නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හැරුණු විට ශ්‍රී ලංකාවට සුළි සුළං හෝ කුණාටු අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එහි අධ්‍යක්ෂ එස්.එච්.කාරියවසම් මහතා පවසන්නේ ප්‍රධාන වශයෙන් නිරිත දිගින් හමන මෝසම් සුළං ප්‍රවාහ එක්වීමෙන් හෙවත් අභිසාරී වීම හේතුවෙන් තද සුළං තත්ත්වයක් ඇතිවන බවයි. සිකුරාදා රාත්‍රී කාලයේ දිවයින හරහා හමා ගියේ එවැනි තද සුළඟක් බවත් අද දිනයේද වැසි සමග මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදුබඩ ප්‍රදේශයේ විටින් විට එවැනි සුළං ඇතිවිය හැකි බවත් ඒ මහතා පවසයි. මෙම සුළඟේ වේගය ඇතැම් අවස්තා වලදි පැයට කිලෝ මීට 80 ක් දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි සමග රට අභ්‍යන්තරයේද තද සුළං ඇතිවිය හැකි බවත් දිවයින අවට මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් ඈත්ව සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම්ප්‍රදායික ධිවරයින් මාසේ පෝය දිනයේ මුහුදු රැකියාවේ නොයෙදෙයි,ගියවර කුණාටුවටද අසුවුයේ මෙලෙස මුහුදු ගිය කප්පරතොට පිරිසකි, ඒවර 45 දෙනෙකු මිය ගියේය, මිරිස්ස ධීවරයින් ගියවර සහ මෙවරද බේරුණේ එබැවින් බව මිරිස්ස ධීවරයින් පවසයි.(ස)
කාලගුණ දෙපාර්තමේන්තුව 'දැන්ද කියන්නේ' මුහුදු යන්න එපාකියාල. ඊයේ නිවාඩුද ඒ අයට?(ස)
කාරියවසම් මහත්තයෝ අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ. (ස)
කාළගුණය ඔයාලට බැනුම් අහන්න වෙන්නේ නැහැ කවදා හෝ හුලං එනවා කියලා දැම්මානම්.(නදී)
කාලගුණේට පුලුවන් මොකක් හරි උනාට පස්සෙ එක මොකක්ද කියල කියන්න විතරයි. ලන්කාවට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය තිබුනාම ඇති ඔය වැඩේට නම්.(නදී)
මිනිස් ජීවිත රාශියක් අනතුරට ඇද දමමින් මෙතරම් දැඩි කාලගුණ විපර්යාසයක් සිදුවෙද්දී කාලගුණ විද්‍යාඥයින්ට කල්තියා අනාවැකියක් හරිහැටි කීමට නුපුළුවන් වුයේ ඇයි? (ස)
මහසෙන් කියලා කලින් අපි කුණාටුවකට නම දැම්මා. මේකට මොකක් කියලා දායිද දන්නෙ නැහැ (නි)
නිකන් රටේ සල්ලි නාස්ති කරනවා මෙයාල. වහාම මෙයාලව ගෙදර යැවිය යුතු වේ.කාලගුණ දෙපාර්තුමේන්තුවෙන් සත පහක සෙතක් රටට නැත.(ත)
කාලගුනේ අනාවැකි හරියට කිව්වනේ ..... අවුල තියෙන්නේ ඒවා පිළිගෙන මිනිස්සු ගෙදර ඉන්නද.... අනිවාර්යයෙන්ම වෙනවා කියල කවුරුවත් කියන්නේ නැහැනේ.. අනික තම පවුලේ කුසගිනි නිවන්න මුහුදු යන අය යන්නම ඕනේ ...... අනිවාර්යයෙන්ම යන්න එපා කියනවනම් ගොඩක් අය පරිස්සම් වෙනවා... දෙවිනුවරින් කවුරුවත් මුහුදු නොගිය එක එකට උදාහරණයක්.... (ස)
ඉතාම කණගාටුයි මේ වෙච්ච දේවල් ගැන. වෙනත් රටවල මේ වගේ තත්වයක් යටතේ මුහුදු යන එක තහනම් කරනවා තත්වය හොඳ වෙනකම්. මේකෙන් පාඩමක් අප ඉගෙන ගත යුතුයි. (ස)