යූඑල් 230 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය කුවේට් සිට එන අතර තුර මත්තල ගුවන්තොටුපළට ගොඩබස්වා ඇතැයි ගුවන්තොටුපළ ආරංචි කියයි.
එම යානය කුවේට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට නියමිතව තිබූ අතර මීදුම පායා කාලගුණ තත්ත්වය අයහපත්වීම හේතුවෙන් මෙසේ මත්තලට ගොඩ බස්වා ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ප්‍රතිචාර බැලුවහම ඉන්න පණ්ඩිතයන්ගේ වැකි දැක්කහම ඇයි මොවුන්ට බැරි මේ රට හදන්න කියලා මට හිතුනා.මේ ඉන්න පණ්ඩිතයන්ට මේ රට බාරදෙන්න තිබුණේ (නි)
සමහරුන්ට නම් තවමත් මොළය පෑදිලා නැහැ (නි)
ධනුෂ්ක, එක ගුවන්යානයක් මත්තලට හැරවීමෙන් ඉතිරි කරගත් මුදලට වඩා ඒක ගුවන් යානා නැතුව නඩත්තු කරන්න යන වියදම වැඩියි (නි)
මත්තලට කළ ආයෝජනය වෙනත් ඵලදායී වැඩකට යෙදෙවුවා නම්.... (නි)
තිලක් ඩුබායිට පුදුම අමාරුවක්නේ තියෙන්නේ මත්තල ගැන (නි)
තිලක්-ඩුබායි නෙමෙයි ඔය නමට බින්තැන්න කියල දා ගත්තා නම් හොඳට ගැළපෙනවා (නි)
මෙහෙම හදිසියේවත් එන්නේ ඉතින් ශ්‍රී ලන්කන් විතරයි (නි)
නාමල්,අපි කියන දේවල් තේරුම් ගන්නත් මොළය කළඳක් හෝ තිබෙන්න ඕනෑ. (නි)
ඩුබායි ඉන්න තිලක් එක තැනක කියනවා එයාගේ ප්ලේන් එක මත්තලට බහිනකොට මරබිය දැනුනා කියලා. තව තැනක කියනවා එයා නම් මත්තලට යන්නේ නැහැ කියලා. කුලියට කහිනකොට කොයි එකද ඇත්ත කියලාවත් හිතාගන්න බැහැ නේද තිලක්. (අ)
මත්තල හදපු එක කොච්චර හොඳද? දැනට ප්‍රයෝගික නැතිවුණත් අනාගතයට කළ හොඳ ආයෝජනයක් විදියට දකින්න පුළුවන්. තව වසර 10කට පස්සේ හැදුවා නම් දැනට ගිය වියදමට වැඩිය කීප ගුණයක් වැඩිවෙන්න පුළුවන්. රජය මේ ගැන අවධානය යොමුකරලා මත්තලට ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් එක්කළ යුතුය. කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇතිවෙන තදබදයට දෙන්න පුළුවන් හොදම විකල්පය මත්තල ක්‍රියාත්මක මට්ටමට ගැනීමයි (නි)
මේ විදිහට මේක ටික ටික දියුණුවෙයි (නි)
තිලක්ලාට කොහොමත් ගුවන් තොටුපළවල් අගුණයි වගේ. මේක හදලා තියෙන්නේ අපේ ලංකාවේ අනාගත පරපුරට. නැතුව ඩුබායි ඉන්න අයට නෙමෙයි (නි)
මදැයි එකක් ආවා නම්.... (නි)
වී ගබඩාවට එහෙම හානියක් නැහැ නේද? (නි)
මම දන්නේ නැති නිසයි අහන්නේ. ඔය ප්ලේන් වල "ෆොග් ලයිට්" නැද්ද මීදුම වෙලාවට දාන්න? (නි)
තිලක් ඩුබායිට මත්තලත් එක්ක පුද්ගලික තරහක් තිබෙනවා වගෙයි (නි)
මත්තල දියුණු වේවා යනු මගේ පැතුමයි (නි)
තිලක්ගේ ප්ලේන් එක වැරදිලාවත් මත්තලට යනවා කිව්වොත් උඩදීම දොර ඇරන් බහින්න වෙන්න ඇති හිතන් ඉන්නේ. (අ)
ගුවන් යානයක් නග්ගන්නත්, බස්සන්නත් කලින් අහසට වෙඩි මුර 22 ක් විතර තියලා මොණරු ටික එළවලා දාන්න වෙයි. පස්සේ වල් අලි එළවන්නත් වෙයි. අනේ මන්දා! (නි)
කමක් නැහැ. එහෙම හරි ආවානේ (නි)
ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවටද කාලගුණය අයහපත්වෙලා තියෙන්නේ? මත්තල නොතිබුණ කාලේ කාලගුණය අයහපත් වෙලාම නැද්ද? කොහොමද දන්නේ නැහැ මේවා බැස්සුවේ? ඇඩෙනවා කට්ටියගේ අදහස් දැක්කම (නි)
පෙරේරා, ෆොග් ලයිට් නෙමෙයි 5000 වොට්ස් ප්ලෑෂ් එකක් ගහලාවත් බැහැ මත්තල හොයාගන්න. උඩින් බලනකොට ලොකු කැලයක්නේ. (නි)
තිලක් - ඩුබායි රටක් දියුණු වෙනවාට කැමති නැතුවා වගෙයි. එතකොට එයාගේ ඩුබායි සල්ලි වල වටිනාකමක් නැති වෙනවනේ (නි)
තිලක් ඩුබායි ඔය ඉන්න රටේම පුරවැසිකම ගත්තා නම් ඉවරයි අපේ රට ගැන වෛරයෙන් පැසවන්නේ නැතුව. ඔයා රාජපක්ෂලා එක්ක විතරක් නෙමෙයි දකුණේ ඉදිරි දියුණුව ගැනත් තරහෙන් කතාකරන්නේ (නි)
මෙතන ඉන්න බොහෝ දෙනෙකුට කාලෙකට පස්සේ හොඳ ගොදුරක් හමුවෙලා වගෙයි හවුලේ රස විඳින්න. සමහරවිට තිලක් ඩුබායිට වැරදුනේ සත්‍යය අමිහිරි ලෙස ඉදිරිපත් කළනිසා වියහැකියි. නමුත් මේ "අධිසංවේදී" වීරයෝ ටික මහින්ද රාජපක්ෂ මහතා මහ වනයක් විනාශකොට ලෝකෙට ණයව ඒ ස්ථානයටත් තමන්ගේ නම දාගත් එකට කිසිවක් නොකිව්වේ ඇයි? (නි)
පුලරා, ඔයා මත්තල ගිහිල්ලා තියෙනවද? රටකට දෙවන ගුවන් තොටුපළක් ඕනෑ. ඒත් මේ වගේ අපරාධ කරන්න හොඳ නැහැ. (නි)
තිලක් ඩුබායි, ඔබ කවදා ඉඳලාද නුවණක්කරයෙක් වුණේ? කවුද සහතිකය දුන්නේ. බොරුවට හැමදේම දන්නවා වගේ කෑගහන්නේ පිරුණු කළේ දිය නොසැළේ කියන එක අහපු නැති අයයි (නි)
තිලක්-ඩුබායි,නම වගේම මොලෙත් ඩුබායිද කොහෙද.? (අ)
කවුද මේ ඩුබායි තිලක්? රටක් දියුණු වෙන්න යටිතල පහසුකම් තියෙන්න ඕනෑ. (නි)
ඩුබායි තිලක්ට ප්‍රෙෂර් එක බලාගත්තානම් හොඳයි. ඔය තදවිල්ලට ඩුබායිවල තිබෙන පහසුකමුත් මදිවේවි නහරයක් එහෙම පිපුරුවොත්. භාවනා කරන තැනකුත් බලන්න. ඇමරිකන් කාරයෙක්ගෙන් ඇහුවොත් කියාවි. (බ)
එකක් පැහැදිලියි රටකට දෙවන අන්තර්ජාතික ගුවන් තොටක් ඕනේ (බ)
ඔය විදිහට මිදුම කියලා ශ්‍රී ලංකන් ගුවන් යානා මත්තලට ගොඩ බස්සවන්න ගත්තොත්, මත්තලට විතරක් නෙමේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමටත් දෙයියන්ගේම පිහිටයි!!!!පාඩුව බිලියන ගණනින් හැදෙද්දි මෝඩ චුං එකට උඩ පනින කට්ටියට පටි තදකරගෙන ගෙවන්න තමයි වෙන්නේ? අනික ගුවන් තොටුපොළවල් හදන්න ඕනා පිටරට යන මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට මිසක් බයිසිකලයෙන් හෝ බස් එකේ වැඩද යන මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට නොවේ. සංවාද මන්ඩපවල මෝඩයෝ පිනුම් ගැහුවට,කැලේ තියන ගුවන් තොටුපොළවල් දියුණු වෙන්නේ නැහැ. (අ)
තිලක් ඩුබායි ඔබගේ ප්‍රතිචාර වල තියෙන්නේ වයිරයයි කරුණාකරලා කියන්න පුලුවන්ද ඔබ ඔය රටේ කරන රැකියාව. තවද ඔබ මෙම සභාවට කියනවද ඔබ කුමන විශ්ව විද්‍යාලයෙන් කුමන උපාධිය ලබා ගත්තේද කියා. ඔබගේ මීළඟ ප්‍රතිචාරයට පෙර මෙම තොරතුරු ඉදිරිපත් කරන්න. නැත්නම් අපි ඔබගේ ප්‍රතිචාර හුදෙක් මෝඩ ජෝක් ලෙස සලකනු ලබනවා. (අ)
ඩුබායි තිලක්, කතාකරන්නේ එයාට අයිති ගුවන් යානයක් හරි ගුවන් සමාගමක් හරි තියෙනවා වගෙයි. (ර)
කුමාරි, කාටවත් ගොට්ට අල්ලන්නේ නැතිව, දේශපාලකයන්ගේ පස්සේ යන්නේ නැතිව මගේ උගත් කමට මට මාසෙකට රුපියල් ලක්ෂ 3.5 ලැබෙනවා. තව ඕනෙනම් කියන්නම්. එත් ආරක්ෂක හේතු මත කියන්න නොලැබීම ගැන කණගාටුයි. (ර)
මත්තලත් මිදුම තිබුනොත් තවත් ගුවන් තොටුපොළවල් හදනවාද? ගුවන් තොටුපොල නඩත්තුව ගැන බලන්න ඕන . (ර).
ගිය මාසේ දවසක මට ප්‍රථම වතාවට මත්තල යන්න සිද්ධවුණා. කලින් දැනුම්දීමක් කර තිබුනේ නැහැ. එහෙම වුණා නම් අඩුවට නෙමෙයි නිකන් ගුවන් ටිකට්පත ලැබුනත් යන්නෙ නැහැ. (නි)
රටකට දෙවන ගුවන්තොටුපලක් අත්‍යාවශ්‍යයි. මත්තල ඉදිකිරීමේදී ඊට සමගාමිව පළාතේ සිදුවිය යුතු කාර්මික දියුණුව, හෝටල් , ආදිය ඉදිවුයේ නෑ අන්න එකයි වූ වැරැද්ද. නමුත් අද තිබෙන මිලට මෙවැනි දෙයක් සෑදීම තව දශක ගනනාවකින් මෙය වැඩි මුදලක් වැයකර සෑදීමට වඩා හොඳයි. (ර)
රටකට ගුවන් තොටුපොළවල් දෙකක් ඕනෑ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ගුවන් තොටුපොළක් ඉදිකරන්නේ නගරයට කිලෝමීටර් 20-30 ක දුරින්. එහෙත් කැලයක, කුරුළු විමානෙක හදපු එක ගැනයි කියන්නේ. (නි)
තිලක් ඩුබායි, මම කොතනද මහින්ද කළ දේවල් සාධාරණීකරණය කළේ? ඔයා ප්‍රශ්නෙන් පැනලා යන්නේ ඔයාට උගත්කමක් නැති නිසා. ඔයාට දැනගන්න ඕනෑම නම් ඩුබායි වල ඉන්න උපාධියක් තිබෙන කෙනෙක්ගේ පඩිය හොයලා දැනගන්න, මෝඩ කතා කියන්නේ නැතුව. සාමාන්‍යයෙන් ලක්ෂ 6 සිට ලක්ෂ 35 දක්වා ඉන්නවා. (නි)
මම තිලක් ඩුබායි ට අභියෝග කරන්නේ මහින්ද සාධාරණීකරණය කරන්න නෙමෙයි. මම කලක් තිස්සේ මෙම පුද්ගලයාගේ අදහස් පළකිරීම් දැක තිබෙනවා. කිසිම තර්කානුකූලබවක් නැහැ. තනිකරම වෛරයක් පමණයි ඇත්තේ (නි)
අනේ! වී ගබඩාවකට ගිය කලක් කියලා මට හිතුනා (නි)
මදැයි මෙහෙමවත් එකක් ආවා (නි)
අපරාදේ ට්‍රැක් එකෙත් ඉරිඟු ගබඩා කරන්නනේ තිබුනේ , එතකොට ඉන්දියාවේ බාන්න තිබුණා. (ස)
තිලක් ඩුබායි දන්නේ නැතිවද දන්නේ නෑ ඩුබායි වල විතරක් ගුවන් තොටුපොළවල් 3 තියෙනවා. මමත් ඉන්නේ ඩුබායි වල. (ස)
තිලක් ඩුබායි, ඔබ දන්නවද දැන් උපාධියක් තිබෙන ඉංජිනේරුවෙකුට කීයක් ගෙවනවද කියලා. ලක්ෂ 2.5 කට ඩුබායි එන්න ඕනෑ නැහැ. මේ ලියන මමත් ඩුබායි වල හිටියා ඔයවගේ වගේ හයගුණයක පඩියකට 2008දී. (නි)
සමහරු මත්තල ගුවන් තොටුපලට හාස්‍ය ජනක කතා කියමින්, එය වැඩක් නැති දෙයක් කිව්වට, හදිසියකට හරි මෙහෙම ගුවන් යානයක් ගොඩ බාන්න ලැබුනේ එය හදපු නිසයි, කලින් ඔහොම දෙයක් උනාම ගුවන් යානය හරවා යන්නේ ඉන්දියාවේ චෙන්නායි වලට, දැන් කාලයත් මුදලත් ඉතුරුයි, මත්තල නිසා. (ර)
අයහපත් කාලගුණ වෙලාවට විතරක් ගොඩබාන්න ගුවන් තොටුපළවල් මොකටද? (නි)
අපරාදේ මත්තල ගොඩ බැස්සුවේ. හරවලා යවන්න තිබුනේ ආ තැනටම. මට මතක් වුණේ අර කතාවක් තියෙනවනේ කුකුල් බෙටිත් බෙහෙතට ඕනෑවෙනවා කියලා (නි)
මත්තල නොතිබුනා නම් මොකද වෙන්නේ? (නි)
තිලක් ඩුබායි ඔයාට ඕනේ නම් ඉදිකිරීම් අංශයේ ඕනෙම ආයතනයක ලංකාවේ උපාධිධාරියෙකුගේ වැටුප සොයා බලන්න. උදාහරණ ලෙස පොර්ට් ඔතොරිටි , එමර්, දමක්, දීජී ජෝන්ස්, ඩුබායි ප්රෝපෙර්ටීස්, ආර් ටී ඒ , නකීල් , පර්සොන්ස්, හල්ක්රෝව්, ඩුබායි එයාර්පෝර්ට්, ටර්නර්, ...(බ)
කාලගුණ තත්ත්වය අයහපත්වීම හේතුවෙන්..... මම හිතන්නේ මම ඩුබායි ආ ගුවන් යානයත් මත්තලට ගොඩබස්සලා මඟීනුත් ගන්නෙ නැතුව නැවත නැග්ගුවේ කාලගුණ තත්ත්වය අයහපත්වීම හේතුවෙන් නිසා වෙන්න ඇති. (නි)
බින්තැන්නේ හාදයෙක් මැදපෙරදිග රටක නමක් ගාවගෙන මෙතන මෝඩකම් ප්‍රදර්ශනය කරනවා. (ර)
හොඳ වෙලාවට මත්තල තිබුනේ. නැත්නම් කාලගුණය අයහපත් කියලා යානය කොහෙටහරි කඩා වැටෙන්න තිබුණා (නි)
මත්තල පට්ට කැලෑවේ මම ගිය ගුවන් යානය බස්සන කොට මට දැනුනු බිය මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බ බියට වඩා සිය ගුණයක් වැඩියි.කරුණ කරලා මත්තට ගිය අය පමණක් මේ ගැන අදහස් යොමු කරන්න. (බ)
හාවා හඳ දකිනවා වගේ අවුරුද්දකට එක ගුවන් යානයක් ආවහම ඒක පෙනෙන්නේ ලොකුවට තමයි. අනේ අපේ සල්ලි! (නි)
දැන් වී ගබඩා කරන්නෙත් නැති නිසා කොහොමහරි ගුවන් යානයක් ගෙන්වා ගන්න බලන්න. (නි)
මේ අය හිතාගන ඉන්නේ සියල්ල පැය විසිහතරෙන් අංග සම්පූර්ණවී දියුණුව කරා ගියා කියල. (ස)
මට නම් දැන් නිකන් ගුවන් ටිකට්පත් දෙකක් දෙනවා කිව්වත් මත්තල කැලෑවේ පැත්තෙනම් පස් පාගන්නේ නැහැ (නි)
අඩුම වශයෙන් ඕක හදපු අයවත් මත්තලින් යනවා එනවද? අසරණ දුප්පත් අපි යනවා එනවා මිසක්. (නි)
මම නම් කවදාවත් මත්තලින් නම් යන්නෙ නැහැ (නි)
මත්තල නොතිබුණා නම්... (නි)
ඔන්න ආයෙත් තිලක්ගේ කුහකකම ප්‍රදර්ශනය කරනවා හිටපු ජනාධිපති නොවෙයි කව්රු කළත් හොඳ දේට හොඳයි කියන්න ඉගෙනගන්න තමාගේ මෝඩකම ප්‍රදර්ශනය නොකර (බ)
මම නම් ඇත්ත තත්ත්වය දැනගෙන මත්තලට යන්නේ නැහැ කවදාවත් (නි)
ගොඩක් අයට මත්තල ගැන තියෙන්නේ අප්‍රසාදයක්නේ (නි)
තිලක්ට එයාගේ ආරක්ෂකව ගැන හිතලා රැකියාව ගැන වෙන විස්තර කියන්න බැරිලු. හැබැයි ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් රට මුදවන්න මුල්වුණ මහින්ද රාජපක්ෂට ආරක්ෂාවට බංකර් හැදුවා කියලා උඩ පැනගෙන කෑගැහුවා. ආඳා මාළු ඉරට්ටෙන් කන්න එපා තිලක්. (ර)
මත්තල ගුවන් තොටුපොළ මුදල් නාස්තියක් පමණි. (නි)
මේවට තවත් ආවඩන මිනිස්සු ඉන්නවනේ (නි)
සදුන්, චන්ද්‍රා, මත්තල නොතිබුනා නම් යන්නේ චෙන්නායි. පැය බාගෙක වෙනසක් විතරයි. සඳුන් කියන විදිහට එහෙනම් අවුරුද්දකට ලෝකෙම ප්ලේන් 100 විතර කොහෙටහරි කඩා වැටෙන්න ඕනෑ. (නි)
තිලක්-ඩුබායි තමන් මෝඩයෙක් කියලා ප්‍රසිද්ධියේ පිළිගන්නවා වගෙයි (නි)
දැන් කට්ටිය මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
මංජුල, චෙන්නායි පැය බාගෙක වෙනසක් විතරයි වුණාට සල්ලි ගෙවන්න වෙනවා. (නි)
මත්තල නොතිබුනා නම් යන්නේ චෙන්නායි. මොකද චෙන්නායි අපේ නොවෙයිද? නේද මංජුල? ලංකාව මොකද ඉන්දියාව මොකද? අපිට හොඳටම පුරුදුයිනේ අනුන්ගේ පිහිටෙන් ජීවත්වෙන එක. ඉස්සර ඡන්දේ දුන්නේ පාරවල් වලට තාර දාගන්න. දැන් කාපට්, අධිවේගී මාවත්, අපිටම කියලා තව වරායක්, ගුවන් තොටුපොළක් තියෙන එක ගොඩක් අයට දිරවන්නේ නැහැ. (නි)
තිලක් ඩුබායි, ඔයා යන්නෙ නැති නිසා මත්තල වහන්නලු යන්නේ. රටක දෙවන ගුවන් තොටුපළක වටිනාකම සමහර මෝඩයන්ට තේරෙන්නේ නැති නිසා මම වෙන මොකුත් කියන්නේ නැහැ (නි)
ලෝකයේ කිසිම රටක මේ වගේ අලුත් ව්‍යාපෘති එකවරම ලාභ ලබන තත්වයකට පත්කරන්න අමාරුයි. සමහරවිට මත්තල කාලීන අවශ්‍යතා එක්ක බලනකොට නොගැළපෙනවා වෙන්න පුළුවන්. කෙසේවෙතත් රටකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය මෙන්න මේ නිසයි. (නි)
තිලක් ඩුබායි, ඩුබායි වල මාසෙකට ලක්ෂ 3.5 කියන්නේ ලොකු ගානක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ හොඳ උපාධියක් තියෙන කෙනෙකුට ලක්ෂ 6 සිට ගෙවනවා. ඔබගේ සුදුසුකම් කියන්න ආරක්ෂක හේතු බලපාන්නේ නැහැ. මේක අභියෝගයක් පුළුවන් නම් බාරගන්න. (බ)
චන්දා, මත්තල තිබුනේ නැත්නම් යානය යන්න ඕනෑ තැනට මුදල් ගෙවන්න ඕනෑ. රටකට ගුවන් තොටුපොළවල් කීපයක් අවශ්‍ය වන්නේ ඔය වගේ හදිසි අවස්ථාවලට මුහුණ දෙන්නත් වෙන නිසා තමා. (නි)
තිලක් ඩුබායි ඔබ දන්නවද ඔබ ඉන්නේ කොහෙද ඔබ ලොග් වෙන්නේ කොහෙන්ද යන විස්තර සොයා ගැනීමට තාක්ෂණයක් තියෙන විත්තිය. ඒ නිසා ඔබ ඔය ආරක්ෂක හේතු අපට කියන්න එපා මෝඩ කමයි පෙන්නේ. පුළුවන් නම් උත්තර දෙන්න ප්‍රශ්නෙන් පැනල යන්න එපා. (බ)
කවුරු මොනවා කිවුවත් රටකට ගුවන් තොටුපළවල් එකක් පමණක් මදි (නි)
තිලක් ඩුබායි, දැන් ඔයාට වැටහෙනවා ඇති කවුද කරනම් ගහල තියෙන්නේ කියල. දැන් වත් හිතට ගන්න ගුණාත්මක තර්ක ඉදිරිපත් කරන්න ඔබගේත් අනිත් අයගෙත් වටිනා කාලය නාස්ති නොකර. ජයවේවා!!! (ස)
බලමු අපේ සල්ලිවලට මොකද වෙන්නේ කියලා (බ)
කමල්ගේ කමෙන්ට් එකට මමත් එකඟයි. හැබැයි බොහොම දියුණු රටවලටත් ගුවන්තොටුපොළක් ඉදිකරනවා කියන්නේ සංකීර්ණ කර්තව්‍යක්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලටත් දෙවෙනි ගුවන්තොටුපොළක් ඉදි කිරීමේ තීරණය අරන් .නමුත් පොදු මගී ප්‍රවාහන සේවා පහසුකම් ගැන තවම හරි තීරණයක් නැහැ. ඔවුන් සිඩ්නි ගුවන්තොටුපොළට පවා දුම්රිය පහසුකම් දුන්නේ 2000 වසරේ ඔලිම්පික් සඳහායි. සිඩ්නි ගුවන්තොටුපොළ අද විශාල තදබදයකට මුහුණපා තිබෙනවා. ඒ අනුව පරිසර සහ අනික් යටිතල ප්‍රශ්න තිබුනත් මත්තල දෙවන ගුවන්තොටුපොළක් පිහිටුවීම ඉතා හොඳයි. අඩුපාඩුව වුනේ හැදු දෙයින් නියම ප්‍රයෝජන ගැනීමක් වන විදිහට ප්‍රයෝගික තීරණ නොගැනීමයි. (ස)
රටක දෙවැනි ගුවන් තොටුපොලක් ඕනේ කියල "කුරුළු විමානෙක" "පට්ට කැලයක" හදන කෙනා කවුද?පට්ට කැලේ ගිහින්ම බලන්නකෝ මෝඩය කවුද කියල.(බ)
මෙතන සමහරක්ගෙ අදහස් දැක්කහම මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක මෙහෙම දෙයක් හදපු එක ගැන සමහරු මොනතරම් සතුටු වෙනවා ඇද්ද? (නි)
සමහරුන්ට නම් මත්තලට ගුවන් යානා ආවත් එකයි නාවත් එකයි. මොකද දැන් අවශ්‍ය පුද්ගලයින් මින් වාසි ලබාගෙන අවසානයි (නි)
කුමාරි, රුපියල් ලක්ෂ 2.5 ටත් ලංකාවේ ඉංජිනේරු උපාධිය ගත් අය එනවා. ලක්ෂ 6ක් ගෙවන්නේ කොහෙන්ද කියලා මට කියන්නකෝ. (නි)
නිකන් යන්න කුමාරි විකාර කියන්නේ නැතුව. (නි)
කුමාරිට මොළය වැඩිකමට වෙන්න ඇති මහින්ද කළ ඕනෑම වැඩක් සාධාරණිකරනය කරන්නේ. (නි)
ආ! එකක් ඇවිල්ලද? හරිම සතුටුයි (නි)
සමහරුන්ට මම කියන දේ/කියපු දේ තේරුම් ගන්න අමාරු විත්තිය මම දන්නවා. දැන්වත් වහල්භාවයෙන් මිදෙන්න බලන්න. ලැජ්ජයි. (නි)
ධනුෂ්ක, නුවණක්කාරය පා නොතබන තැන මෝඩයෝ කරනම් ගහනවලු. ඒ නිසා කැමති දෙයක් හිතාගන්න. (නි)