(උපුල් හේරත්)
මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය කළ ප්‍රකාශය පට්ට පල් බොරුවක් යැයි මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .
මිහින්තලේ රජ මහා විහාර පරිශ්‍රයේ පිහිටි සාංචි විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නා හිමියෝ මේ බව පැවැසූහ.
රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් ලබා දුන් ආකාරය පිළිබඳව සියලුම මාධ්‍යයන් ඔස්සේ දැනුවත් වුණා.ඔය කියන විදිහට රුපියල් ලක්ෂ 288 ක් ,මිහින්තලේ විහාරස්ථානයට ලැබිලා නෑ. ඒව දුන්නා නං දෙන්න ඇත්තේ ජල සම්පාදන මණ්ඩලය හෝ ආරක්ෂක අංශවලට .
ඒ කිසිවක් පිළිබඳව මම දන්නෙ නෑ. මේක අමූලික බොරුවක් සාවද්‍ය තොරතුරු රටේ ජනතාවට දෙන එක කරන්න එපා කියා ජනාධිපති මාධ්‍ය අංශයෙන් මා ඉල්ලා සිටිනවා.
මම අනුරාධපුර මහා දිසාපතිවරයාට ලබාදුන් රුපියල් ලක්ෂ තිස් එකක මුදලත් ආ පසු ගන්න කියන්නේ . මේ වන විටත් ගාල්ල මාතර හම්බන්තොට වැනි ප්‍රදේශවලින් රථ පෙළපාලිවලින් මිහින්තලේ පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දානපතියන් ගෙන් මුදල් එකතු කරමින් පැමිණෙනවා .
ඒ විතරක් නෙමෙයි , මිහින්තලා පුදබිමට අක්කර 100 ආසන්න භූමි භාගයක් තියෙනවා.එය විදුලියෙන් ආලෝකමත් කළ යුතුයි .මේ දුෂ්කර කාරිය කිරීම සඳහා මම පිණ්ඩපාතේ වැඩියා . දිවයිනේ නන්දෙසින් අති විශාල ජනතාවක් මේ සඳහා ආධාර උපකාර ලබා දී තිබෙනවා .
එපමණක් නෙවෙයි ,වන්නිල ඇත්තන්ගේ එක් දවසක ආහාරයට සඳහා යන වියදම ඒ ඇත්තෝ ගෙනත් පූජා කළා .
මේ පොසොන් උත්සවය අවශ්‍ය වෙන්නේ ,සිංහල දෙමළ හින්දු කියන සියලුම ජාතීන්ටයි. හැබැයි මේකේ ජනාධිපති කාර්ය සාධක ඉන්න ඇතැම් අම්බැට්ටන්යට හෝ කේවටිටයන්ට මේක සුළු දෙයක්. මම කියනවා ; ආයුබෝවන්ට ඔබලා මෙි රටේ මිනිස්සු රවට්ටන්න එපා .
රටේ මිනිස්සු සැබෑ තත්වය දන්නවා. මම පුළුවන්නං අභියෝග කරනවා . මේ දාල තියන සියලුම විදුලි බුබුළු මම ගලවන්නම්. පුළුවන් නම් රජයේ මුදලින් මෙහි විදුලි බුබුළු නැවත එල්ලන්න .විදුලි ජනක යන්ත්‍රයක් ද රැගෙන එන්න .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහම
ඔබ වහන්සෙ නිවැරැදි .මෙ රටෙ බෞද්ධ ජනතාව ඔබ් වහන්සේ සමග ඉන්නව. මෙ රටට බුදු දහම ජනිත කල මිහින්තලා පුදබිමට කරන රාජ්‍ය කෙනෙහිලිකම් ස්වභාවික ලෙසින්ම මුන්ට පලදේවි. දිට්ටදම්මවේදනීය කර්මයෙන් ගැලපෙන්නෙ නෑ.
රජයේ මුදල් එහෙම කාගෙවත් අතට දෙන විධියක් අපි නම් දන්නේ නැත. අදාල ක්‍රමවේදයට ඒ ඒ වියදම් දරනවා මිසක්. භික්ෂූත්වයට මුදල් යනු සර්පයෙකි. ආනන්ද සර්පයෙක් දුටුවාදැයි... බුදුපියාණන් විමසයි. වෙන මොන වැඩකට ගිය කෙනෙකුට මොන මොනවා දුන්නත් කම් නැත. සබ්බ දුක්ඛ නිස්සරණයට ගිය කෙනෙකුට මුදල්, බිස්නස්, දේපල, නොගැලපේ. භික්ෂූන්ට මුදල් දිමත්, මුදල් පරිහරණයත්, භික්ෂූත්වයට නොගැලපේ...
කොහොමත් මාධ්‍ය වලින් කියන්නේ බොරු බේගල් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මොනවා වුණත් මිහින්තලයට දේශපාලනය ඇදගන්නත් එපා. ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේලා තුන් දොර (සිත, කය, හා වචනය) බුදුන් වහන්සේ දේශනා කළ ලෙස පාලනයක් සහිතව හැසිරුණාම අපේ බුදුදහමට වුණත් අනිත් අය ගරු කරන්න පුළුවන්...