ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන නොවැම්බර් 7 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මුදල් ඇමති රවි කරුණානායක ,රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනෙකුට නියම කරමින් අභියාචානාධිකරණය අද (12) දෙවැනි වරටද නොතීසි නිකුත් කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද (12) අධිකරණයේ පෙනී සිටින ලෙස එම වගඋත්තරකරුවන්ට නියම කරමින් මීට පෙර නොතීසි නිකුත් කර තිබූ නමුත් එම නොතීසි නිසි පරිදි ලැබී නැති බවට අවධානය යොමු කළ අභියාචානාධිකරණය මෙලෙස යළි නොතීසි නිකුත් කරනු ලැබීය.
මාස හතරක කාලයක් සඳහා රේගු බදු සහන ලයන් බෲවරි සමාගම ඇතුළු තවත් සමාගම් 4කට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කරන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා ඉදිරියෙහි පෙත්සම කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියඟය නිසා වතුර නැති අයට සහනයක් විදියට බියර් මිල අඩු කරන්නද මේ වගේ වැදගත් තීරණයක් ගත්තේ. ජනතාවට පුළුවන් වතුර නැත්නම් බියර් බොන්න. සිගරට් වෙනුවට අරක්කු බොන්න. ජල ප්‍රශ්නයට හොදම විසඳුම දුන්නේ අපේ ආණ්ඩුවෙන්. (නි)
පුළුවන් නම් මේකටත් මහින්ද මහත්තයාව ගාව ගන්න (අ)
ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුත් අදිකරණයට ගෙන ඒමේ මේ වෙනසට අපි ගරු කරනවා.අපි බලාපොරොත්තු වු වෙනස මෙයයි.පහුගිය ආණ්ඩුවෙන් නිතිය වල්වැදී තිබුණු බව මහින්ද වාදීන් හැර සැවොම දන්නා කරුණක්. (ම)
මුදල් ඇමති ගැන අපි දන්නවා. ආයේ අමුතුවෙන් මොනවා ලියන්නද? (නි)
කමක් නැහැ. අපි පටි තද කරගෙන ඉන්නම්. (නි)
"අන්තෝ ජටා බහිජටා" කිවුවලු (නි)
රවී කරුණානායක මහතා දේශපාලනයට ආවේ කුමන අරමුණකින්ද? ඔහු හොඳ ගණකාධිවරයෙක්ලු නේද? ඔය මුදල් ජනසවිය වාගේ අඩු ආදායම් ලබන අහිංසක දුප්පතුන් සඳහා යොදන්න බැරිද? (නි)
මුදල් ඇමති ගැන මුළු රටම දන්නවා. මතකද කලින් වෙළෙඳ ඇමති වෙලා ඉන්න කාලේ සතොසට සිදුවුණ දේ? (නි)