පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට මැතිසබයට පෝස්ටර් ගෙන ඒමේ නිදහස ඇතැයි ද, ඉන් කිසිවකුටත් අනතුරක් සිදු නොවන්නේයැයි ද කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය පෙර දින පෝස්ටර් ගෙන ඒම ගැන පත් කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් පැවසුවේ පෝස්ටර් සමග අනතුරු දායක බෝම්බ වැනි දේත් ගෙන ආ හැකි බවයි.
කතානායක - පෝස්ටර් ලියාගෙන ආවාට ප්‍රශ්නයක් නෑ. අනතුරු වන දේ ගෙන ආවොත් පරීක්ෂා කරන්න උපකරන තිබෙනවා. ඒවා සොයා ගන්න පුළුවන්. ඔබතුමාටත් ඕනෑ නම් මෙහෙම පෝස්ටර් ගෙනවුත් අල්ලන් ඉන්න පුළුවන්.
එජප මන්ත්‍රී එරාන් වික්‍රමරත්න - අස්වර් මන්ත්‍රීවරයා කතා නායකතුමා නොසිටින අවස්ථාවල දී රීති ප්‍රශ්න මුවාවෙන් මන්ත්‍රීවරුන්ගේ කතාවලට බාධා කරනවා. 2010 අප්‍රේල් මාසයේ සිට ඔහු මතු කළේ රීති ප්‍රශ්නදැයි සොයා බලන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පෝස්ටරේක උෟරෙක් ඇඳගෙන ඇවිල්ල අල්ලාගෙන ඉන්න.(නදී)
මහා මාන්නය ජෝන් කොතලාවල.(නදී)
කතා නායක තුමා සාධාරණ මනුස්සයෙක් (අ)
ඇත්තටම මම හිතන්නේ මේක අනවශ්‍ය වැඩක් කියලා (දී)
මෙච්චර තමා අඩුවෙලා තිබුනේ (දී)
පෝස්ටර් ගෙනාවට කමක් නෑ පොලුවල අමුනගෙන එන්නේ නැතුව. මතකනේ සෙන්කොලේට වෙච්ච වැඩේ. අනිත් එක ඔතන නාහෙට අහන්නේ නැති අයනේ පාර්ලිමේන්තුවට එන්නේ. මේ වෙලාවේ මහා මාන්නය ජෝන් කොතලාවල මැතිතුමා 1952 කියපු කතාවක් මතක් වෙනවා. මට ඒක ප්‍රසිද්දියේ කියන්න බැහැ.(නදී)
තාප්ප වැහෙන්න පෝස්ටර් ගහලා ඔතෙන්ට ආපු මිනිසුන් පෝස්ටරේ අත හරියිද. (නදී)
අස්වර් නානා කරච්චල් වානා.(නදී)