ (නි)
පාන් මිල වැඩිකිරීම, මන්ත්‍රී වැටුප්, දීමනා වැඩිකිරීමේ යෝජනා, මන්ත්‍රී වාහන පර්මිට්, වැට් වැඩිකිරීම, පිටි මිල වැඩිකිරීම, වැට් වැඩිකිරීම නිසා ඉහළ ගිය වෙනත් ආහාර ද්‍රව්‍ය, 100 කට වැඩි ඇමති මණ්ඩලයක් ලබාදීම, මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර මේ අතරින් විශේෂයි. (නි)
මෙතුමා හීනයක් දැකලද කොහෙද? (නි)
සෝහිත හිමි පැතුවේ විදුලිය කපන, ආර්ථිකයක් බංකොලොත් වෙන රටක්ද? (ම)
කවදා මේ රොටි ටික පුච්චලා අවසානයක් කරන්නද කියලා අපිට තේරෙන්නෙ නැහැ හාමුදුරුවනේ (නි)
මේ කතාවට මුල මැතිනියරාමයේ අලි පැටියා අත්අඩංගුවට ගැනීම. නැත්නම් මීට පෙර කිව්වේ නැත්තේ ඇයි, කොහොම වුනත් මෙයාලා වටේ ඉන්න අයගෙන් අපිට පේනවා මේක බොරුවක් කියල. (බ)
සිරි, ජනමතයට ගරුනොකරන දේශපාලඥයින් අපි ප්‍රතික්ෂේප කළාට වැඩක් නැහැ. අාපසු ලිස්ට් එකෙන් ගන්නවනේ (නි)
බලපෙරේත දේශපාලකයන්ට ඇත්ත අමතකවෙනවා, අමතක කරනවා. සෝභිත ස්වාමින් වහන්සේ අපේක්ෂා කළේ කාටත් සාමයෙන් විසිය හැකි, සාධාරන සමාජයක් සහිත සිංහල බෞද්ධ රටක්. දැන් එ්ක සිද්ධවෙලා තියෙනවද? සිංහල බෞද්ධ අයිතිය මොහොතින් මොහොත නැතිවෙනවා. නොදන්නවා නම් හොඳ සිහියෙන් උතුරු නැගෙනහිර පළාත් වල ගොස් බලන්න. බැරිම නම් කොළඹ වටා යන්න. (නි)
අවසාන වශයෙන් නැවතී සිටි මෙරට පුද්ගලික රෝහලේ වාර්තා ගැන ඇයි හොයන්නේ නැත්තේ? මේ රටේ මිනිස්සු එ්කට පරීක්ෂණයක් ඉල්ලන්න ඕනෑ. (නි)
පේනවා ඉෂ්ට කරමින් ඉන්න බව! (හේ)
මොකද මෙයා මේ වගේ කතා කරන්නේ.(හේ)