සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73) අද අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ දී අපවත් වූ බව එසැණ සාතිශය සංවේගයෙන් දැනුම් දෙයි.
සෝභිත හිමියෝ ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක හදවත් සැත්කමකට බඳුන් කරනු ලැබූහ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය තුන් වැනි දා සිංගප්පූරුව බලා වැඩමවාගෙන යනු ලැබූහ. ඒ සිංගප්පූරුවේ විශේෂ ගුවන් යානයකිනි. සිංගප්පූරුවේ දී එරට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ සහ ලංකාවේ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සෝභිත හිමියන් ප්‍රතිකාර ලැබීය.
සෝභිත හිමියන්ගේ දේහය හැකි ඉක්මණින් ලංකාවට එවීමට කටයුතු කරන බව සිංගප්පූරුවේ ආරංචි මාර්ග කියයි.
යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීම් කළ සෝභිත හිමියෝ පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වෙහෙසුනහ.
ඉන් පසු ස්වාධීක කොමිෂන් සභා හැකි ඉක්මණින් ස්ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස මේ ආණ්ඩුවට ද බල කළහ.
1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී සෝභිත හිමියෝ උපත ලැබූහ. පියා පතිරගේ දොන් අප්පුහාමි ය. මව කරලිනාහාමි ය. සෝභිත හිමියන්ගේ ගිහි නම පී ඩී රත්නසේකරය.
1955 දී සසුන් ගත වු සෝභිත හිමියෝ 1962 දී උපසම්පදාව ලැබූහ.
(සෝභිත නා හිමියන්ගේ 70 වැනි ජන්ම දිනයට ලියැවුණු ගීතයක්)
(ලංකාදීප එසැණ සමඟ මාදුළුවාවෝ සෝභිත නා හිමියන් පැවැත් වූ සාකච්ඡාවක්)
(ලංකාදීප එසැණ සමඟ මාදුළුවාවෝ සෝභිත නා හිමියන් පැවැත් වූ සාකච්ඡාවක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේ රටට ඉමහත් සේවයක් කළ සාසනයට සේවයක් කළ ඔබ වහන්සේ පැතූ යහපාලනය රටට උදාවේවා. මරණය නමැති ධර්මතාවය වැළඳ ගනිමින් ඔබ වහන්සේ අප සැමගෙන් සමුගෙන අපවත්වුණා. සේනාසනවාසී සියලු ස්වාමීන්වහන්සේලා ඇතුළුව මා ප්‍රාර්ථනා කරනවා නිවන්සුව ලබාගැනීමට හැකිවේවා කියා ! (බ)
ජාතිය වහල් යුගයකින් නිදහස් කරලීමට ඔබවහන්සේ කළ කැපවීම ම ඇති නිවන් දකින්නට .අපගේ සාතිශය සංවේගය! (බ)
ඒකාධිපතියෙකුගේ වහල්ලු වගේ ජිවත් වුන අපිව සහ අපේ දරු පරම්පරාවම නිදහස් කර දුන්නු,ඒ සදහා නායකත්වය දුන්නු ඔබ වහන්සේට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. (බ)
එදා ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ පිළුණු බත් කනකොට ඒ වෙනුවෙන් නොබියව සටන් කළා. ඔබ වහන්සේගේ කටහඩ අපවත් කරන්න නොකරපු දෙයක් නැහැ.(මහනුවර සත්‍යග්‍රහය වලක්වන්න ඔබ වහන්සේ ගිය වහනය අනතුරට පත් කළා).ඒ කිසිවකින් නොසැලුන ඔබ වහන්සේ අවසාන ඉලක්කය දක්වා සටන් කළා. ඒ අපේ රට වෙනුවෙන් සහ උපදින දරු පරම්පරාව වෙනුවෙන්.ඔබ වහන්සේට නිවන් සුව. (බ)
වෙනසකට මුලපිරූ හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා ! (නි)
නිවන් සැප ලැබේවා හිමියනි! (නි)
ඔබ වහන්සේට දෙව් මිනිස් සැප කෙළවර නිවන් සැප ලැබේවා ! (නි)
ඔබ වහන්සේ වැනි නිර්භීත බුදු පුතුන් අද වෙන නැත. ඔබ වහන්සේ අපවත්වීම අපේ අවාසනාවයි (නි)
ඔබ වහන්සේගේ බලාපොරොත්තු වූයේද යහපාලනයයි. එය යථාර්ථය ඔබ වහන්සේට තේරුම්ගියේ අස්වනු නෙළීමට ගියවිටය. ඔබ වහන්සේ දැන් නෙළාගත් අස්වනු භුක්ති විඳීමට අප අතර නැත. නමුත් අප හා රටේ අනාගතය එම අස්වැන්න භුක්ති විදිය යුතු වේ. මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව...!!! (නි)
හිමිනමක් ලෙස ඔබවහන්සේ රටේ සෑම පුරවැසියෙකුටම දැනෙන ලෙසයි වාසයකළේ. ඔබවහන්සේ කළ ශාසනික මෙහෙවර ආත්ම ගණනාවකට ඇති. නිවන් සුව! (නි)
ඔබවහන්සේ පැතූ යහපාලනය ඔබවහන්සේට මෙන්ම අපටද සිහිනකයකි. ඔබවහන්සේට නිවන් සුව! (නි)
නිවන් සුව අත්වේවා (ම)
මහා නාහිමියන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා (ම)
ඔබවහන්සේට නිවන්සුව අත්වේවා !!! අනේ ඔබවහන්සේ දේශපාලන මඩවලට පා නොතබුවානම් ??? (ම)
"හිමියනි, ඔබ දේශයේ නිදා සිටි අන්ධයින් අවදිකිරීමම ඔබවහන්සේට නිවන් දැකුමට හේතු වන මහඟු පිනකි. දේශයේ නියම සිංහලයන්ගේ උත්තමාචාරය '' (නි)
හද සසලකල පුවතක්. ප්‍රයෝගිකව සමාජ යහපත උදෙසා අවසන් මොහොත දක්වා කැප වූ යතිවරයාණන් කෙනෙක්. උන්වහන්සේට නිවන්සුව සාක්ෂාත් වේවා.(ම)
ඔබ වහන්සේට නිවන් සැප (ම)
ජාතිය අවදි කල යතිවරයණෙනි,ඔබ වහන්සේට නිවන් සුව ! (ම)
රටට අත්‍යවශ්‍ය හිමි නමකි ඔබවහන්සේ.ඔබගේ වියෝව අපට හොදටම දැනේවි.ඔබවහන්සේට නිවන් සුව පතමි. (ම)
සංවේගයෙන් උවද ඔබවහන්සේ මේ රටට කල අමිල මෙහෙවර කිසිදා අමතක කළ නොහැක ලාංකිකයන් වන අප සියලු දෙන්න්ගේ හිත වල ඔබවහන්සේ සදාකාලයටම සිටි ඔබවහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා (ම)
උන්වහන්සේ නිර්දය ලෙස විවේචනය කරන මෝඩ මිනිසුනේ උබලා කෙතරම් අපහස කරාද උන් වහන්සේ උබලාට අනුකම්පා කරනු ඇත .(ම)
ඔබ වහන්සේට නිවන් සුව ! (ම)
මතු සසරදී වත් සාසනය වෙනුවෙන් චීවරය දරන්න ලැබේවා! (ම)
ජාතිය වහල්යුගයකින් නිදහස් කරලීමට ඔබවහන්සේ කල කැපවීම ම ඇති නිවන්දකින්නට . අපගේ සාතිශය සංවේගය .(ම)
බොරු ආටෝප නැති .. යථා වාදී තතා කාරී නිමිනමක් . ඔබවහන්සේට මොක් සුව! (ම)
නිවන් සුව අමාමහ නිවනින් සැනසිම ලැබේවා (ම)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !!! (ම)
යහපාලයේ සතුටට ඔබට නිවන් සුව.(ම)
හිමියනි ඔබ වහන්සේ මැවූ / සිතු යහපාලනය අපට කවදා හෝ ලඟා වේවා.ඔබ වහන්සේ වැනි හිමිවරු මේ පොළොවේ තවත් ඉන්නවාද සැකයි.ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා.(ම)
රටට කල සේවයට ඔබට නිවනම අත් වේවා (ම)
ශ්‍රී ලාංකීය අභීත සිංහ නාදය! ඔබ වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා! (ම)
ඔබ වහන්සේට අමා මහ නිවන් සැප ලැබේවා.! ඔබ වහන්සේ රටට කියා දුන් ඒ දහම සදාකල් පවතීවා.! (ම)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !!! (ම)
සංඝ පීතෘවරයාණෙනි... ඔබ වහන්සේගේ අපවත් වීම මුළු මහත් සංඝ සමාජයටම පුරවාලිය නොහැකි පාඩුවකි. (ර)