ආණ්ඩුවට තව මන්ත්‍රීවරු දහ දෙනකු එකතුවන බව වරාය කටයුතු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (18) බද්දේගම අධිකරණයට පැමිණි අවස්ථාවේ කීවේය.
ජනපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවකට ගිනි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය ගොනු කළ නඩුවකට පෙනී සිටිම සඳහා ඔහු අද එහි ගියේය.
නඩුව ලබන 15 වැනිදාට කල් තැබිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සාස්තර කී සුමනදාස අබේගුණවර්ධනද ගාලු වැසියෙකි.
COMMENTS
මේ වගේ මිනිස්සු ගැන කියවන්න ලැබෙන එකත් පාපයක් කියලයි අපි නම් හිතන්නේ (නි)
මේ අය තම මහින්දට වල කැපුවේ. දැන් සාස්තර කියන්න පටන් අරන්. (ම)
එතකොට මෙයාලට ඇමතිකම් දෙන අය කව්ද කුමාර? (අ)
ලැජ්ජාවක් නැත්තේ මෙයාලටද එහෙමත් නැත්නම් අපිටද. (නි)
නඩුව දිනාගන්න කියවනවාද මන්දා? (නි)
මෙයාටත් පේන කියන්න පුළුවන් වෙලාද දැන්? (නි)
මුන් තමයි මහින්ද කෑවේ. දැන් මේ ලොක්කවත් කන්න යනවා. (බ)
කොහෙට හරි මුක්කුවක් ගහල ජීවත් වෙන්න තමයි බලන්නේ.පිසාචයෝද, නැත්නම් මැක්කොද, ගෙවලයෝද (බ)
මුන් ගෙම්බො වගේ හැම පැත්තටම පනිනවා. තමන්ගේ වාසියට (බ)
මේ රට කන, රටේ සම්පත් කන, රටේ නීතිය කාදමන මෙවැනි අය මොන දේකටද රට පාලනයට එකතුවී ඉන්නේ? (බ)
මෙයාලා නොවෙයි කකුල් දෙකේ හරක්, මෙයාලට ඡන්දෙ දෙන මිනිස්සු. (බ)