මෝදනා දිස්ත්‍රික්කයේ ස්ටින්ලන් බැර්තෝ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ඩැනියෙලා බරොස්සි එසැණට කියා සිටියේ තමාට නගරාධිපති වීම සඳහා මෝදනා දිස්ත්‍රික්කයේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහය අවශ්‍ය  බවයි.

මෝදනා වසන්ත කීර්තිරත්න මහතාගේ  නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී  ඇය එසේ කීවාය.

එම අවස්ථාවට  ඉහළ පෙළේ පාර්ලිමේන්තු සෙනට් සභික ස්ටෙපන් වකාරි  සමග සුප්‍රසිද්ද ඉතාලි ව්‍යාපාරිකයෝද එක්ව සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇය කියා සිටියේ  

‘‘ මම මේ වෙනතෙක් උප නගරාධිපති වශයෙන් කටයුතු කළා. ක්‍රීඩා, සංස්කෘතික, විදේශ සේවා මෙන්ම නගර සභාවට අයත්   වැඩ කටයුතු බාරව සිටියේ මමයි.

ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් ක්‍රිකට්  ක්‍රීඩා කිරීමට පුහුණුකරුවෙක්  සමග ක්‍රීඩාංගණයක්  මා  වෙන්කර  දුන්නා.  ඔවුන්ගේ  සංස්කෘතික උත්සව වලට උදව් කළා. අලුත උපන් දරුවන් වගේම ගැබිණි මව්වරුන් වෙනුවෙන්  විශේෂ වැඩසටහන් සංවිධානය කළා ‘