‘ලංකා ඉතිහාසයේ හැමදාමත් රාජ්‍ය මුල්‍ය ආදායම් හා වියදම් පිළිබඳ විස්තර පළවෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙයි. සෑම වසරකම නිවැරදි මුල්‍ය වාර්තා එහි සඳහන් වෙනවා. මුදල් ඇමැතිවරයාගේ අසත්‍ය ප්‍රකාශවලට පිළිතුරු එහි තිබෙනවා.’යැයි එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේය.
‘අද වන විට රාජ්‍ය ආදායම රජයේ සේවක වැටුප පමණක් නොවෙයි. විශ්‍රාම වැටුප පවා ගෙවන්නවත් ප්‍රමාණවත් නැහැ. මුදල් ඇමැතිවරයා කියන්නේ මේ බදු පැනවුයේ රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවන්නලු. ඔහු නිර්ලජ්ජිතව කරන අසත්‍ය ප්‍රකාශ මහ පොළොව උහුලන්නේ නැහැ. පත්තරවල දැන්වීම් පළකරමින් රටම රවටන බව ඔහු එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2500 න් ජීවත් වෙන්න පුලුවන් කියපු එකත් මහ පොලොව උහුලන්නේ නැති වුණානේ (බ)
ඇයි මුදල් ඇමතිට සාක්කි ඇතුව රාජපක්ෂ ආණ්ඩුව අරන් තියෙන ණය සහ ඒවා අරන් තියෙන ක්‍රමය කියන්න හැකියාවක් නැත්තේ .. මෝඩයෝ රවට්ටන්න ද මුදල් ඇමති හදන්නේ .(අ)
අනේ අර කෙනෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්නත් කතාකළා නේද? (නි)
මොකක්ද කිවුවේ? දේශපාලකයින්ට කොහෙන්ද ලැජ්ජාවක් මහත්තයෝ? (නි)
ඒ කාලේ බොරු කිව්ව නේද දෝ,රුපියල් 2500කින් මාසෙටම ජීවත්වෙන්න හැකිය කියලා (බ)
ඇත්තම කියන නියම කට්ටිය.(හේ)
අනේ පව් යහපාලන ආණ්ඩුවට ඇඩ් දාන්න නම් සල්ලි තියෙනවා (ම)
මේගොල්ලන්ට කොහෙද ලැජ්ජාව ආවේ මොන තරම් පට්ට බොරු කියලද ? (ම)
ණය ගෙවපුහම පඩි ගෙවන්න සල්ලි නැහැ තාම, එ්දවස් වල හැම නාස්තියක් දුෂණයක් ම අනුමත කරලා අත උස්සල දැන් බයිලා කියනවා (බ)
අනේ සර්, පහුගිය කාලේ ඔය වාර්තාවේ තිබුණු ආර්ථික සංවර්ධනය අපි ඇත්තටම ලැබුවා නම්, දැනට අපි ඇමරිකාවටත් වඩා දියුණු රටක් විය යුතුයි.(හේ)
ලැජ්ජා තියෙනවා නම් බලය ගන්න සමහරු මේතරම් බොරු කියාවිද? (නි)
රුපියල් 2500 කින් මාසයක් කන්න පුළුවන් කියනකොට ඔය ලැජ්ජාව කොහෙද තිබුනේ සර්? (නි)
පැනමාවේ පත්තරයක් මුල ඉඳලා අගට බලනවා, අග ඉඳලා මුලට බලනවා, කොහෙන් හිනා වෙන්නද මන්දා....! (නි)
මෙයා කියන ඒවා අපි තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැහැ , මොකද මෙයා තමයි කීවේ රුපියල් 2500/= මාසේ වියදමට ඇති කියල (බ)