යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන නොවැම්බර් මාසයේදී එම සංගමයේ නියෝජිතයකු මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ තානාපති ඩේවිඩ් ඩේලි සඳහන් කර සිටින්නේ එම නියෝජිතයා ශ්‍රී ලංකා රජය සමඟ දැනට පවතින මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ඔහු කියා සිටියේ දෙපාර්ශවය අතර සිදුවන සාකච්ඡාවලින් අනතුරුව සාර්ථක විසඳුමකට පැමිණිය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.
ඉකුත් ජනවාරි මාසයේ සිට යුරෝපා සංගමය ලංකාවට එරෙහි මෙම මත්ස්‍ය තහනම පැනවුයේ ශ්‍රී ලංකාවේ ධීවරයින් ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත බව පවසමිනි. පසුගිය රජය යටතේ යුරෝපා සංගමය මේ පිළිබඳව වරින්වර දැනුම්වත් කළද ඒවා නැවැත්වීමට නිසි පියවර නොගැනීම නිසා එම සංගමය මෙම මෙරටින් මත්ස්‍ය නිෂ්පාදන ගැනීම තහනම් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරලා හරි කමක් නැහැ මේ ප්‍රශ්න වල ඉක්මනින් අවසානයක් දකින්න පුලුවන් නම් (නි)
මාළු පිටරට යැවීම තහනම් කරමු. අපේ මාළු කල්තබා ගන්නා මහපරිමාණයේ ශීතාගාර පහසුකම් ඇති කරමු. පරිසරයට හිතකාමි මසුන් මැරීමේ ක්‍රම ධීවරයාට හඳුන්වා දෙමු. එවිට ලංකාවේ පාරිභෝගිකයාට සාධාරණ මිලට මාළු කෑල්ලක් කන්න පුළුවන්. එමඟින් රටේ ජීවන බර අඩුවෙන අතර ධීවරයත් ආරක්ෂා වේ. ටින් මාළු සඳහා පිටරටට ඇදී යන විදේශ විනිමයද ඉතුරු වේ.ජනතාව ඉල්ලන්නේ ජීවනබර අඩුකරන්න මිස මුදලාලිලා පොහොසත් කරන්න කියා නොවේ.මේ ප්‍රශ්නයේදී ඔය විදේශ නියෝජිතයන්ගේ කොන්දේසි වලට යටත්වීමට අපට උවමනා නැත. ඔහුව සාදරයෙන් පිළිගෙන අපේ රටේ තත්වය ඔහුට පහදාදෙමු (නි)
මේ ප්‍රශ්නය මෙහෙම සරලව කතා කලහැකි එකක් නොවෙඉ ගැඹුරින් සිත බැලිය යුතු එකක් හදවතින් නොව බුද්ධියට ඉඩදෙන්න (ම)
ද සිල්වා - බර්ලින්ට මල් මිටක්! ළංකර ගන්න ඕනෑ මෙන්න මේ වගේ රටට ආදරය ඇති තිරසාර සංවර්ධනයක් ගැන අවබෝධයක් ඇති මිනිස්සු. (නි)
ඇයි අපිට අපේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බැරි? (නි)
ඔය පිටරට යවන හොඳ තත්වයේ ඉස්සන්, පොකිරිස්සන් ලංකාවේ ඇති සංචාරක අවන්හල් සහ සංචාරක හෝටල් හරහා විදේශීය සංචාරකයන්ට ලබාදීමෙන් රටට විදේශ විනිමය ලැබෙන අතර රට තුළ රැකියා අවස්ථා ඇතිවේ.අපේ රටේ සංචාරක කර්මාන්තයත් දියුණුවේ. අපේ රටේ සම්පත් වන සිලිකා වැලි , රබර් අපි අමු අමුවේම පිටරට පටවමු. එම සම්පත් වලින් වැඩිම ලාභයක් ලබන්නේ පිටරට මිනිසුන්ය. අපේ රටේ මත්ස්‍ය සම්පත පිටරට නොයවමු. දැන් අවශ්‍ය වන්නේ හොඳ කළමනාකරණයකි (නි)
බර්ලින් නිවැරදිව අදහස් ඉදිරිපත් කළා.අපේ මුහුදේ මාළු අස්වැන්න නෙළාගෙන මන්දපෝෂණයෙන් පෙළෙන අපේ දරුවන්ට තරුණයින්ට සහ වියපත් පුද්ගලයන්ට ලබාදෙමු. විදේශයෙන් ටින් මාළු ගෙනෙන්නේ අපේ මාළු සම්පත මදි නිසාද? නැත්නම් නෙළාගැනීමේ නොහැකියාව නිසාද? ධිවර කටයුතු සඳහා තරුණයින් කොරියාවට යැවීමට පෙර ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදී ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල යෙදවිය නොහැකිද? (නි)
ලංකාවේ‘ මාලු ප්‍රශ්නනය විසඳුනොත් හොඳයි (රේ)
ලකාවේ මාලු අස්වැන්න අපේ ප්‍රයෝජනයටත්මදි , අපි පිටින් මාළු ගේනවා , අපි මොකටද මාළු රට යවන්නේ අපි හාමතේ මලු මුදලාලිලා නම් පෝසත් වේවි , (අ)
ලංකාව වටේ තිබෙන මුහුදෙ ලුණු ගතිය වැඩි නිසා මාළු රසයි. රටින් ගෙනෙන මාළු රස නැහැ (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
තමිල්නාඩුවේ ඉන්දීය ධීවරයෝ ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීම ජාත්‍යන්තර මුහුදු සීමා කඩකිරීමක් ලෙස යුරෝපා සංගමය නොසලකන්නේ ඇයි.(අ)