(ලක්මි කුඩලිගම)

මතුගම කන්ද ප්‍රදේශයට ජලය සපයන ජල ටැංකිය ආසන්නයේ නිවසකට ඊයේ (04) රාත්‍රී වෙඩි වෙඩි තැබීමක් සිදුව ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

යතුරුපැදියකින් නාදුණන පුද්ගලයන් දෙදෙනකු පැමිණ වෙඩි තැබීමක් සිදු කර පලා ගොස් ඇති බවත්.එම නිවසේ ඉදිරිපස ජනේලයට, බිත්තිවලට හා කැබිනට් එකට හානි සිදුවී ඇති අතර මෙම වෙඩි තැබීම ශොට්ගන් වර්ගයේ අවියකට සමාන අඩවියකින් සිදු කර ඇති බවට නිරික්ෂණය වන බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සුරේෂ් යන අය බිරිඳ සහ දරුවා නිවසේ රැඳී සිට ඇති අතර ඔවුන්ට තුවාල හෝ හානියක් සිදුවී නොමැත.