සෞදි අරාබිය පුරා පැතිරයමින් පවතින මර්ස් නොහොත් මැදපෙරදිග ස්වසන වයිරසයෙන් මේ වනවිට මියගොස් ඇති ගණන 115 දක්වා ඉහළ ගොස් ඇතයි සෞදි සෞඛ්‍ය අමාත්‍යංශ කියයි.
පසුගිය දෙදිනෙහිදී පමණක් මෙම වයිරසය ආසාදිත වීමෙන් තවත් තිදෙනෙකු ජෙඩා කලාපයේ දී තුලදී මියගොස් ඇති බවද වෙබ් අඩවිය වාර්තා කරයි .
මෙම වයිරසය සොයාගන්නා ලද 2012 සැප්තබර් මාසයේ සිට මේදක්වා 414 දෙනෙකුට මෙම වයිරසය වැළදී ඇතිබව පවසන අතර සෞදිඅරාබියේ රියාද් හි රැකියාව කරනලද ඇමරිකානු ජාතිකයෙකුටද වැළදී ඇති අතර සෞදිඅරාබියෙන් නික්ම ගොස් ඇති ඊජිප්තු ජාතිකයෙකුටද මෙම වයිරසය වැළදී ඇතිබව ඊජිප්තු බලදාරීන් පවසයි.
කෙසේ වුවද සමීක්ෂණ වාර්තාවලට අනුව මෙම වයිරසය ඔටුවන්ගෙන් බෝවෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔටු මස් සහ ඔටු කිරි අනුභව කිරීමෙන් වළකින ලෙස සෞදි සෞඛ්‍ය අමාත්‍ය ඇඩෙල් පකීහා මහතා සියලුම වැසියන්ට අවවාද කර සිටී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමින්ත හරි. (නි)
ඒ රෝග ලක්ෂණ දැන ගන්න විදිහක් නැද්ද. වැලදුන අය අතර ලංකාවේ අපේ අයත් ඉන්නවද? (දී)
මේවා සෑදෙන්නේ ඔටු කිරි සහ ඔටු මස් කෑමෙන්ය කියා බටහිර වෛද්‍යවරයකු පවසා තිබුනා. මෙයට විරුද්ධ වෛරසය තිබෙන්නේ සුකර මස් ( ඌරු මස් ) වල බවත්, පිළියමක් වශයෙන්ඌරු මස් කෑමෙන් මෙම මාර්ස් වෛරසය වැළඳීම නැති කළ හැකි බවත් පැවසුවා (නි)
ධම්ම,සම්පූර්ණ ඇත්ත (නි)
අනේ මන්දා, මිනිස්සුන්ටත් වෙන කරදර! (නි)
ඒ ගමන තවත් කරදරයක්! (නි)
අපේ රටට නම් අනේ එන්න එපා (නි)
අපේ ශරීර ඕවට ඔරොත්තු දෙනවා. කොහොම නමුත් පරිස්සම හොඳයි. තවම කිසිම ලාංකිකයකුට කරදරයක් නැහැ. (නි)
මොනවා කරන්නද, නරක කල පැමිණි විට? (නි)
හලාල් විදියට වුණත් සත්තුන්ගේ මස් අනුභව කිරිමෙන් ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. (නි)
ගන්දර සයිමන්ට නම් තියෙන්නේ අමුතු අදහස් (නි)
කමල්, ඔයාගේ ටිකිරි මොළය කොයි දිශාවටද වැඩ කරනේ කියලා සියලුම අය දැන ගත්තා (නි)
හිල්මි, මගේ ටිකිරි මොළය නොවේ ටිකක් හොයලා බලන්න ඇත්තද බොරුද කියලා. (නි)
අාත බුත කතා කරන්නේ නැතුව ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)
මේවා අාත බුත කථා නොවේ. ඇත්ත කථා. මම මේවා කියන්නේ නොදන්නා මිනිස්සුන්ට ප්‍රවේශම් වෙන්න කියලා.ඇත්ත කියනකොට බයද? (නි)
මේකේ තිබෙනවා සිංහලෙන් ඔය රෝගයේ තොරතුරු. http://www.lankascience.com/news_in_full.php?id=45 (නි)
ඉතින් කමල්, ඔයා අනිත් අයට කිය කියා ඔච්චර ඕකට දගලන්න ඕනෑද? ඔයා මස් නැතුව බත් කන්නකෝ (නි)
කමල්, ඔයාට හලාල් නම් හරාම් වගෙයි පෙනෙන්නේ. කිවුවා වගේ බත් විතරක් කන්න (නි)
වෛරස් එකට බෙහෙත හොයාගෙන කියලා ආරංචියකුත් තියෙනවා නේද? (නි)
කමල්, මොන විදියට වුණත් සත්තුන්ගේ මස් අනුභව කිරීම ගැන මගේ ඒ හැටි කැමැත්තක් නැහැ. ඒත් ඔබ තහනම් වචනයක් භාවිතා කළා.මං කැමතියි ඔබ සිංහල භාෂාව මීට වැඩිය හොඳට ගළපලා භාවිතා කරනවා නම්. (නි)
ඔටු මස් වලට සහ ඔටු කිරි වලට සහතික නැද්ද? (නි)
මෙම රෝග ලක්ෂණ, 1 අඩු නොවන උණ 2. කිවිසුම් යාම 3. වමනය දින කිහිපයක් එක දිගට තිබීම, රෝග ලක්ෂණ වලට වහා ප්‍රතිකාර ඇති නමුත් රෝගය අධිකව වැළඳුනාට පසු මරණය නියතයි. ප්‍රතිකාර නොමැත. (ස)
පේනවනේ ඇත්ත (ස)
යකෝ මේකට විසඳුමක් දෙන්න දෙවියන්ට බැරිද? (ස)
ලාංකිකයින්ට මේ ලෙඩේ හැදෙන එකක් නැහැ. (දී)
මොකාක් හෝ ඛේදවාචකයක් තියෙනවා කාලෙකට (දී)
http://www.moh.gov.sa/en/CoronaNew/PublicationsAwareness/Brochures/Pages/PreventionOfCoronavirus.aspx ඒ රෝග ලක්ෂණ දැන ගන්න, සහ එඉන් මිදීමට උපදෙස් (ස)
මෙහෙ ඉන්න අපේ අයට ඕව ඔරොත්තු දෙනවා. (ස)