මෝදනා දිස්ත්‍රික්කයේ ස්ටින්ලන් බැර්තෝ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ඩැනියෙලා බරොස්සි එසැණට කියා සිටියේ තමාට නගරාධිපති වීම සඳහා මෝදනා දිස්ත්‍රික්කයේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහය අවශ්‍ය බවයි.
මෝදනා වසන්ත කීර්තිරත්න මහතාගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඇය එසේ කීවාය.
එම අවස්ථාවට ඉහළ පෙළේ පාර්ලිමේන්තු සෙනට් සභික ස්ටෙපන් වකාරි සමග සුප්‍රසිද්ද ඉතාලි ව්‍යාපාරිකයෝද එක්ව සිටියහ.
වැඩිදුරටත් අදහස් දැක්වු ඇය කියා සිටියේ
‘‘ මම මේ වෙනතෙක් උප නගරාධිපති වශයෙන් කටයුතු කළා. ක්‍රීඩා, සංස්කෘතික, විදේශ සේවා මෙන්ම නගර සභාවට අයත් වැඩ කටයුතු බාරව සිටියේ මමයි.
ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පුහුණුකරුවෙක් සමග ක්‍රීඩාංගණයක් මා වෙන්කර දුන්නා. ඔවුන්ගේ සංස්කෘතික උත්සව වලට උදව් කළා. අලුත උපන් දරුවන් වගේම ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කළා ‘
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මෝදනා ඡන්දෙට ලාංකික සහය පතයි
සාරංග විතාරන Saturday, 01 March 2014 06:13 PM
අපේ උපරිම සහයෝගය (දිල්)
සුජිත් Saturday, 01 March 2014 09:45 PM
කරුණාකර ඇයට ඡන්දය දෙන්න , ඇය ශ්‍රී ලාංකිකයන්ට හිතවත් බව පෙනේ.(නදී)
ඇන්ටන් Sunday, 02 March 2014 02:07 AM
ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ ජන්ද බලය තියෙනවද ? (නදී)
ද සිල්වා බෙර්ලින් Sunday, 02 March 2014 02:08 AM
ඉතාලියේ දේශපාලනය ආසියාවේ රටවල දේශපාලනයට ගොඩක් දුරට සමානවේ ( සිල්වියෝ බෙර්ලුස්කොනි ගේ සහ සහචරයන්ගේ ක්‍රියා කලාපය) නිදසුන්ය. ශ්‍රී ලාංකිකයිනි, දේශපාලකයන් පස්සේ ගිහින් බොරුවට අමාරුවේ වැටෙන්න එපා. කීයක් හරි හම්බකරන් අනුන්ට බරක් නොවී සැහැල්ලුවෙ ජීවිතය ගත කරන්න.(නදී)
සත්‍යයා Sunday, 02 March 2014 07:31 AM
දැන් හිතාගන්න පුළුවන්නේ සුළු ජනකොටස් වලට "හිස නමළ" ඡන්දෙ ඉල්ලන මහා ජාතීන් කොහොමද දෙමල ඩයස්පෝරාවේ සහයෝගය අරන් ශ්‍රී ලංකාවට ගහන්න ක්‍රියාකළ විධිය. ඡන්ද බලයක් තියෙනවා නම් ඒකා සිංහලයා උනත් දෙමළ උනත් දේශපාලකයත් ලංකාවේ උනත් පිටරට උනත් ඡන්දදායකයාගේ පස්සට වඳිනවා.(නදී)