ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට වඳුරබ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටි ආධාරකරුවන් සිව් දෙනකු බලයෙන් පැහැරගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සන්ධාන මන්ත්‍රී හා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමට එරෙහි නඩුව බද්දේගම උසාවියේ අද විභාගයට ගැනිනි.
මුතුහෙට්ටිගම අද අධිකරණයට පැමිණ සිටියේය.
නඩුව දෙසැම්බර 14ට කල් තැබිණි.
(ජායාරූප හා විඩියෝ - දිපාල් ද සිල්වා )

![02-[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/02-1.jpg)
![03-[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/03-1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයන්ට රට හදන්න උවමනාවක් නැත. (ර)
ඒ දවස්වල බලය අයුතු ලෙස පරිහරණය කළ අය තමයි ඔය. නිතිය පොඩි ලොකු සැමට පොදු විය යුතුයි.එවිටයි අධිකරණ හා නීතියේ ආදිපත්‍ය කෙරෙහි රටවැසියා පැහැදීමක් ඇතිකරගන්නේ. (බ)
ඉක්මණින් නඩුව අසා තීන්දුවක් දෙන්න (නි)
නීතිය සාමාන්‍ය ජනතාවගේ හිසට ඉහළින් පමණක් නොව එතුමාගේ හිසට ඉහළිනුත් පවතින බව තේරුම් ගැනීම සතුටට කරුණක්. (නි)
නිතියෙන් දියහැකි ඉහළම දඬුවම ලබාදෙන්න (නි)
මේ නඩු ඉක්මනින් අසා තීන්දු දුනහොත් යහපාලනයේ හරි වැරදි දැනගත හැකියි. තවම වරදකාරයෙක් වුණු කෙනෙක් දැක්කේ නැහැ අපි (නි)
දඬුවම් දෙනවනම්, මීට වඩා දල ඇත්තු ඉන්නවා. දැන්නම්, යහපාලනයේ උදවියවත් විශ්වාස කරන්න බැහැ. බලය ගන්නකම් ගොඩක් දේවල් කිව්වා. දැන් ඉතින් උනුත් එකයි මුනුත් එකයි කියන්නයි වෙලා තියෙන්නේ. මේකයි ලංකාවේ ගඳ ගහන දේශපාලනය..(බ)
"වර්තමාන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදිහට මේ නඩුව පුස්සක් වෙයි කියල" තමයි එතුමාගේ බලාපොරොත්තුව? එතකොට, තරාතිරම මොකක් වුනත් රටේ නීති කඩන්නේ,නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බාධා කරන්නේ පිරුණු මිනිස්සුද? එහෙම නැත්නම්, පුස්සොද? මෙන්න මේ ටික තමයි අපිටත් තවම හිතා ගන්න බැරි? (බ)
වරදක් කර ඇත්නම් දඩුවම් දිය යුතුයි. (ර)
මෙයා උප ඇමති කම් ගත්ත හේතුව අපිට හිතා ගත හැකි.(ම)
ඉක්මනිම වැරිදිකරුවන්ට දඩුවම් දීලා රට හදමු. (ර)