මුදලට තරග පාවාදීමට තමන් සම්බන්ධ වූයේ යයි බංග්ලාදේශ පිලේ හිටපු ටෙස්ට් නායක මොහොමඞ් අෂ්රාෆුල් විසින් පිළිගනු ලැබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මුදලට තරග පාවාදුන්නේ යයි චෝදනා ලද අශ්රාෆුල් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ අවසන් වන තුරු ඔහුට කිසිදු තරගයකට සහභාගි විය නොහැකි යයි බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තහනමක් පනවන ලදි. අනතුරුව පැවැති පරීක්‍ෂණයකදී තමාගේ වැරදි කි‍්‍රයා සම්බන්ධයෙන් පාපොච්චාරණය කරමින් මුදලට තරග පාවාදීමට තමන් සම්බන්ධ වූයේ මොහොමඞ් අෂ්රාෆුල් පවසා තිබේ.
”සෑම චෝදනාවක් සම්බන්ධයෙන්ම මා පාපොච්චාරණය කළා.....ඒ කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපත වෙනුවෙන්. බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් දෙනු ලබන ඕනෑම දඬුවමක් මා පිළිගන්නවා” යයිද 28 හැවිරිදි අශ්රාෆුල් ඩකා නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.
”මා හැම තිස්සේම උත්සාහ කළේ මගේ හොඳම දේ කි‍්‍රකට් කී‍්‍රඩාවට දෙන්නයි. ඒත් මගේ වැරදි සම්බන්ධයෙන් මට වරදකාරී හැ`ගීමක් තිබෙනවා”
”කරුණාකර මට සමාව දෙන්න” යයිද හෙතෙම පැවසීය.
බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති නසිමුල් හසන් මහතා පවසන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් අදාළ පරීක්‍ෂණ කරනු ලබන බවයි. බංග්ලාදේශ ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ (බී.පී.එල්.) කි‍්‍රකට් තරග සම්න්ධයෙන් මෙම පරීක්‍ෂණ පැවැත්වෙයි.
”මේ පරීක්‍ෂණ අවසන් වන තුරු අශ්රාෆුල්ට කිසිම කි‍්‍රකට් තරගයකට සහබාගි වෙන්න බෑ”
”මේ සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණයේ වාර්තාව අනුව එහි ඊළ`ග පියවර ගනු ඇත” යයි බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සටහන් වේ.
දකුණත් පිතිකරුවකු වන මොහොමඞ් අශ්රාෆුල්, ශී‍්‍ර ලංකාවට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත්තේ ටෙස්ට් ශතකයක් ලබාගත් ලෝකයේ ලාබාලතම පිතිකරුවා වෙමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17 කි.
අශ්රාෆුල් මේ දක්වා ටෙස්ට් තරග 61 කට සහ එක්දින තරග 177 කට කී‍්‍රඩා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදලට තරග පාවාදුන් බව අශ්රාෆුල් පිළිගනී
අකිල Wednesday, 05 June 2013 04:52 PM
ඉස්ලාම් නිසා ඔලුව බිමගහලා පොලව දෙපාරක් සිඹින්න (නි)
නිල්මිණි Wednesday, 05 June 2013 04:58 PM
මංජු මේක හරාම් තමයි. (නි)
උදය Wednesday, 05 June 2013 02:35 PM
ඔය දේශය කොහොමත් ඔය වැඩවලට ප්‍රසිද්ධයි (නි)
වරුණ Wednesday, 05 June 2013 02:47 PM
කොහොමද අයි පී එල් කරපු විනාසේ?හොද වෙලාවට එස් එල් පී එල් අසාර්ථක වුනේ ?නැත්තම් ලංකාවේ නමත් ඉවරයි (නි)
සදලි Wednesday, 05 June 2013 03:13 PM
ලංකාවෙත් හෙව්වොත් හරි.(නදී)
සමීර සාලින්ද Wednesday, 05 June 2013 03:40 PM
බන්ගලි අයට මොකද උනේ.(නදී)
මංජු Wednesday, 05 June 2013 03:52 PM
මම මේ දන්නේ නැති හින්දා අහන්නේ එතකොට මේ වැඩේ හරාම්ද ?(නදී)
රුවන් Wednesday, 05 June 2013 04:07 PM
අපේ මුළු ටීම් එකටම පරීක්ෂණයක් කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)
නසා Wednesday, 05 June 2013 04:15 PM
අය්යෝ බංගලි අය්යා මොකද වුනේ? (නදී)
ජෝයි Wednesday, 05 June 2013 04:16 PM
ඔක්කොම එකයි බැලුවහම...සල්ලි ගනිද්දී අල්ලාව මතක් වුණේ නැද්ද දන්නෙ නැහැ? (නි)