තමුනට ලැබෙන චරිතයට රංග හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට ඇය සමත්ය. පසුගිය කාලයේ දී ඇය රඟපෑ චරිත තවමත් ප්‍රේක්ෂක මතකයේ රැඳී ඇත්තේ ඒ නිසාමය. කලක් ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිට පැමිණ නැවත අපූරු චරිත සමග අපට හමුවන ගයනි ගිසන්තිකා මේ දිනවල අපට හමුවන්නේ “මද්දහන”ටෙලි නාට්‍යයේ “නාලනි” නැමැති චරිතය සමගය. ගයනි සමග මේ කතාබහ ඒ වෙනුවෙනි.

● ගයනි මේ දවස්වල කලා කේෂ්ත්‍රයේ කටයුතු මොන වගේද?
මේ දිනවල වේදිකා නාට්‍යයකට සම්බන්ධව පුහුණුවීම්වල යෙදෙනවා. චම්ප බුද්ධිපාල මහතාගේ නිර්මාණයක් වන “ආසාවේ වී දිරිය” එම වේදිකා නාට්‍ය නිර්මාණයයි. එය පරිවර්ථන නාට්‍යය පිටපතකට අනුව නිර්මාණය වීමක්. එහි “ස්ටෙලා” කියන චරිතය රඟපෑමට ලැබී තිබෙනවා. වේදිකාවේ විවිධ පැතිකඩ ඔස්සේ රංගනයෙන් පමණක් යන මට එය තවත් සුවිශේෂී චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවනි. මාර්තු මස පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා මෙය ඉදිරිපත් කිරීමට නියමිතයි.
● වේදිකා නාට්‍යයකට ඔබ එක්වුණේ කොපමණ කාලයකට පසුවද?
ඕස්ටේ්‍රලියාවේ සිට නැවත අපි ලංකාවේ පදිංචියට ආ විගසම වගේ බුද්ධික දමයන්තගේ “චේගුවේරා” නාට්‍යයට එක්වුණා. ඒත් එක්කම නැවතත් දුමිඳු දොඩන්තැන්නගේ “අරුන්දති” නාට්‍යය වරින්වර වේදිකාගත වුණා. පසුගිය රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නිළිය ලෙස “මේ නාට්‍යයේ ඒ අවස්ථාව ලැබුණා. පසුව මම දායකවුණේ, “ආසාවේ වී දිරිය” නාට්‍යයටයි.
● දැන් ඔස්ටේ්‍රලියාවේ පදිංචිය අත්හැර දැමුවද?
ඇත්තෙන්ම ඔව්, පුතාලා දෙන්නත් මෙහේ පාසැල් යන්නෙ. සැමියා තරුපති මුණසිංහ, දැන් මෙහි සරසවියක කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීමට නියමිතයි. නමුත් එයා වරින්වර ඕස්ටේ්‍රලියා යන්නෙ එයාගෙ ආචාර්ය උපාධිය සඳහා අවසන් අදියරේ කටයුතු සඳහායි. මම වගේම සැමියාගේ සිනමාව හා වේදිකාවට සම්බන්ධව මෙන්ම ටෙලිනාට්‍ය සඳහා දායකවෙන්නත් මෙතැන් සිට බලාපොරොත්තු වෙනවා. “තරු” මේ දිනවල තිරගත කෙරෙන “ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයේ එක් ගීතයක් සඳහා සංගීතයෙන් දායක වුණා. ඒත් එක්කම මෙල්බර්න්හි සිටින සංගීතය හදාරන පිරිසකට ඒ දැනුම ලබා දෙනවා.
● ඔබ වෘත්තියෙන් මොනවද කරන්නෙ?
රඟපෑම විතරයි.
● ඔබත් උපාධිධාරිනියක්?
ඔව්.
● මේ දිනවල ඔබ ගැන කතා වන්නේ පුංචිතිරය නිසා කිව්වොත් හරිනේද?
ශාන්ති දිසානායක රචිත හිරුමඬල නවකතාව ඇසුරින් “සුමිත් රත්නායක රංග ශිල්පියා ප්‍රථමවරට අධ්‍යක්ෂණය කරන “මද්දහන” කියන ටෙලි නාට්‍යයේ චරිතයක් ලැබුණා. එය ඇත්තටම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියකට ලැබුණු හොඳම අවස්ථාවක් ලෙසයි මා දකින්නෙ.

● ඇයි ඔබ එහෙම කියන්නෙ?
රංගනයේ හැකියාව උපරිමයෙන් පෙන්විය හැකි චරිතයක්. අන්න ඒ නිසයි එහෙම කියන්නෙ.
● නමුත් ලැබෙන චරිත ඔබ ප්‍රතික්ෂේප කරනවා කියන්නෙ, ඒක ඇත්තක්ද?
ඇත්තටම ඕස්ටේ්‍රලියාවේ ඉඳලා ආ පසු බොහෝ නිර්මාණකරුවන් වෙතින් ටෙලි චරිත සඳහා ආරාධනා ලැබුණා. නමුත් දැන් මේ යන විදිය එක්ක ටිකක් නිහඬව හිටියොත් හොඳයි කියලා හිතුවා. සමහර චරිත අපි ඉස්සර දායක වූ චරිතමෙන් ගොඩනැගිලා නැහැ. ඒ නිසා හෙමින් ගමනක් යෑම හොඳයි කියලා හිතුවා. මේ අවස්ථාවේදී තමයි අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ “තුන්පත් රෑණ” චිත්‍රපටයට සම්බන්ධ වීමට අවකාශය ලැබුණෙත්, පසුව නේපාලයේ දී රූගත කළ උපාලි ගම්ලත්ගෙ “කළු හිම” නිර්මාණයෙත් චරිතයක් රඟපෑවා.
● “මද්දහන” චරිතය ගැන හැඳින්වීමක් කළොත්?
මම එහි රඟපාන්නෙ “නාලනි” නමැති චරිතයයි. එයා පවුලේ වැඩිමලා. මෙහි විශේෂත්වය වන්නෙ වේදිකාවේ සිටින දක්ෂ රංග ශිල්පී පිරිසක් මීට දායක කරගෙන තිබීමයි. ඒ නිසා කිසිම චරිතයක් හොඳ නැහැ කියන්න බැරි තරමට හරි අපූර්ත්වයකින් ගලා යන්නෙ. ප්‍රේක්ෂකයින්ගෙ බොහොමයක් වූ අනුකම්පාව ලැබෙන චරිතයක් තමයි මට ලැබී තිබෙන්නෙ. තමුන් පමණට වඩා පවුලේ සහෝදරයින් ගැන කැපවෙන චරිතයක්. ඉරිදා රාත්‍රි 9.00ට ස්වාධීන රූපවාහිනියෙන් පිදෙන ඉතා හොඳ ටෙලි නිර්මාණයක් බව පුද්ගලිකව මට කියන්න පුළුවනි.
● අදටත් ප්‍රේක්ෂකාගාරය ඔබ ගැන කතාවන්නෙ ඔබගෙ කිනම් චරිතය ගැනද?
වත්මන් තරුණ පරපුර කෙසේ වෙතත්, අදටත් මාව පෙර රඟපෑ චරිත නිසාම වැළඳගත්තා යැයි කිව්වොත් නිවැරදියි.
● ඇයි ඔබට එලෙසින් ප්‍රතිචාර ලැබෙන්නෙ කුමක් නිසා කියලද හිතන්නෙ?
මම හිතන්නෙ මගේ දක්ෂකම නිසා කියලයි. ඒ නිසා මතකයේ රැඳෙන චරිත කළ හැකි වූ බව මගේ විශ්වාසයයි.
● බොහෝ දෙනෙක් ඕස්ටේ්‍රලියාවට යන්නෙ ස්ථාවර ජීවිතයක් ගත කරන්නයි. ඒත් ඔබ ඇයි ඕස්ටේ්‍රලියාව දාලා නැවත ආවේ?
ඇත්තටම අපට දීර්ඝකාලීනව පදිංචිව සිටිය හැකියි. නමුත් අපි දෙන්නම විශ්වාස කළේ නැවතත් ලංකාවට ඇවිත් අපට හැකි විදියට කලා කේෂ්ත්‍රයට දායක වීමටයි. ඒ හැර වෙන දෙයක් නිසා නෙවෙයි නැවත ලංකාවට ආවේ. මෙහි ගෙවන ජීවන රටාවට වඩා ඔස්ටේ්‍රලියාවේ ගෙවන ජීවිතය වඩා සුව පහසු වගේම ආර්ථික අතිනුත් මීට වඩා හොඳයි. එලෙසින් ජීවිතයක් ගත කළ හැකියි. ඒත් තවම අපි ලංකාවට ආදරෙයි. අනෙක් කලාකරුවො හැටියට ලෝකයේ කොතැනක සිටියත් තමුන්ගේ රටේ - තමුන්ගේ මිනිසුන්ගෙන් ලබන ප්‍රතිචාර සමග ජීවත්වනවා වගේ සතුටක් තවත් නැහැ.
● මෙහි ගෙවන ජීවිතය කර්කශයි නේද? එය දැනෙන්නේ කොහොමද?
ඒ කර්කශ රිද්මය අපේ ජීවිතවලට දුරස්ථ නැහැ. ඒක නිසා ඔස්ටේ්‍රලියාවේ ගෙවන සුඛෝපභෝගී ජීවිතය ඇතුළෙ අපට කළ කිරීම් සහ හුදෙකලාව නොදැණුනාම නෙවෙයි. සියලුම දේ තිබුණත් අපේ පිරිස අපට නැහැනෙ කියන සිතිවිල්ල එනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්.! (ර)
ශ්‍රීලාංකික ටෙලිනාට්‍ය කසල ගොඩේ අහඹුවක් ලෙස පැල වුණු මල් පැලයක්. රංගනයෙන් දායක වෙන හැම දෙනාම ඊට හේතුවයි. ශානිති දිසානායක නම් අපේ කාලයේ ලේකිඛාවගේ නවකතාවක් පාදක කරගැනීමත්, නවමු අද්‍යක්ෂනයත් "මද්දහනේ" විශිෂ්ඨතත්වයට හේතුවයි. ගයනි ඔබේ රංග පෑම තුළ ගමේ අක්කත් ඇගේ ආදරයත් කරුණාවත් නැවත මතක් කර දෙන්නේ ඇසට කුඳුලක්ද එක කරමින්. ඔබට සුභ පැතුම්.! (ර)
ස්ටුඩන්ට් වීසා වලින් ගියහම ආපහු එන්න වෙනවා. ඒක නිසයි එන්නේ. නැතුව කලාවට තියන ආදරේට නෙවෙයි. බොරු සෝබන කතා. (ර)
ඔබට සුබ පැතුම්! (නි)
මේක්අප් නිසා අඳුනාගන්නත් බැහැ. (නි)
ලස්සනයි (නි)
ලස්සනයි ඇය... (නි)
මේක්අප් හරි නැහැ මට නම් (නි)
ඇය ඇත්තටම ලස්සනයි. (නි)
මේ ලස්සන මුහුණ තව ලස්සන වෙනවා නේද ලස්සනට හිනා වුණා නම්? (නි)
ඇය ඇත්තටම ලස්සනයි .අවංක කමකුත් පේනවා. (බ)
ඔබ මද්දහනේ විශිෂ්ට රංගනයක් කරනවා. හොඳ චරිත තෝරාගන්න.ඔබට හොඳ අනාගතයක් තියෙනවා. (අ)
මම කැමතිම නිළියක් (බ)
හොඳ කලාකාරියක් (කෞ)
ලස්සනයි
ඔබට මාගේ සුභ පැතුම්! (නි)
රුවිනි නගා රට ගිහිල්ල ඉඳල තියෙනවද ? හිටිය නම් තේරෙයි රටක තනියම ඉන්නකොට ..යාලුවෝ නෑදෑයෝ නැති වුනහම තියෙන අඩුව. (ර)
ඉතාමත් සංවේදී චරිත රඟපෑ හැකි විශිෂ්ට ගණයේ කලාකාරිනියකි (නි)
හැමවිටම අනුන්ගේ අඩුපාඩු, පෞද්ගලික ජීවිත ගැන හොයන එක හරිම හිරිකිත පුරුද්දක් හැටියටයි මා නම් දකින්නේ. ගයනි ඉතාම සිත් ගන්නාසුළු දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස පෙනේ, ඔබට සුබ පැතුම්.(ම)
අපි දන්නවා ගොඩක් විස්තර (නි)
අපෝ! මොකද මේ මෙච්චර මේකප් ගොඩක්? (නි)
ඔබට සදා ජය! (නි)