නිධානයකින් ලැබුණු මැණිකක් බව කියා ජා ඇළ ව්‍යාපාරිකයකු ගලේවෙලදී පාට කළ වීදුරු කෑල්ලක් රුපියල් ලක්ෂ හතරකට විකිණු බව කියන පින්තාරු බාස් කෙනකු හා ඔහුගේ සගයා පොලීසියට අල්ලා දීමට ගැමියෝ පිරිසක් සමත් වුහ.
රුපියල් ලක්ෂ දහයේ සිට රුපියල් ලක්ෂ හතර දක්වා ගලේ මිල අඩු කැර ගත් ව්‍යාපාරිකයා ලක්ෂ හතරක් ඊට ගෙවා ඇත.ගල පරීක්ෂා කිරීමට යමුයි යෝජනා කළ අවස්ථාවේ පින්තාරු බාස් පැන ගිය බවත් ගැමියන් ඔහු අල්ලාගත් පොලීසියට බාර දුන් බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට රැවටෙන අයත් ලංකාවේ ඉන්නවද හැබෑටම? (නි)
නිදන් හොයන්න කියල වෙහෙර විහාර පෞරාණික තැන් විනාස කරනවා. රජ කාලේ රත්තරන් මුතු මැණික් කිලෝ ගණන් තිබුනේ නැහැ පොලව යට හංගන්න. මැටි මුට්ටියක් රූපයක් වගේ දෙයක් තියේවි. එහෙම දෙයක්වත් අහුවුණා කියල පත්තරයකින් පොලිසියෙන් දැකල නැහැ (නදී)
වැඩි තණ්හාවට ගියාම ඔහොම දේවලුත් වෙනවා. (නි)
මදැයි ඔයින් ගියා (නි)
සිහින ලෝකවල ජීවත්වෙන අය ඉක්මනට රැවටෙනවා රෝහණ (නි)
තණ්හාවෙන් අන්ධ වුණාම ඕනෑ මෝඩකමක් කරනවා. (නි)
රෝහණ. ලංකාවේ මැණික් තිබුනට මේකේ මිනිස්සු මැණික් ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. (ස)
මට කියන්න තියෙන්නේ, මිනිසුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ? අල්ලා දුන් අයට ගොඩක් තුති (නි)
පින්නවලත් ඉන්නවා කලුපාට ප්ලාස්ටික් කෙදි, අලින්ගේ වලිගෙ කෙදි කියලා විකුණන සෙට් එකක්. සිගරට් ලයිටරකින් පුච්චලත් පෙන්නවා පුළුටු ගද එනවා. අහුවෙන්න එපා. ඒක හෙන ප්‍රෝඩාවක්. (නදී)
මුදලාලියාවත් ගස් බදින්න ඕනේ හරි නම්. මේක නිදානයකින් ගත්ත එකක් නම් මුදලාලිට ඒ ගැන පොලිසියට කියන්න තිබ්බනේ. (නදී)