(සුජිත් හේවාජුලිගේ)

මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ භාවිතයට සම්බන්ධ වන කිසිදු නිලධාරියෙකු පොලිස් සේවයේ තබා නොගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය

එවැනි  නිලධාරීන් ආරක්ෂා කිරීමට කිසි  ලෙසකින්  හෝ කටයුතු නොකරන බවද ඔහු ප්‍රකාශ කළේය.

යම් යම් නිලධාරීන් අතින් සිදුවන අකටයුතුකම්, නොසැලකිලිමත්කම් සහ පැහැර හැරීම් හේතුවෙන් පොලිසිය කෙරෙහි ඇති මහජන විශ්වාසය වරින් වර පලුදු වන බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු මෙසේ පැවසුවේ මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.