මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ ආකාරයේ රටක් බිහිකිරීමේ ගමන නොනවත්වා යන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෝට්ටේ නාග විහාරයේදී මහ සඟරුවන ඉදිරියේ අද (8) යළි අවධාරණය කළේය.
ජනාධිපති ධූරයට පත්ව වසරක් පිරීමත්, සෝභිත නාහිමියන් අපවත්වී දෙමසක් පිරීමත් නිමිත්තෙන් නාග විහාරයේ පැවැති පුෂ්පෝපහාර පිදීමේ අවස්ථවට එක්වෙමින් ජනපති මේ බව කීවේය.
විහාර භූමියේ සඳුන් පැලයක් රෝපණය කිරීමටද ජනපති එක්විය. නාහිමියන්ට පිං පිණිස පාදයක් අහිමි දරුවකුට (15) කෘතිම පාදයක් පිරිනැමීමද එහිදී සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල අමතක නොකළ නායකයා (බ)
එ්කනේ ඇමති මණ්ඩලේ දැන් 100 ටත් වැඩි වෙලා තියෙන්නේ. (බ)
අපේ හාමුදුරුවන්ට කරන්න පුළුවන් ඉහලම ගෞරවය සාධාරණ සමාජයක් ඇති කිරීමයි . (ර)
ඔබතුමා ගැන ආඩම්බරයි. (ර)
අපවත්විවදාළ ගරුතර ස්වාමින්වහන්ස, නිවන් දකින්නට එකම එක ආත්මයකට කලින් හෝ නැවතත් මෙරටේම ඉපදී ...ඒ කාලයේදීත්, ඔබවහන්සේ මේ ආත්මයේ පැතූ පැතුම් හෙවත් දුෂණයෙන්,හොරකමින්,මැරකමින් තොර, සර්වසධාරණ ,යහගුණවලින් පිරි අවංක මිනිසුන් වෙසෙනා රටක් සැදී නැතිනම්....යලි යලිත් සටන් කොට අපේ රට වාසනාවන්ත රටක් කරනු මැනවි. ඒ කරන සත් කාර්යයෙන් ලැබෙන පිනම ඇති මතුබුදුවන බුදුන් දැක නිවන් දකින්නට. (කෞ)
පත්වීමට වසරක් පිරීම වැදගත් අවස්ථාවක්. එත් වඩාත් වැදගත් වෙන්නේ එය ජනතාවට දැනෙන වර්ෂයක් වීමයි. මිශ්‍ර අදහස් පවතිනවා. අපි වැඩ කරමු. සොබිත හාමුදුරුවන්ට ගෞරව කිරීම යනු , යහපාලන ප්‍රත්පත්ති මත පිහිටා කටයුතු කිරීමයි. ජනාධිපති තුමා කෙලෙහි ගුණ දන්නා අයෙකු බව අපි දන්නවා. එය උතුම් මනුෂ්‍ය ගතියක්. මනුස්සකම මත පිහිටා කටයතු කරන්න. ඔබට සහ අපේ රටට '" චිරං ජයතු".(හේ)
රටේ පැතුමත් එයමවේ. (ර)