මුදලට තරග අවස්ථා පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට් සහ හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් අසීෆ් වැරදිකරුවන් වනු ඇතැයි බි‍්‍රතාන්‍ය නීතිවේදීහු කියති.
ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය වසරේ අගෝස්තු මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී තරග අවස්ථා පාවා දුන්නේ යැයි මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා ඇතුළු ක‍්‍රීඩකයන් කීප දෙනෙකුට චෝදනා එල්ල විය.
මෙම තරගයේදී සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් සැළසුම් සහගතව නිපන්දු යැවූ බවට සනාථ වී තිබේ. මෙම සති අන්තයේදී ක‍්‍රීඩකයන් දෙපළට දඩුවම් පැනවීමට නියමිත අතර එහිදී බට්ට අවම වශයෙන් වසර හතක සිර දඩුවමක් හෝ දඩයක් පැනවීමට ඉඩ තිබේ.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාටම මේ වන විටත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව වසර පහක ක‍්‍රිකට් තහනමක් පනවා තිබේ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd