IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මද කිපුණු ඇතාගේ දම්වැල ගලවන්න හදලා

මද කිපීම නිසා තම ‘සීදේවි‘ ඇතින්න පන්සලට මීටර 300ක් ඈතින් පොල්වත්තක බැඳ දමා සිටිය දී ඇතින්න හා තමා මරණයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් අනුව ඇතින්නගේ දම්වැලක් ගලවන්නට ගත් උත්සාහයක් ගැන පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ කොළොන්නාවේ සුමංගල හිමියන් මහරගම පොලිසියට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

දම්වැල ගලවන්නට ආ පුද්ගලයාගේ සෙරප්පු දෙකක් එහි තිබී ඇතැයි එම සෙරප්පුද පොලිසියට ඉදිරිපත් කරමින් පැමිණිල්ල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමංගල හිමියන් පවසා ඇත්තේ ඇතින්නද මරා තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි.

පන්සලේ දියුණුව ගැන වෛරයෙන් පසුවන පිරිසක් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බව ද ඒ හිමියන්ගේ පැමිණිල්ලේ දැක්වේ.

 

 

 



අදහස් (0)

මද කිපුණු ඇතාගේ දම්වැල ගලවන්න හදලා

ජයකොඩි Monday, 04 August 2014 01:21 PM

ඇතින්නියන්ට මද කිපෙනවා කියලා ඇහුවේ අදමයි ..(අ)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 05 August 2014 04:50 AM

සමන්ත-පියසිරි- ඔයාල දෙන්නගෙම ප්‍රශ්නයට පිළිතුරක් ගන්නට ඔයාල දෙන්නගේ නෝනලා දෙන්නගෙන් විමසලා බලන්න. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 04 August 2014 02:00 PM

නැවත වරක් සසර කෙටිකර ගැනීම සදහා මොනක්‍රමයකින් හෝ කරලියට වඩිනු මැනව හනි හනිකට. නිහඩව ගතකල කාලය මදෑ (නදී)

:       0       0

කුමාර Tuesday, 05 August 2014 10:05 AM

ඇතින්නන්ට මද කිපෙනව කියල මම ඔය ඇහුවමයි (දී)

:       0       0

අමිල Monday, 04 August 2014 02:05 PM

ඔය පන්සලට ගියාම ඒක පන්සලක් ද, සත්තු වත්තක්ද කියල හිතෙනවා. අසරණ සත්තු ගොඩක් ඉන්නවා හිරකරගෙන (නදී)

:       0       0

නස්රී Monday, 04 August 2014 02:23 PM

අම්මාගේ කිරි බොමින් සිටින අලි පැටව් පැහැරගෙන ගොස් ගස් බැඳ හාමතේ තබා, පොලු වලින් පහරදී නොයෙක් ශාරීරික හිරිහැර කර හෙම්බත් කරයි. ඒ සතාගේ ඔද තෙද බිඳ දමයි. වහල් වැඩට සිරකරුවෙකු ලෙස යොදා ගැනීමේ ආරම්භක පියවර මෙයයි. මේ තිරශ්චීන ක්‍රියාවලියට ගොදුරු වූ සතා ආගමික කටයුතුවලට යොදා ගැනීමෙන් ආගමට සිදුවන්නේ ඉතිහාසගත කැළලකි.(නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 05 August 2014 05:38 AM

මේ හාමුදුරුවන්ට මේවගේ ප්‍රශ්න කාලයෙන් කාලයට තියෙනවා. ඒවා උන්වහන්සේ රටේ ජනතාවගේ අවදානය සහ අනුකම්පාව ලබාගන්න කරන දේවල් වෙන්න ඇති. නැතිනම් ඇතින්නකට මදකිපෙන්න බැරි බව වගේම ඇතුන්නි ලවා හාමුදුරුවන්ව ඝාතනය කරන්නත් බැරි බව ඕනෑම පුද්ගලයකුට තේරෙනවා (නදී)

:       0       0

නුවන් Monday, 04 August 2014 02:32 PM

දියුණුව මනින්නේ එහි සිටින අලි ඇතුන් සංඛ්‍යාවෙන් ද ? (අ)

:       0       0

රුවන් Tuesday, 05 August 2014 05:49 AM

අපි නම් එදා ඉඳලාම වඳින්න යන්නේ වැඩි සැරසිලි නැති , අප්‍රසිද්ධ සිල්වත් විනයධර , දේශපාලනයට කිසි සේත්ම සම්බන්ධ නැති හිමි වරුන් වැඩ සිටින මේ ප්‍රදේශයේ කුඩා පන්සලකට. ආගම අදහන්න යන කාරියත් ඉෂ්ඨ වෙනවා. අපේ ලේ කෝප වෙන්නෙත් නැහැ. (දී).

:       0       0

සමන් පෙරේරා Monday, 04 August 2014 02:58 PM

ඇතින්න මද කිපිලා පලමුවතාවට මෙහෙම දෙයක් අහන්න ලැබුනේ (අ)

:       0       0

රන්ජිත් Monday, 04 August 2014 03:12 PM

මේ ඇතින්න අර හිටපු පැටියගේ අම්ම වෙන්න ඇති. එම නිසා වෙන්න ඇති අතිනක් මදකිපෙන්නේ. මේ බොරු කාටද ? (අ)

:       0       0

සෙනරත් Monday, 04 August 2014 03:24 PM

අමිලගේ අදහස සහතික ඇත්ත.සතුන් හිර කරගෙන ඉන්නේ තට්ටු තුනක් විතර උස දැල් ආවරණ යෙදු ගොඩනැගිල්ලක.එහි මැකෝ වැනි පක්ෂීන් රාශියක් හිර කරගෙන ඉන්නවා.(අ)

:       0       0

දේශාන් ද සිල්වා Monday, 04 August 2014 03:57 PM

පහුගිය දවස්වල ඔය පන්සලේම නේද අර ඇත් පැටියත් නීති විරෝධිව ඉදලා අරන් ගියේ. (නදී)

:       0       0

නස්රී Monday, 04 August 2014 04:15 PM

අම්මාගේ කිරි බොමින් සිටින හරක් පැටව් පැහැරගෙන ගොස් ගස් බැඳ හාමතේ තබා, පොලු වලින් පහරදී නොයෙක් ශාරීරික හිරිහැර කර අවසානයේ මරා දමා රස කර කර ගිල දමයි. මේ තිරශ්චීන ක්‍රියාවලියට ගොදුරු වූ සතා ආහාරයට ගැනීමෙන් අදාල ආගමට සිදුවන්නේ ඉතිහාසගත කැළලකි. (නදී)

:       0       0

කොළඹගේ Monday, 04 August 2014 04:20 PM

මේ අපිට අල්පේච්ඡ ජීවිත ගත කරන්න බන කියන හාමුදුරුවරු නේද? (නදී)

:       0       0

සංජීව Tuesday, 05 August 2014 08:44 PM

අනේ මෙහෙමත් කට්ටිය? (නි)

:       0       0

සම්පත් Monday, 04 August 2014 06:00 PM

හාමුදුරුවනේ, ගොඩක් අය හාමුදුරුවන්ටත් බුදු බන උගන්නනවා. ගණන් ගන්න එපා, ඔබතුමා වැඩ පිලිවල ඉදිරියටම කරගෙන යන්න. (නදී)

:       0       0

සරත් Monday, 04 August 2014 08:34 PM

මෙතන ඉන්න කට්ටිය මේ කෑගහන්නේ හාමුදුරුවෝ අලියා මරල කන්න හැදුවා වගේ නේ. ඔයාල ගෙදර බල්ලොත් ඇති කරනවා නේද උන්ව ආදරයෙන් බලාගෙන, කෑමත් දෙනවා නේද ? (නදී)

:       0       0

සරත් Monday, 04 August 2014 08:36 PM

මෙතන ඉන්න අය ඇතා / ඇතින්න ගේ වෙනස දන්නෙත් නැහැ වගේ? අලියා /ඇතා මොන වගේද කියල හොයල බලන්න (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 04 August 2014 08:56 PM

ස්වාමින් වහන්ස, අපි ඔය ඇතින්න සත්තු වත්තට භාර දෙමුද?ප්‍ රජනක විභවය ඇති සතුන් තනිකඩ කිරීමෙන් අනාගත ශ්‍රී ලාංකික ඇත් පරපුර නැති වීමට ඉඩ ඇති නිසා (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 04 August 2014 10:04 PM

කිසිම තිරිසන් සතෙක් ඇති දැඩි කිරීම හාමුදුරුවරන්ට තහනම් කරලා විනය නීතියක් තියෙනවා නේද (නදී)

:       0       0

හෂාන් Thursday, 07 August 2014 12:30 PM

දැන් මොකක්ද මේ ගැන කරන්නේ? (නි)

:       0       0

සමන්ති Tuesday, 05 August 2014 12:29 AM

මෙතන සත්ව උද්‍යානයක් වගේ කියලා රේඩියෝ නාලිකාවක ප්‍රචාරය උනා මතකද ? ඇවිල්ලම බලන්න (නදී)

:       0       0

සංජු Tuesday, 05 August 2014 12:49 AM

ඔබ වහන්සේ පිලිබඳව මේ රටේ උගත් ගිහියන් තුළ ඇත්තේ විශාල කලකිරීමක්. පක්ෂ දේශපාලනය, අසපු මාලිගා ඉන්ද්‍රජාලික බොරු ලෝක වලට මිනිස්සු ගෙනයන පුජා වලින් බුදුදහමට කරපු හානිය අපමනයි (නදී)

:       0       0

පියසිරි බංඩාර Tuesday, 05 August 2014 02:02 AM

ඇතින්නක් මද කිපිලා කියල අහපු පළමු වතාව (නදී)

:       0       0

ප්‍රසංග Tuesday, 05 August 2014 02:07 AM

මේක අහල අපේ ගැහැණු උදවියත් කිපුනොත් තමා වැඩේ (නදී)

:       0       0

විජේ Tuesday, 05 August 2014 02:34 AM

මම මේ නොදන්නාකමට අහන්නේ. මද කිපුණ සතා ළඟට දම්වැල ගලවන්න වුණත් යන්න පුලුවන්ද? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 August 2014 01:33 PM

මොකද වෙන්නේ එතකොට (දී)

:       0       0

සේරම් Tuesday, 05 August 2014 02:54 AM

සම්පත්, සරත් කටින්ද කතා කරන්නේ බුදුහාමුදුරුවන් වහන්සේ පුස් පැටියෙක්වත් සුරතලයට හදල නෑ. උන්ට සුදුසු උන් ඉපදුන පරිසරය. (නදී)

:       0       0

ප්‍රින්සස් Tuesday, 05 August 2014 01:44 PM

අහිංසක මිනිසුන්ට බොරු චෝදනා එල්ල කරන්නේ ඇයි හාමුදුරුවනේ (නදී)

:       0       0

රාජපක්ෂ Tuesday, 05 August 2014 03:42 AM

වැවුරුකන්නල පන්සලේදී බුදුරැස් විහිදුවන්න ගිහින් ලෙඩක් දාගත්තා නේද ටික කලකට ඉහතදී. දැන් සත්තු වත්තක් දමාගෙන. අනේ අපිට බුද්ද සාසනය ගැන කලකිරවන්න එපා හාමුදුරුවනේ. පින් සිද්ද වෙනවා. (නදී)

:       0       0

වන්නිනායක Monday, 04 August 2014 12:41 PM

බුදුන් වැඩ හුන් දෙවුරම් වෙහෙරේ අලි ඇතුන් ගැට ගහල හිටිය බවක් කොතනකවත් සදහන් වෙලා තිබුනද ? නිවන් මාර්ගයට ලබන දියුණුව නම් අත් ඇරීම මිස ගැට ගැසීම නොවෙයි (නදී)

:       0       0

කුමාරි Tuesday, 05 August 2014 02:15 PM

අන්න බබෝ ඇතින්නියක් මද කිපිලා සිටින්නියක් ඇත් ගොවුවා ලඟට නොයයි ගම් වැසියෝ යදම් බිඳී...(නදී)

:       0       0

මංජු ශ්‍රී Monday, 04 August 2014 01:01 PM

වන්නිනායක හරියටම හරි (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 05 August 2014 04:10 AM

බුදුරජානන් වහන්සේ ධර්මය දේශනා කලේ සසර යමින් බැදී සත්වයින් එයින් මුදවා සසරින් එතෙර කිරීමටයි. උන්වහන්සේ ගේ නාමයෙන් අලියෙකුට තබා කුහුබියෙක් වත් යමින් බද දැමීම නියම බෞද්ධයෙකුට අනුමත කල හැකිද (නදී)

:       0       0

ඩී.උපුල් Monday, 04 August 2014 01:11 PM

පාර්ලිමේන්තුවට ගියෙත් සසර කෙටි කර ගන්න වෙන්නැති. (නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 04 August 2014 01:17 PM

අපේ බුද්ධ සාසනයට ගිය කල. මහන දම් පුරන්නේ ඇයි කියෙන එකේ තේරුමවත් කියල දෙන්නවත් කවුරුවත් නැද්ද (නදී)

:       0       0

සීලා Monday, 04 August 2014 01:19 PM

අැයි දෙයියනේ හාමුරුවන්ට අලි ඕනේ මොකටද ? (නදී)

:       0       0

ජොහාන් Monday, 04 August 2014 01:22 PM

ගැහැනු සත්තු එහෙම වෙනවාද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 248 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 342 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 841 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 476 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2532 5

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 625 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1278 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1537 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site