ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගම ඇතුළු බීර සමාගම් 4කට රුපියල් කොා්ටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තොබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂක ජනරාල් , මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනකුට නියම කරමින් අභියාචානාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.
මාස හතරක රේගු බදු සහන ලයන් බෲවරි සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ (27* සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කැරිණි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.
අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමනියේ රතනවංශ යන භික්ෂූන්වහන්සේලා සය නමක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිර සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍යම දෙයක්. පහුගිය කාලේ බිර කර්මාන්ත ශාලා ගංවතුරට යට වෙලා බිර හිඟයක් රටේ ඇතිවුණා. කර්මාන්ත ශාලාව හදනකම් බිර රටින් ගෙන්වන්න බදු සහන දුන්නා. මේකට ඔච්චර උඩ පනින්න ඕනෑ නැහැනේ
බණ්ඩාර අහලා තියෙනවද රක්ෂණය කියලා එකක් ගැන? හිතනවද ඔය වගේ විශාල ආයතනයක් තමන්ගේ දේපල රක්ෂණය නොකර සිටියි කියලා
කාගෙ කාගෙත් කිල්ලෝටවල ඔය හුණු තියෙන්නේ (බ)
බණ්ඩාර සුරා සොඩෙක්ද, නැත්නම් අතපය හතරෙන්ම මුදල් ඇමතියට කඩේ යනවාද, මේ ඇමතිය තමන්ට කර ගන්නව මිසක් ආපු දවසෙ ඉදන් මහජනයා වෙනුවෙන්නම් කරපු දෙයක් නෑ. ඩිවි. ගුණසේකර මයා කියල තිබුණ ආණ්ඩුවට කලින් මුදල් ඇමතියව පාලනය කරන්න ජනපති පියවර ගත යුතුයි කියල. ඒකෙන්ම පේනවනේ මෙයාගෙ රඟ. (බ)
බණ්ඩාර කිවූ කතාව ඇත්ත. නමුත් මාස 04ක් බදු සහන ලබා දීම ගැටළුවක් වගේ. මාස 2ක් හෝ 3ක් දීම සාධාරණ ලෙස මටනම් හැගේ. (බ)
මිනිස්සුන්ගේ රුපියලටත් බදු ගහන මුදල් ඇමති, මතට තිත තියන ආණ්ඩු, කොම්පැනි වලට කෝටිගණන් සහන, ඔය සහනය දුප්පත් ගොවියට දුන්නනම් නිෂ්පාදන වියදම් අඩු කරන්න තිබුන.(බ)
මැටි කතා කියන්න එපා බණ්ඩාර, කම්පැනි රක්ෂණය කරන්නේ ඕවට තමයි, නැතුව මහජනයාගේ සල්ලි නිකන් දෙන්න නෙමෙයි , කොහොම වුනත් හාමුදුරුවරු කළේ හරි වැඩේ, මුන් දෙගොල්ලොම එකයි (බ)
ඡන්දයක් එනකොට මුදලාලිලා ටික හිතේ හැටියට සල්ලි විසිකරලා ඡන්දදායකයා දිනවනවා , ඡන්දෙ දිනුවට පස්සේ මුදලාලිලව සනසන්න මේ වගේ බදු සහන ඇතුළුව තවත් නොයෙකුත් වරදාන ලබා දෙනවා . මෙන්න මේ නිසා තමයි අපේක්ෂිත්යෙකුට උපරිම මුදලක් නියම කොරන්න ඕන (බ)
එතකොට එම ආයතනයට විතරද වතුරෙන් හානි වුණේ. (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මතට තිතද? මතට සැපද? (අ)
මෙම ආයතනයහි හිමිකාරිත්වයක් ගරු මුදල් ඇමති තුමාටද තිබෙන බව කියවේ. (අ)
මේ මුදලින් මන්ත්‍රීවරුන්ට වාහන අරන් දෙන්න එතුමන්ලාගේ ජනතා සේවය පහසුවෙන් කරන්න. (අ)
ඔය සමාගම් වගේම තවත් මහජන දේපල, සුළු දේශීය කර්මාන්ත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. තවද කොස්ගම අනතුරෙන් වුනු හානියට වන්දි ගෙවීම ඉබිගමනේ. විෂ මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් වලට පැන පැන සහන දෙනවා. මහජනතාව මත්කර, සිතින් සහ ගතින් දුබල වුනහම පාලනය කරන්න ලෙහෙසි හින්ද වෙන්ඩ ඇති මත් වතුර දිරි ගන්වන්නේ. (බ)
පහුගිය මාසේ කොළඹට ආපු මහා ගංවතුරට ලයන් බෲවරි සමාගම මුළුමනින්ම යටවුණා ,නිශ්පාදන අංගෝපාංග සියල්ලම වගේ ගංවතුරින් විනාශ වුනා. ගංවතුර නිසා එම ආයතනයට මිලියන ගානක පාඩුවක් සිදුවෙලා තියෙනවා . ඒවගේම පසුගියා මස 3ක් නිෂ්පාදන කටයුතු කරලත් නැහැ, ඉතින් සහනයක් දුන්නම මොකක්ද තියෙන වැරැද්ද . එම ආයතනය වැහුනොත් රජයට ලැබෙන ආදායම බිලයන ගානකින් අඩුවෙනවා.එතකොට යාපාලන ආණ්ඩුවට තව නයක් ගන්නවෙයි ඉන්දියාවෙන්. (අ)
වෙනසක් බලාපොරොත්තුවෙන් යහපාලනය බලයට පත්කළ ජනතාව, වර්තමාන මුදල් ඇමතිවරයා ගැන සැහීමකට පත් වන්නේද යන්න සිතිය නොහැකිය.කෝටිපති ව්‍යාපාරිකයන් පිනවීම පමණකින් යහපාලනයක් ඇතිවිය නොහැකිය.මුල්‍ය අපරාධ පරීක්ෂණ කළ පමණින් ජනතාව රවටන්නටද හැකිවන්නේ නැත. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් යම් බලාපොරොත්තුවක් රට ගැන තබා ඇත්නම් එය ඉටුකර ගැනීමට වර්තමාන මුදල් ඇමතිවරයා මඟින් හැකිවන්නේදැයි සැකසහිතය. (බ)
අනේ අපොයි රවී මහත්තය ගැන කවුද නොදන්නේ ?? මේ සමාගම් වලින් මෙතුමාට ලැබෙන සහනය කොතෙක්ද ?? මේවා නිකන් විහිළු නඩු හබ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ , ඔන්න ඔය අහිංසකයට පාඩුවේ වැඩකරගෙන යන්න දෙන්න ...(බ)