IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුදලාලි වීදුරු කෑල්ලට අහු වී බේරේ

නිධානයකින් ලැබුණු මැණිකක් බව කියා ජා ඇළ ව්‍යාපාරිකයකු ගලේවෙලදී පාට කළ වීදුරු කෑල්ලක් රුපියල් ලක්ෂ හතරකට  විකිණු බව කියන පින්තාරු බාස් කෙනකු හා ඔහුගේ සගයා  පොලීසියට අල්ලා දීමට ගැමියෝ පිරිසක් සමත් වුහ.

රුපියල් ලක්ෂ දහයේ සිට  රුපියල් ලක්ෂ හතර දක්වා  ගලේ මිල අඩු කැර ගත් ව්‍යාපාරිකයා ලක්ෂ හතරක් ඊට ගෙවා ඇත.ගල පරීක්ෂා කිරීමට යමුයි යෝජනා කළ අවස්ථාවේ පින්තාරු බාස් පැන ගිය බවත් ගැමියන් ඔහු අල්ලාගත් පොලීසියට බාර දුන් බවත් කියති.

 

 



අදහස් (0)

මුදලාලි වීදුරු කෑල්ලට අහු වී බේරේ

රෝහණ Sunday, 10 August 2014 06:24 AM

මේවාට රැවටෙන අයත් ලංකාවේ ඉන්නවද හැබෑටම? (නි)

:       0       0

නිහාල් විතානගේ Sunday, 10 August 2014 02:24 PM

නිදන් හොයන්න කියල වෙහෙර විහාර පෞරාණික තැන් විනාස කරනවා. රජ කාලේ රත්තරන් මුතු මැණික් කිලෝ ගණන් තිබුනේ නැහැ පොලව යට හංගන්න. මැටි මුට්ටියක් රූපයක් වගේ දෙයක් තියේවි. එහෙම දෙයක්වත් අහුවුණා කියල පත්තරයකින් පොලිසියෙන් දැකල නැහැ (නදී)

:       0       0

මලිත් Sunday, 10 August 2014 06:31 AM

වැඩි තණ්හාවට ගියාම ඔහොම දේවලුත් වෙනවා. (නි)

:       0       0

සමන්ත Sunday, 10 August 2014 06:36 AM

මදැයි ඔයින් ගියා (නි)

:       0       0

සමරේ(ගාල්ල) Sunday, 10 August 2014 06:36 AM

සිහින ලෝකවල ජීවත්වෙන අය ඉක්මනට රැවටෙනවා රෝහණ (නි)

:       0       0

සෑම් Sunday, 10 August 2014 07:05 AM

තණ්හාවෙන් අන්ධ වුණාම ඕනෑ මෝඩකමක් කරනවා. (නි)

:       0       0

ගිහාන් Sunday, 10 August 2014 07:27 AM

රෝහණ. ලංකාවේ මැණික් තිබුනට මේකේ මිනිස්සු මැණික් ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. (ස)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Sunday, 10 August 2014 07:36 AM

මට කියන්න තියෙන්නේ, මිනිසුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ? අල්ලා දුන් අයට ගොඩක් තුති (නි)

:       0       0

චමින්ද Sunday, 10 August 2014 10:10 AM

පින්නවලත් ඉන්නවා කලුපාට ප්ලාස්ටික් කෙදි, අලින්ගේ වලිගෙ කෙදි කියලා විකුණන සෙට් එකක්. සිගරට් ලයිටරකින් පුච්චලත් පෙන්නවා පුළුටු ගද එනවා. අහුවෙන්න එපා. ඒක හෙන ප්‍රෝඩාවක්. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 12:20 PM

මුදලාලියාවත් ගස් බදින්න ඕනේ හරි නම්. මේක නිදානයකින් ගත්ත එකක් නම් මුදලාලිට ඒ ගැන පොලිසියට කියන්න තිබ්බනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site