වාණිජ්‍යය වටිනාකමට ගීත නිෂ්පාදනය
අතීතයේදී වඩා වාණිජයම වටිනාකමක් උදෙසා නිර්මාණය වන ගීතයන් වන යම්කිසි රසඥතාවක් විඳීමට කිසිදු අදහසක් නොමැත. අද බොහෝ නවක ගායකයන් සඳහන් කරන්නේ ‘අද අප නිර්මාණය කරන්නේ අපේ රසිකයන් අපෙන් ඉල්ලන දෙයයි’ යනුවෙනි. නමුත් කවදා හෝ දිනෙක කිසිදු ගායකයෙක් තමන්ගේ රසිකයන්ගේ ඉල්ලීමක් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබේද?. පැරණි දශකයන්හි ගීතයන් නිර්මාණය වූ ඒ ඔවුන්ගේ අත්දැකීම හෝ පෞද්ගලිකත්වයේ ආත්ම තෘප්තිය වෙනුවෙනි. නමුත් අද වනවිට ගීතයක් නිර්මාණය සඳහා මුල පුරන්නේ කිසියම් ආයතනයක (රිගින් ටෝන්) ඕනෑ එපාකම් අනුවය. එම වාණිජකරණයට හසුවූ තවත් දෙයක් වන්නේ මියුසික් වීඩියෝ රැල්ලයි.
රැල්ලක් පස්සේ යන රැල්ල
රැලි ලෙස නිර්මාණය වූ බෝහෝ දේවල් හොඳට මෙන්ම නරකටද සිටි බව කිව හැකිය. නමුත් රැල්ලක් නිර්මාණය වන්නේ එකා පස්සේ එකා යාම මගිනි. අද මෙන්ම පසුගිය දශකවලද රැලි කියන සංස්කෘතියක් තිබූ බව කිව යුතු නැත. මල් රැල්ල ලෙස නිර්මාණය වූ ගීතමය ස්වභාවය මගින් ලංකාවේ ඇති සියලු මල්වල නම්වලින් ගීත නිර්මාණය විය. ඊට පසු හින්දි තනු සඳහා ගීත නිර්මාණය වීමට ඇරඹුනි. මීට අමතරව පැරණි ගීත නැවත රීමේක් කර ගායනා කිරීමේද ආරම්භයක් ගනු ලැබීය. එයත් පොඩි ජොලියක් ලබා දෙන රැල්ලක් කිව හැකිය. එමෙන් මේ වනවිට වෙනස්ම වූ විවිධ රැලි නිර්මාණය වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
බූට් එකක් කාපු එකාට වඩා සිංදුව කියන එකා අඬනවා
අතීතයේ දශකවල නිර්මාණය වූ ගීත බොහෝ දෙනා අසනු ලැබුවේ ශ්‍රාවකයන්ගේ සිත්වල ඇති වූ වේදනාව සහ යම්කිසි විඩාවට පත්වූ සිතක් නිවන්නටය. ප්‍රේමයෙන් පරාද වූ විට විරහ ගීතයක් විඳ එය තම ජීවිතය කරගනිමින් එය රසාස්වාදය කරගනිමින් පරාජිත ප්‍රේමය විඳගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටියහ. නමුත් අද වනවිට ජනප්‍රිය වාක්‍යයක් වන්නේ, “බූට් එකක් කාපු එකාට වඩා සිංදුව කියන එකා අඬනවා” යනුවෙන් තියෙන වාක්‍යයි. අදටත් ප්‍රේමයෙන් පරාජ වූ කෙනෙකු මෑත කාලීනව නිර්මාණය වූ ගීතයක් ඇසීමට යොමු නොවන්නේ ඔහුට වඩා ගීතයේ ගායකයාගේ අදෝනාව නිසාය.
මිල්ටන් සහ ජෝතී සාද
අදටත් තරුණ පරම්පරාව එකතු වූ තැන නිතරම ඇසෙන ගීත වන්නේ හැත්තෑවේ දශකවල ඇති මිල්ටන් මල්ලව ආරච්චි සහ ජෝතිපාල මහතාගේ ගීතයන්ය. ඒ එදා මෙන්ම අදටත් ඒ රසයට තරුණ සිත් ඇල්මක් දක්වන නිසාය. අද ඇති නවීකරණය වූ ගීත කිසිඳු තරුණ සාදයකදී ගායනා නොකරන්නේ මන්ද යත් එයට හේතු ගණනාවක් ඔප්පු කිරීමට එකිනෙකාට හැකියාව තිබේ.
තාරුණ්‍යයට වීරයන් වූ ගායකයෝ
කුමන හෝ රැල්ලකින් වර්තමානයේ බිහිවූ ගායකයන් තාරුණ්‍යයට වීරයන්ද? නමුත් නව රැල්ල තුළ අදටත් තාරුණ්‍යය විසින් ගරු කරන සහ වීරයන් බවට පත්ව ඇති අමරසිරි පීරිස්, රූකාන්ත ගුණතිලක, චාමර වීරසිංහ, අමල් පෙරේරා, කසුන් කල්හාර, චිත්‍රාල් සෝමපාල, නලින් පෙරේරා, නදීක ජයවර්ධන වැනි ගායකයන් අදටත් තාරුණ්‍යයේ වීරයන් ලෙසට සලකති. මොවුන් බිහිවූයේ රැල්ලක් හෝ කුමන් රියැලිටිම වැඩසටහනක් තුළින් නොවන බවද කිව යුතුය. නමුත් ඇතැම් වීරයන්ද රියැලිටි තරු මාවතේ ආ බව කිව හැකිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මුදල නිසා සංගීතයේ රස ඇහිරේද?